slc
logo
Home   |    News
මාර්තු 3, 2022
ICC මුලික පුහුණු සහතිකය

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ අධ්‍යාපන අංශය (Coach Education Unit) සහ ICC පුහුණු සහ අධ්‍යාපන අංශය එක්ව දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීම  අරමුණු කරගනිමින් ක්‍රිකට් පුහුණුකරුවන් වර්ධනය කිරීමට නවතම වැඩසටහනක් හඳුන්වා දී තිබේ.

ICC මුලික පුහුණු සහතිකය මේ සඳහා අවස්ථාව ලබා දෙන ලද පළමු වැඩසටහන වන අතර, විධිමත් පුහුණු සුදුසුකම් සඳහා ප්‍රවේශ වීමට මෙය උපකාරී වේ. මෙම පාඨමාලාව මොඩියුල හයකට ව්‍යුහගත කර ඇති අතර, සම්පුර්ණයෙන්ම ජංගම දුරකථන හෝ පරිඝණක භාවිතයෙන් නිවසේ සිටම සහ ස්වයංවේගයෙන් අවසන් කිරීමට  අවස්ථාව ලැබේ.

මෙම පාඨමාලාව සපයනු ලබන්නේ පූර්ණ ජංගම ඉගෙනුම් පද්ධතියක් වන EdApp මෘධුකාංගය යොදා ගනිමින් වන අතර, ඒ සඳහා විශේෂ වූ ඉගෙනුම් ක්‍රම භාවිතා කර, ඔබේ ඉගෙනුම් ගමන වැඩිදියුණු කිරීම සඳහා ආකර්ශනීය පරිසරයක් ලබා දී ඇත. ඔබේ පුහුණුවට සහ සංවර්ධනයට කෙටි, තියුණු ආකාරයන්ගෙන් සහාය වන ආකාරයට නිර්මාණය කර ඇති මෙම පුහුණු පාඨමාලාව ඔබට ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක සිට ඉගෙන ගත හැකිය. .

ඉතින් අදම මේ සඳහා ලියාපදිංචි වන්න!

අපේක්ෂා සහගත නව පුහුණුකරුවන් සඳහා වන පළමු පියවර වන්නේ ICC මුලික පුහුණු සහතිකය ලබා ගැනීමයි – නව සහ ආධුනික ක්‍රීඩකයන්ට විනෝදාත්මක අත්දැකීම් ලබා දීමට සුදුසුකම් ලත් පුහුණුකරුවන්ට සහාය වීමට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කරන පාඨමාලාවකි.

මෙම පාඨමාලාවට ක්‍රීඩාව පිළිබඳ කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නොවන අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික කරුණු සහ ක්‍රිකට් සැසි සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය දේ ඉගෙන ගන්නන්ට අවස්ථාව දෙයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ඉගැනීම සිදුකල හැකි බැවින් සහභාගිවන්නන්ට තමන් කැමති භාෂාවක් තෝරා ගැනීමට අවස්ථාව තිබේ.

ICC මුලික පුහුණු සහතිකය

සම්පූර්ණයෙන්ම ස්වයංව කල හැකි වන අතර, එයින් අදහස් කරන්නේ එය ඉගෙන ගන්නන්ට අවශ්‍ය පරිදි වේගයෙන් හෝ මන්දගාමී ලෙස කළ හැකි අතර සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා බෙදා හරිනු ලැබේ.

ICC මුලික පුහුණු සහතිකය මොඩියුල හයකින් සමන්විත වේ:

  • ක්‍රීඩාව,
  • ආරක්ෂාව සහ සියලුම ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම,
  • ක්‍රීඩකයන්,
  • පුහුණුකරු,
  • ඵලදායී පුහුණු සැසි
  • තරඟ දිනය

එක් එක් මොඩියුලය අවසානයේ ඇගයීම් ලබා ගත හැකි අතර, මීළඟ මොඩියුලයට යාමට පෙර අපේක්ෂා කරන පුහුණුකරුට 75% ක සමත්වීමක් තිබීම අවශ්‍ය වේ. මොඩියුල හයම සහ එක් එක් ඇගයීම් අවසන් වූ පසු, සම්පූර්ණ කිරීමේ සහතිකයක් ICC ය විසින් නිකුත් කරනු ලැබේ.

ලියාපදිංචි වී ඉගෙනීම ආරම්භ කිරීමට මෙය ක්ලික් කරන්න.- https://www.edapp.com/icc/

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar