slc
logo
Home   |    News
මැයි 10, 2022
වැස්සට යට වුණු පෙරහුරුවේ පළමු දිනදී දිමුත් දැවී යයි

sinhala editor

බංග්ලාදේශ පිලට එරෙහිව ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු සහ එකම දෙදින පෙරහුරු තරගය වූ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහි තරගයේ පළමු දිනය වූ අද (10 දා) වර්ෂාව නිසා තරගය පන්දුවාර 8 කුත් පන්දු 3 කට සීමා විය.

කාසියේ වාසිය සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල එවන විටත් කඩුල්ලක් අහිමිකරගෙන ලකණු 14 ක් ලබා සිටියේය. දැවී ගිය පිතිකරුවා වූයේ නායක දිමුත් කරුණාරත්න වන අතර ඔහ ලකුණු 02 කට දැවී ගියේය. තරගය නතර කර දමන විට ඕෂද ප්‍රනාන්දු ලකුණු 7 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 5 ක් ලබා සිටියහ. හෙට තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකාව පන්දුවාර 8.3 කදී කඩුල්ලක් දැවී ලකුණු 14 යි – (දිමුත් කරුණාරත්න 02, ඕෂද ප්‍රනාන්දු 07*, කුසල් මෙන්ඩිස් 05*)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee