slc
Home   |    News
මැයි 28, 2022
පොලීසිය ලකුණු හතරකින් ටැමිල් යුනියන් පරාජය කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරගවලදී ප්‍රතිඵල අත්වූ තරගයක් බවට පත් වුණු ටැමිල් යුනියන් කණ්ඩායමට ඒරෙහි තරගය ලකුණු හතරකින් ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත්විණ.

ටැමිල් යුනියන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු 125 ට පිළිතුරු ලෙස අයහපත් කාලගුණය මත තරගය නතර කරන විට පොලිස් කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුලු තුනකට ලකුණු 92ක් ලබා සිටියේය. ඒ් අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පොලිස් කණ්ඩායමේ ඉලක්කය ලකුණු 89 ක් වූ අතර ඒ් වන විටත් ඔවුන් ටැමිල් යුනියන් කණ්ඩායමට වඩා ලකුණු 4 ක් ඉදිරියෙන් සිටියේය.

බී.ආර්.සී-රාගම තරගයේදී බී.ආර්.සී කඩුලු හයකට ලකුණු 94ක් ලබා සිටියදී සෙබස්ටියනයිට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී සෙබස්ටියනියට්ස් කඩුලු 2කට ලකුණු 25ක් ලබා සිටියදීත් අයහලත් කාලගුණය මත තරග දෙකම නතර කැරිණි. චිලව් මේරියන්ස් – නුගේගොඩ ,කොල්ට්ස්  –  නිගම්බු සහ එන්.සී.සී.සී – පානදුර තරග තුනම අයහත් කාලගුණය මත පන්දුවක්වත් නෙයවාම අත් හිටුවිණි.

පොලීසියේ සඳුන් මධුෂාන් ලකුණු 24 කට කඩුලු 4ක් දවාලු අතර පිත්තෙන් දස්කම් පෑ දිල්හාර  පොල්ගම්පල නොදැවී ලකුණු 40ක් ද මහේෂ් ප්‍රියදර්ශණ ලකුණු 39ක්ද රැස් කළහ.

ටැමිල් පන්දුවාර 20දී ලකුණු 125 යි  – සධීර සමරවික්‍රම 27, රොන් චනුගුප්ත 21, නවෝද්  පරණවිතාන 17, සුපුන් මධුෂංක 24/4

පොලීසිය කඩුලු පන්දුවාර 15 කදී කඩුලු 3ට ලකුණු 92 යි – දිල්හාර පොල්ගම්පල නොදැවී 40, මහේෂ් ප්‍රියදර්ශණ 39, රවිඳු ප්‍රනාන්දු 12/1, දිල්රුවන් පෙරේරා 15/1, නවෝද් පරණවිතාන 8/1

බී.ආර්.සීරාගම තරගයේ තීරණයක් නෑ

මේ තරගය නතර කරනවිට බි.ආර්.සී. පන්දුවාර 16කදී කඩුලු හයකට ලකුණු 94ක් ලබා සිටි අතර වැඩිම ලකුණු ලාභීයා වූ තිලකරත්න සම්පත් පන්දු 33කදී හතරේ තුනක් හයේ පහරක් සමග ලකුණු 34ක් ලැබීය. මීට අමතරව ජානක සම්පත් කඩුලු 3ක්ද දවාලූවේ ලකුණු 17ක් පමණක් ලබා දෙමිනි.

බී.ආර්.සී. පන්දුවාර 16කදී කඩුලු 6ට ලකුණ 94 යි – තිලකරත්න සම්පත් 34, ඩිලාන් ජයලත් 12, විකුම් සංජය නොදැවී 12, ලියෝ ෆැන්සිස්කො 10, ජනක සම්පත් 17/3, ඉෂාන් මාලිංග 10/2

සෙබස්ටියනයිට්ස්කැන්ඩි කස්ටම්ස් තරගයේ තීරණයක් නෑ

මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් සෙබස්ටියනයිට්ස් කණ්ඩායම පන්දුවාර පහකදී කඩුලු දෙකකට ලකුණු 25ක් ලබා  සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නතර කැරණි. ආරම්භක පිතිකරු නිමන්ත පෙරේරා පන්දු 11කදී හතරේ පහරක් සමග ලකුණු 14ක් ලැබීය.

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 5කදී කඩුලු 2ට ලකුණු 25 යි – නිමන්ත පෙරේරා 14, නිසල ආකාෂ් 10/1, මෙතුෂාන් තිළිණ 4/1

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest