slc
logo
Home   |    News
මැයි 14, 2022
ලංකා නැගී එන කණ්ඩායම 281කට දැවී යයි

sinhala editor

සදම්ප්ටන්හි රෝස්බෝල් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (13) ඇරැඹු සිව්දින තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණ 281 කට දවාලීමට හැම්ෂ්යර් ප්‍රාන්ත කණ්ඩායම සමත්විය. යළි පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේදී යවන ලද පළමු පන්දුවාරයේදීම හැම්ෂයර් පිලේ ආරම්භක පිතිකරු ජෝන් ටර්නර් දවා ලීමට දිලුම් සුධීර සමත්වූවේය.

ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙන අවස්ථාවේ ඉදිරිපෙළ ප්‍රබලම කඩුලු තුනක් ලකුණු 32කට දැවී අසීරු තත්ත්වයක පසුවද්දී සිව්වන කඩුල්ලට නුවනිඳු ප්‍රනාන්දු (52) සහ ධනංජය ලක්ෂාන් (21) ලකුණු 65ක සබඳතාවයක්ද හයවන කඩුල්ලට සංතූෂ් ගුණතිලක (53) සහ දුනිත් වෙල්ලාලගේ (44) ලකුණු 106ක සබඳතාවයක්ද තබාගනිමින් ලංකා කණ්ඩායම යම් ස්ථාවර තත්ත්වයකට පත්කළහ.

එහෙත් ලංකා කණ්ඩායම නැවත වතාවක් අසීරු තත්ත්වයකට පත්වූයේ ලකුණු 215කට ප්‍රබලම පිතිකරුවන් හත්දෙනෙකුම දැවීයාමෙනි. අටවන කඩුල්ලට දිලුම් සුධීර (33) සහ අෂේන් ඩැනියල් (21) පන්දු 102කදී ලකුණු 42ක සබඳතාවයක් ගොඩනගමින් එම තත්ත්වය නැවත වරක් වෙනස් කරමින් ශ්‍රී ලංකා පිල තරගයට අවතීර්ණ කිරීමට පෙරමුණ ගත්හ.

ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් මෙදින කැපීපෙනුණේ පන්දු 93 කදී ලකුණු 53ක් රැස්කළ සංතූෂ් ගුණතිලක සහ පන්දු 114 කදී ලකුණු 52ක් ලැබූ නුවනිඳු ප්‍රනාන්දුය. ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ ලකුණු 44 ක් සහ දිලුම් සධීර ලකුණු 33 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. කෙන්ට් සමඟ පැවැති ප්‍රථම සිව්දින තරගයේදී ලකුණු අටකට දැවීගිය නිපුන් ධනංජයට මේ තරගයේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. කෙන්ට් තරගයේදි ද්විත්ව ශතකයක් රැස්කළ නිශාන් මධුෂ්ක මෙම තරගයේදී ලකුණු 16 කටද එම තරගයේදී ශතකයක් රැස්කළ ලසිත් කෲස්පුල්ලේ ලකුණු නොලබාද දවා  ගැනීමට හැම්ප්ෂයර් පන්දු යවන්නෝ සමත්වූහ.

ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිපුන් ධනංජය සහ ලසිත් කෲස්පුල්ලේ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ජෝන් ටර්නර් එවු ප්‍රථම පන්දුවාරයේ සිව්වන පන්දුවටලසිත් කෲස්පුල්ලේ ඇල්බට් අතට උඩ පන්දුවක් දී ලකුණක්වත් නොලබාම දැවීගියේ මුළු ලකුණු 01ක්ව තිබියදීය. මුළු ලකුණු තුනේදී නායක නිපුන් ධනංජය විසින් හැරී පෙට්රිගෙ පන්දුවකට ඩොනල්ඩ්ට උඩපන්දුවක් දී දැවීගියේ ලකුණු දෙකකටය. නිශාන් මධුෂ්ක සහ නුවනිඳු ප්‍රනාන්දු තෙවන කඩුල්ලට ලකුණු 29ක් රැස්කර සිටියදී මධුෂ්ක කෙළීගේ පන්දුවකට ප්‍රෙස්ට්ට උඩපන්දුවක් දී ලකුණු 16කට දැවීගියේ මුළු ලකුණු 32දීය.

කැපීපෙනුණු පන්දු යවන්නා වූයේ අප්‍රේල් මස 21 හැවිරිදි වියට පා‍ තැබූ දකුණතින් වේග පන්දු යවන ජෝන් ටර්නර්ය වන අතර ඔහු ලකුණ  31 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 86.1කදී සියල්ල දැවී 281යි – (සංතූෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අෂේන් ඩැනියල් 21, නිශාන් මධුෂ්ක 16, උදිත් මධුෂාන් නොදැවී 13, ජෝන් ටර්නර් 31/5, හැරී පෙට්රි 48/3, ඩොමිනික් කෙලී 52/2)

හැම්ප්ෂයර් කඩුලු 1ට ලකුණු 00යි පන්දුවාර 0.4යි – (දිලුම් සුධීර 0/1යි)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

USD United States (US) dollar