slc
Home   |    News
මැයි 24, 2022
සී.සී.සී. බදුරලියට පරදියි

sinhala editor

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක දසුන් ශානක මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධාන 20-20 තරගාවලියේදී අද (24) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එරෙහිව පන්දු 27කට මුහුණදී හයේ පහර හතක් සහ හතරේ පහරක් සමඟ ලකුණු 62ක් ලබා පසුව ලකුණු හතකට කඩුලු දෙකක් දවාලමින් එස්.එස්.සී.කණ්ඩායමට ලකුණු 40ක පහසු ජයග්‍රහණයක් රැගෙන ඒ්මට තන් ඉරියව්වෙන් දායකත්වය දැක්වීය. ඒස්. ඒස්. සී. ට අමතරව අද පැවැති තරග වලදී මුවර්ස්, යුද හමුදාව, වරාය අධිකාරිය, ගෝල් සහ බදුරලිය කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ.

එස්.එස්.සී.ට ලකුණු 40 ක ජයක්

එස්.එස්.සී කඩුලු 5ට 159 ( පන්දුවාර 16 යි) – දසුන් ශානක 62, ෂෙවොන් ඩැනියල් 35, ක්‍රිෂාන් සංජුල 34, මුවින් සුභසිංහ 19/1, ළසඳ රුක්මාල් 26/1

ගුවන් හමුදාව කඩුලු 7ට 119 යි ( පන්දුවාර 16යි) – මුවින් සුභසිංහ 33, ෂාහිල් ඩයස් 25, සිතිජ චමෝද් 14, කවිඳු නදීෂාන් 41/3,  දසුන් ශානක 7/2

මුවර්ස්ට තියුණු ජයක්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී මුවර්ස් අංක හතර පිතිකරු පසිඳු සූරිය බණ්ඩාර පන්දු 42කට මුහුණදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 58ක් රැස් කළේ ය. මුවර්ස් පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු දෙක බැගින් දවාලූහ.

මුවර්ස් කඩුලු 9ට 125 යි (පන්දුවාර 20 යි) – (පසිඳු සුරියබණ්ඩාර 58, දිනුක දිල්ෂාන් 14, අයන සිරිවර්ධන 12, ටෂින් පෙරේරා 28/3, ඉන්සක සිරිවර්ධන 17/3)

කලුතර නගර කණ්ඩායම කඩුලු 9ට 117 යි (පන්දුවාර 20 යි) – (දමිඳු අෂාන් 19, ටී.වීරසිංහ18, රොමේෂ් නල්ලපෙරුම 16, සඳකැන් පතිරණ 17/2 , තිලංග උදේශාන් 16/2, අයන සිරිවර්ධන 16/2)

යුධ හමුදාවට ලකුණු 46ක ජයක්

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ  පැවතී මේ තරගයේදී යුධ හමුදාවේ අසේල ගුණරත්න ලකුණු 22ක් රැස් කර පසුව ලකුණු 18කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්විය.

යුධ හමුදාව සියල්ල දැවී 154 (පන්දුවාර 19 යි) – (ලක්ෂාන් එදිරිසිංහ 33, හිමාෂ ලියනගේ 30, අෂාන් රන්දික 25, අසේල  ගුණරත්න 22, කවිඳු රිද්මල් 31/4, මාධව වර්ණපුර 36/2, චානක කොමසාරු 29/2)

බ්ලුම්ෆීල්ඩ් කඩුලු 9ට 108 (පන්දුවාර 19 යි) – යොහාන් චානුක 25, ළහිරු මධුෂංඛ 31, මාධව වර්ණපුර 16, අසේල ගුණරත්න 18/3, ලක්ෂාන් ගමගේ 12/2, මහීෂ් තීක්ෂණ 24/2

වරාය අධිකාරියට පහසු ජයක්

ලකුණු 106ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී වරාය අධිකාරියේ තෙවැනි කඩුල්ල සඳහා හර්ෂ කුමාර් (නොදැවී 30) සහ ප්‍රමුද් හෙට්ටිවත්ත (නොදැවී 25) ඇඳිරි කාලගුණය සමඟද සටන්කරමින් නොදැවී ලකුණු 57ක සබඳතාවයක් තබාගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගියහ.

සරසන්ස් කඩුලු 9ට 105 (පන්දුවාර 20) – (සිතාර ගිම්හාන් 21, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 19, සඳුන් මෙන්ඩිස් 18, තානුක දාබරේ 15/4, අෂාන් දිල්හාර 20/2)

වරාය අධිකාරිය කඩුලු 2ට 107 (පන්දුවාර 16.2යි) – (ෂෙහාන් ප්‍රනාන්දු 31, හර්ෂ කුරේ නොදැවී 30, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 25, ප්‍රමෝද් මධුවන්ත 17/1, අකාෂ් සේනාරත්න 13/1)

ගාල්ලෙන් කුරුණෑගලට ප්‍රහාරයක්

කුරුණෑගල යූත් ලකුණු 108ක ජයග්‍රහණ ඉලක්කයක් හඹායද්දී ගෝල් කණ්ඩායමේ රවිශ්ක විජේසිරි සහ සඳුන් මධුශංඛ කඩුලු තුන බැගින් දවාලීමෙන් කුරුණෑගල ඉනිම 67කදී නිමාවිය.

ගෝල් කඩුලු 9ට 107 යි (පන්දුවාර 20) – (තරිඳු අමරසිංහ 26, දිල්ෂාන් කාංචන 17, චතුර ලක්ෂාන් 17, ළහිරු ජයරත්න 15/2, තිලංක ප්‍රේමරත්න 30/2, දිනංජය ප්‍රේමරත්න 18/2)

කුරුණෑගල යූත් සියල්ල දැවී 67 යි (පන්දුවාර 16.2යි) – (මුදිත ප්‍රේමදාස 11, අසන්ත බස්නායක 10, රවිශ්ක විජේසිරි 26/3, සඳුන් මධුශංඛ 7/3)

ඩක්වර්ත් ලුවිස් බදුරලියට ජය ගෙනෙයි

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී බදුරලිය කණ්ඩායම ලබා දුන් ලකුණු 154 ඉලක්කය හඹායද්දී සී.සී.සී නායක ලසිත් අබේරත්න නොදැවී ලකුණු 62ක් ලබාගනිමින් ප්‍රබල සටන නියැලුණත් කාලගුණය මත තරගය නතර කළ හෙයින් ඩක්වර්ත් ක්‍රමයට බදුරලියට ජය අත්විණි.

බදුරලිය කඩුලු 6ට 154 (පන්දුවාර 20) – (රවිජ සඳරුවන් 54, ගිහාන් රූපසිංහ 52, දුනිත් ජයතුංග 21, නුවන් තුෂාර 32/3)

සී.සී.සී කඩුලු 7ට 121 (පන්දුවාර 17.2යි) – (ලසිත් අබේරත්න නොදැවී 62, පවන් පතිරාජ 33, සෙනල්ද සිල්වා 22/2, චතුර රන්දුනු 25/2)

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest