slc
logo
Home   |    News
මැයි 25, 2022
ටැමිල් යුනියන් පිලට විශිෂ්ඨ ජයක්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ  අද ( 25) පැවති තවත් තරග හයක් අතුරින් කුරූණෑගල යුත් පිලට ඒරෙහි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්විය.  අයහපත්  කාළගුණය අභිබවා යමින් පොලීසීය එන්.සී.සී. කොල්ට්ස් ටැමිල් බී.ආර්.සී. සහ පානදුර කණෟඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

පොලීසියට කඩුලු 5ක ජයක්

පොලිස් කණ්ඩායමේ චතුරංග කුමාර ලකුණු 19කට කඩුලු දෙකක් දවා පසුව නොදැවී ලකුණු 30රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

නිගම්බු පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 128 යි – අමෝද විදාන පතිරණ 41, දිමුත් සඳරුවන් 19, ෂෙසාන් ප්‍රනාන්දු 18, චතුරංග කුමාර 19/2, නුවන් ප්‍රදීප් 29/1

පොලීසිය පන්දුවාර 17.2 කදී කඩුලු 5ට ලකුණු 132 යි – චාමර සිල්වා නොදැවී 36, චතුරංග ජයතිලක 33, චතුරංග කුමාර නොදැවී 30, දිල්ශාන් මුනවීර 29/3

එන්.සී.සී. පිලට ලකුණු 46ක ජයක්

එන්.සී.සී.කණ්ඩායමේ සහන් ආරච්චිගේ (11/3) සහ අහන් වික්‍රමසිංහ (31) මේ තරගයේදී  පන්දු යැවීමේදී සහ ලකුණු රැස් කිරීමේදී කැපී පෙනුණි. පන්දුවාර 16කට තරගය සීමා කැරුණී

එන්.සී.සී. පන්දුවාර 16 කදී කඩුලු 9ට ලකුණු 111 යි – අහන් වික්‍රමසිංහ 31, උපුල් තරංග 24, කවීන් බණ්ඩාර 21, පුලින තරංග 19/3, චරිත් ජයම්පති18/2

චිලව් මේරියන්ස් පන්දුවාර 16 කදී කඩුලු 7ට ලකුණු 65 යි – පුලින තරංග 25, අවිඳු තීක්ෂණ නොදැවී 09, සහන් ආරච්චිගේ 11/3, ජෙහාන් ද සිල්වා 7/2

සෙබස්ටියනයිට්ස් කෝල්ස්ට පරදියි

මේ තරගයේදී සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක සහ සශ්‍රික පුස්ගොල්ල යන  ක්‍රීඩකයන් දෙදෙනාම පන්දු යැවීමේදී සහ ලකුණු රැස් කිරීමේදී දක්ෂතා දැක්වූහ.කොල්ට්ස් පිලේ සංගීත් කුරේ තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය.

කොල්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 5ට ලකුණු 169 යි – විෂාඩ් රන්දික 59, සංගීත් කුරේ 42, මුදිත ලක්ෂාන් නොදැවී 34, සචිත ජයතිලක 40/2, සශ්‍රීක පුස්සේගොල්ල 26/2

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 152 යි – නිමන්ත පෙරේරා 42, සචිත ජයතිලක 30, සශ්‍රික පුස්සේගොල්ල 30, මොහොමඩ් ඛාන් නොදැවී 25, හර්ෂ වික්‍රමසිංහ 30/2, සංගීත් කුරේ 1/2

ටැමිල් යුනියන් කඩුලු 10කින් කුරුණෑගල යුත් පරදවයි

කුරුණෑගල යුත් ලකුණු 94 කට සීමා කිරීමෙන් පසු ටැමිල් කණ්ඩායම ලකුණු 95ක ජයග්‍රහණය ඉලක්කයක් කරා යද්දී ටැමිල් ආරම්භක පිතිකරුවන් දෙදෙනා නවෝද් පරණවිතාන (නොදැවී 50) සහ සධීර සමරවික්‍රම (නොදැවී 37) මුල් විකට්ටුවට ලකුණු 95 ක් රැස් කිරීමත් සමඟ ටැමිල් යුනියන්ට පහසු ජයග්‍රහණය අත්විණ.

කුරුණෑගල යූත් පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු  94 යි – විශ්ව විජේරත්න 39, සජිත් ප්‍රියල් 14, සමිත රංග 14

ටැමිල් යුනියන් පන්දුවාර 13.4 කදී කිසිවෙකු නොදැවී ලකුණු 95 යි– (නවෝද් පරණවිතාන  නොදැවී 50, සධීර සමරවික්‍රම නොදැවී 37

බී.ආර්.සී. පිලට ලකුණු 26ක ජයක්

බී.ආර්.සී. කණ්ඩායමේ ඩිලාන් ජයලත් ලකුණු 78ක් රැස් කිරීමෙන් සහ දුවිඳු තිලකරත්න ලකුණු 17කට කඩුලු තුනක් දවාලීමට සමත්වීමත් ප්‍රධාන කොට නුගේගොඩ ක්‍රීඩා සමාජයට ඒරෙහිව ලකුණු 26ක ජයක් අත්කර ගැනීමට බී.ආර්.සී, පිලට හැකියාව ලැබිණ. නූගේගොඩ කණ්ඩායමේ අභීෂේක් ලියනආරච්චි ලකුණු 67ක් රැස් කීරීමට සමත් විය.

බී.ආර්.සී. පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 172 යි – ඩිලාන් ජයතිලක 78, දුෂාන් හේමන්ත 23, තිලකරත්න සම්පත් 19, චමින්ද බන්ඩාර 18/4

නුගේගොඩ පන්දුවාර 20 කදී කඩුලු 5 ට ලකුණු 146 යි  – අභීශේක් ලියනආරච්චි 67,‍ නයන ප්‍රනාන්දු නොදැවී 27, ලිසුල ලක්ෂාන් 20, දුවිඳු තිලකරත්න 17/3

පානදුර කඩුලු 4කින් රාගම පරදවයි

පානදුර කණ්ඩායමේ තරිඳු කෞෂාල් නොදැවී ලකුණු 32 ක් සහ රොෂාන් විජේනායක නොදැවී ලකුණු 26 ක් වශයෙන් හත්වන කඩුල්ලට නොදැවී ලකුණු 62ක් රැස් කිරීමත් සමඟ ඔවුනට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට අවස්ථාව උදාවිය.

රාගම  පන්දුවාර 20 කදී කඩුලු 7ට ලකුණු 148 යි – ඉෂාන් ජයරත්න නොදැවී 50 ,තෙවිඳු දික්වැල්ල 23,  ජනිත් ලියනගේ 35, කෞෂාල් දික්වැල්ල 23, තරිඳු කෞෂාල් 20/2

පානදුර පන්දුවාර 13.4 කදී කඩුලු 6ට ලකුණු 126 යි  – තරිඳු කෞෂාල් නොදැවී 32 ,රෝෂාන් විජේනායක නොදැවී 26, ශෂික දිල්ෂාන් 30/2

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee