slc
logo
Home   |    News
ජූනි 8, 2022
ඉඩෝරයට මල් වැස්සක් වූ ‘ක්‍රිකට් වසන්තය’

sinhala editor

කොවිඩ් වසංගතයත්, අයහපත් කාලගුණික විපර්යාසයන් සහ විවිධාකාර ගැටළුවලට පසුගිය දිනවල මුහුණදී සිටි ක්‍රිකට් ක්‍රීඩා ලෝලීනට අඟහරුවාදා (7) ආරම්භ වූ සිංහ – කැන්ගරු ක්‍රිකට් තරගාවලිය දිස් වූයේ ඉඩෝරයකට මල් වැස්සක් මෙනී.

මාලීගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අඟහරුවාදා ආරම්භ වූ විස්සයි – 20  තරගය නැරඹීමට විසි දහසකට අධික ජනකායෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැති පීරී ගිය අතර ජාතික ධජ ළෙලදෙවමින් උද්යෝගීමත්ව ක්‍රීඩා ලෝලින් දිරිමත් කළ අයුරු  දැකගත හැකි වූයේ ඔවුන් තුලින් මාස ගණනාවක විඩාවක්ද පහව ගොස් සැටි අයුරකිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේ තරගාවලියේ ප්‍රථම තරගය වෙනුවෙන් මුද්‍රණය කළ ප්‍ර‍වේශ පත්‍ර පැය හතරක් වැනි කාලයක් තුල ප්‍රේක්ෂකයන් වෙන්කර ගැනීමෙත් මේ තරගාවලියෙන් අපේක්ෂා කරන ඩොලර් මිලියන දෙක හමාරක ආදායම රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද ලක් වැසියනට  පෙනී යනුයේ මේ තරගාවලිය පිළිබඳව ඇති වැදගත් කමය. ප්‍රථම තරගයේ ප්‍රවේශ පත්‍ර සීඝ්‍රයෙන් අලෙවි වූ ආකාරයෙන් සාක්ෂාත් වනුයේ මහනුවර පල්ලකැලේ සහ ගාල්ලේ පැවත්වෙන තරග සඳහාද කොළඹට නොදැවැනි වන ඉල්ලුමක් ඇති වන බවකි.

ප්‍රථම විස්සයි -20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩාම පන්දුවාර 12ක් ඉක්මවන විට ලකුණු 101 රැස් කර පසුව කණ්ඩායමම අඩු සංඛ්‍යාවකට දැවී යෑමෙන් පැහැදිලිවන කරුණක් වනුයේ මැද පෙළ දුර්වලතා සකසා ගැනීමෙන් ඉදිරි තරග කිහිපයේදී තියුණු තරගාවලියක නියැලීමට ලංකා කණ්ඩායමට අවකාශ ඇති බවය.

ක්‍රීඩා ලෝලීන් තුළින් මේ තරගාවලිය පිළිබඳව ඇති උනන්දුව පිළිබඳව ප්‍රථම තරගයේදීම දර්ශනය වූ විශේෂ සිදුවීමක් වූයේ තරගය ආරම්භයට පෙරත් තරගයෙන් පසුවත් විශාල පිරිස් පොකුරු කිහිපයකට ක්‍රීඩාංගණය වෙත පැමිණී අයුරු සහ මධ්‍යම රාත්‍රී ඉන් පිටත්ව මහ මාර්ග දිගේ දිගු ගමන්හි ඈත පෙදෙස් කරා විහිද යන ආකාරයකී.මේ දර්ශණය කළක සිටම මහනුවර පල්ලකැළේ තරග වලදී දැක ගැනීමට ලැබිණී.

තරගය නැරඹීමට පැමිණී අති විශාල ජනකායෙන් සියයටට අනූවක් පමණම අවුරුදු 20-30 අතර පිරිස් වූ අතර මෙවැනි වකවානුවක ඔවුන් දක්වන උනන්දුව පැහැදිලිය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමත් ශ්‍රී ලංකාවේ තරග වදින්නේ වසර හයකට පමණ පසුවය. ශ්‍රී ලංකා 20 -20 සහ එක්දින නායක දසුන් ශානක පවසන ආකාරයට මේ උදාවී ඇත්තේ ක්‍රීඩකයනට තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ හොඳින් දක්ෂතා පෙන්වා ජයග්‍රහණයන් අත්කර ගැනීමයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest