slc
Home   |    News
මැයි 27, 2022
තියුණු තරගයකින් පසු ලන්කන්ට ජය

sinhala editor

මේ දිනවල පැවත්වෙන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය යටතේ අද (26) පැවතී තරගයකදී තියුණු සටනකින් පසු වරාය අධිකාරියට ඒරෙහිව කඩුල්ලක ජයක් වාර්තා කිරීම ලක්කන් පිල සමත්වූවේය.  මීට අමතරව නාවික හමුදාව ලකුණු 11කින් කලුතර නගර කණ්ඩායම ද මුවර්ස් ලකුණු 39කින් කුරුණෑගල යූත් ද පැරදවිය.

ලකුණු 91 ක ඉලක්කයක් හඹා යෑමේදී අවසන් ලන්කන් මුල් කඩුලු 9 ම ලකුණු 71 කදී බිඳ වැටුණු නමුත් අවසන් කඩුල්ලට ඒක්වූ මිරංග වික්‍රමගේ සහ හේෂාන් මධුශංක ඒක්ව පන්දු 15 කදී ලකුණු 20 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් තියුණු ජයක් කරා ලන්කන් පිල රැගෙන ගියහ. මිරංග වික්‍රමගේ පන්දු 23 කදී ලකුණු 19 ක්ද හේෂාන් මධුශංක පන්දු 6 කදී ලකුණු 04 ක්ද ලබා සිටියහ.

අද උදෑසන පැවති තරග තුනේම විසඳුම් ලැබුනත් සවස්වරුවේ තරග තුනම වර්ෂාව මත තීරණයක් නොමැතිව කෙළවරවිය. තීරණයක් නොමැතිව අවසන් වූයේ එස්.එස්.සී. – සරසන්ස් ,සී.සී.සී. – ගුවන් හමුදාව සහ යුධ හමුදාව – ගොල් තරගයන් ය.

වරාය අධිකාරිය පන්දුවාර 20 කදී සියල්ල දැවී ලකුණු 90 යි – ෂෙහාන් ප්‍රනාන්දු 25, අෂාන් දිල්හාර 12, යේසිත රූපසිංහ 13/3, රජීව වීරසිංහ 11/2, පූර්ණ වන්නිතිලක 11/2

ලන්කන් පන්දුවාර 19.2 කදී කඩුලු  9ට ලකුණු 91 යි – රවිඳු රත්නායක 22, මිරංග වික්‍රමසිංහ 19, සිතුම් දිසානායක 9/2, තාරුක දාබරේ 17/2, මලීෂ සිල්වා 6/2

නාවික හමුදාවට ලකුණු  11ක ජයක්

නාවික හමුදාව පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 134 යි – අරවින්ද අකුරුගොඩ 43, අමිත් එරන්ද 21, සහන් කෝසල 16, ටාෂික් පෙරේරා 29/2, ටී.වීරසිංහ 17/2

කළුතර නගර පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 123 යි – ( අමිට් කොවුල් 47, ටී.වීරසිංහ 29, අභීෂේක් ආනන්ද කුමාර 28, රශ්මික දුලාංජන 18/3, දිලංක අවුවාට් 18/2.

මූවර්ස්ට ලකුණු 39ක ජයක්

මූවර්ස් පන්දුවාර 20 කදී කඩුල 5ට ලකුණු 180 යි –  පබසර වඩුගේ 64, දනුක දිල්ෂාන් 55, ෂෙහාන් ඩිලිවේරා 26, අයන සිරිවර්ධන 22, තිලංක ප්‍රේමරත්න 22/2, ළහිරු අබේසිංහ 36/2

කුරුණෑගල යූත් පන්දුවාර 20 කදී කඩුලු 8ට ලකුණු 141 යි – කේෂාන් වන්නිආරච්චි 27, ගයාන් මහීෂාන් 26, දුලාජ් රණතුංග  25, ළහිරු ජයරත්න 23, අයන සිරිවර්ධන 18/3, චතුරංග ද සිල්වා 23/4

එස්.එස්.සි. – සැරසන්ස් තරගයට වර්ෂාවෙන් බාධා

එස්.එස්.සී. පන්දුවාර 16 කදී කඩුලු 2ට ලකුණු 130 යි – ක්‍රිෂාන් සංජුල 52, ධනුෂ්ක ගුණතිලක 52, ෂෙවොන් ඩැනියල් නොදැවී 21, දසුන් ශානක නොදැවී 07, අකාෂ් සේනාරත්න 19/1

සී.සී.සී. – ගුවන් හමුදා තරගයත් වැස්සට යට වෙයි

සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලු 5ට ලකුණු 97 යි – මිනොද් භානුක 51, මාලින්ද පුෂ්පකුමාර 40, නිපුන් කාරියවසම් 15/2, දේශාන් ප්‍රනාන්දු 23/2

ගාල්ල කඩුලු 6 ට ලකුණු 91 යි

ගොල් පන්දුවාර 17 කදී කඩුලු 7ට ලකුණු 91 යි  – නුවන් ප්‍රියදර්ෂණ 19, සමීන් කරඳනආරච්චි 17, දිල්ෂාන් කාංචන 14, ගයාන් බණ්ඩාර 19/3, සීක්කුගේ ප්‍රසන්න 14/2

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest