slc
logo
Home   |    News
මැයි 29, 2022
එස්. එස්. සී. පිලට එරෙහිව වරාය අධිකාරිය ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ අද (28)  දිනයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය (එස් කැපිටල්) විශාල පෙරළියක් සිදුකරමින් ප්‍රබල එස්.එස්.සී. පිල ලකුණු නවයකින් පරාජයට පත්කළේය. මීට අමතරව ගුවන් හමුදාව, මූවර්ස්, බ්ලූම්ෆීල්ඩ්, කුරුණෑගල යූත් සහ සරසන්ස් කණ්ඩායම්ද ජයග්‍රහණ අත්කර ගත්හ.

වරාය අධිකාරිය සහ එස්.එස්.සී. තරගයේදී වරාය කණ්ඩායමේ තානුක දාබරේ (53) සහ ෂෙහාන් ප්‍රනාන්දු (30) වරාය කණ්ඩායමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් (141)  ලබා දීමට මුල්ව දක්ෂ පිතිහරඹයක නියැළිනි. එස්.එස්.සී. කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට තරුණ ක්‍රීඩක ෂෙවොන් ඩැනියල් (53 යි පන්දු 34 යි හතරේ හතරයි හයේ තුනයි) හුදකලා සටනක නිරත වූවත් ඔහු නවවන කඩුල්ල ලෙස දැවීයාමත් සමග ජයග්‍රහණ බලාපොරත්තු ද නිමාවිය.

බ්ලුම්ෆීල්ඩ් කඩුලු පහක ජයක්

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට බ්ලුම්ෆීල්ඩ්  කණ්ඩායමට පන්දුවාර 14කදී ලකුණු 60ක් ජයග්‍රහණයට අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවාර 13.5 කදී කඩුලු 5ට කට ලකුණු 60ක් ලබා ජයග්‍රහණය අත්කර ගත්තේ ය. එහිදි රමේෂ් නිමන්ත ලකුණු 25ක් ලැබීය.

ගෝල් පන්දුවාර 19.2 කදී සියල්ල දැවි ලකුණු 82 යි – තරිඳු අමරසිංහ 28, චතුර ලක්ෂාන් 13, චානක කොමසාරු 10/3, මලින්ද පෙරේරා 12/2, මාධව වර්ණපුර 15/2

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 13.5කදී කඩුලු 5ට ලකුණු 60 යි – රමේෂ් නමන්ත  25,  දක්ෂිත ප්‍රනාන්දු 09, චතුරංග ලක්ෂාන් 10/2 ,සඳුන් මධුශංඛ 10/2

කුරුණෑගල යූත් පිලට ලකුණු 6 ක ජයක්

කලුතර නගර කණ්ඩායම ඩක්වර්ත් ක්‍රමයට ජය ගැනීමට පන්දුවාර 17කදී ලකුණු 103ක් අවශ්‍ය වූවත් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 97ක් පමණක් ලබා ගැනීමෙන් කුරුණැගල යූත්ට ලකුණු හයක ජයක් අත්විය. කුරුණැගල යූත් කණ්ඩායමේ ධනුෂ්ක ධර්මසිරි ලකුණු පහකට කඩුලු හතරක් දවාලූ අතර එම කණ්ඩායමේ ගයාන් මනීෂාන් ලකුණු 29ක් ලැබීය.

කුරුණෑගල යූත් පන්දුවාර 18කදී සියල්ල දැවී ලකුණු 110 යි – ගයාන් මනීෂාන් 29, අසිත වන්නිනායක 22, කේෂාන් වන්නිආරච්චි 21, ඉන්සක සිරිවර්ධන 11/3, දිල්ෂාන් මෙන්ඩිස් 17/2, ජනිඳු ඉදුවර 26/2

කලුතර නගර කණ්ඩායම පන්දුවාර 17කදී කඩුලු 7ට ලකුණු 97 යි – අමර්ට් කොවුල් 46, තරිඳු සිරිවර්ධන 19, ධනුෂ්ක ධර්මසිරි 5/4

සරසන්ස් පිලට කඩුලු 3 ක ජයක්

සරසන්ස් කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට පන්දුවාර 16කදී ලකුණු 88ක් අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවාර 15.3කදී කඩුලු 7කට ලකුණු 88ක්  ලබා  එම ජය අත් කරගනු ලැබීය. නවිඳු විතානගේ (සරසන්ස්) පන්දු 41කදී හයේ දෙකක් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 41ක් ලැබීය.

ලන්කන් පන්දුවාර 20දී කඩුලු 7ට ලකුණු 100 යි – යේෂිත රණසිංහ 30, රජීව් වීරසිංහ නොදැවී 17, ශෂින් ප්‍රනාන්දු 11, ප්‍රවීන් සඳමාල් 19/2, මල්ෂා තරුපති 15/2

සරසන්ස්  පන්දුවාර 15.2කදී කඩුලු 7ට ලකුණු 88 යි – නවිඳු විත්නගේ නොදැවී 41, සිතාර ගිම්හාන් 20, විරංග වික්‍රමගේ 14/2, රජීව් වීරසිංහ 12/2

මූවර්ස්ට කඩුලු 7ක ජයක්

මුවර්ස් කණ්ඩායමේ  ඩිලාන් රත්නායක ලකුණු 12කට  නාවික හමුදා පිතිකරුවන් හයක්ම දවාලීමෙන් නාවික හමුදා ඉනිම 80කට සීමාවිණි.

නාවික හමුදාව පන්දුවාර 20කදී සියල්ල දැවී 81 – අමිත් එරන්ද 27, ළහිරු  ජයකොඩි 36, පූර්ණ චාරුක 11, ඩිලාන් රත්නායක 12/6, චතුරංග ද සිල්වා 21/2

මූවර්ස් පන්දුවාර 14.2කදී කඩුලු 3ට ලකුණු 82 යි – පසිඳු සූරියබණ්ඩාර නොදැවී 24, මොහොමඩ් ෂිමාස් නොදැවී 21, දිනූක දිල්ෂාන් 14, සචිත්‍ර සේනානායක 18/1

ගුවන් හමුදාව කඩුලු 4ක ජයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළණ විජේසිරි සහ තුන් ඉරියව් ක්‍රීඩක ළසඳ රුක්මාල්  ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබා දුන්හ.

බදුරලිය පන්දුවාර 20කදී කඩුලු 8ට ලකුණු 99 යි – දුනිත් ජයතුංග 29, මොහමඩ් අස්ලාම් 26, ගිහාන් රූපසිංහ 11, ළසඳ රුක්මාල්20/2, නදීෂ ඉෂාන් 9/2

ගුවන් හමුදාව පන්දුවාර 17කදී කඩුලු 6ට ලකුණු 103 යි – කළණ විජේසිරි 37, සිතිජ චමෝද් නොදැවී 22, ළසඳ රුක්මාල් නොදැවී 14, චාමර ප්‍රනාන්දු 15, ලක්මාල් ද සිල්වා 20/2

වරාය අධිකාරියට ලකුණු 9ක ජයක්

තියුණු තරගයකින් පසුව වරාය අධිකාරිය ( ඒස් කැපිටල් ) ලකුණු නවයකින් ප්‍රබල එස්.එස්.සී. පරාජයට පත් කළේය. වරාය කණ්ඩායමේ තනුක දාබරේ පන්දු 34කදී හතරේ හයක් හයේ තුනක් සමග ලකුණු 53ක් රැස් කරමින් තම කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට පත් කළේය එස්.එස්.සී. කණ්ඩායමේ ෂෙවොන් ඩැනියල් හුදකලා සටනක නිරතව හතරේ හතරක් හයේ තුනක් සමග ලකුණූ 53ක් ලැබීය

වරාය අදිකාරිය පන්දුවාර 18කදී කඩුලු 5ට ලකුණු 141 –තානුක දාබරේ 53, ෂෙහාන් ප්‍රනාන්දු 30, හර්ෂ කුරේ නොදැවී 23, අමිත් දාබරේ 15, දසුන් ශානක 30/2

එස්.සී.සී. පන්දුවාර 18කදී කඩුලු 9ට ලකුණු 132 යි – ෂෙවොන් ඩැනියල් 53, ධනුෂ්ක ගුණතිලක 19, දසුන් ශානක 16, ශාලක බණ්ඩාර 35/2 ,චානක දෙවිඳු 22/2

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee