නිපුන් ධනංජය (92) සහ සහන් ආරච්චිගේ (61) එක්ව හයවන කඩුල්ලට පවත්වන ලද ලකුණු 124ක සබඳතාවය මත ඕස්ට්‍රේලියා “ඒ” කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (21 දා) ඇරැඹි දෙවන සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ ප්‍රථම දියන නිමවන විට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 330ක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා “ඒ” ලකුණු 176කට කඩුලු 5ක් දැවී සිටින අවස්ථාවේ මේ පිතිකරුවන් දෙදෙනා පෙන්වු දක්ෂතා මත හයවන කඩුල්ල කඩුලු හයකට ලකුණු 300 දක්වා දීර්ඝ විණි. නිපුන් ධනංජය පන්දු 130කදී හතරේ හතරක් සමඟ ලකුණු 92ක්ද සහන් ආරච්චිගේ පන්දු 124කදී හතරේ තුනක් සමඟ ලකුණු 61ක්ද රැස් කිරීමට සමත්වූහ.
මාවුන් දෙපට අමතරව ළහිරු උදාර ලකුණු 63ක්ද නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 32ක්ද සහ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලද සධීර සමරවික්‍රම ලකුණු 29ක්ද ලබා ගත්හ. ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ දෙවැනි හොඳම සබඳතාවය වූයේ ළහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු තෙවන කඩුල්ලට රැස්කළ ලකුණු 59ක සබඳතාවයයි.
ශ්‍රී ලංකා “ඒ” මුල් ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 9 ට ලකුණු 330 යි – (නිපුන් ධනංජය 92, ළහිරු උදාර 63, සහන්ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, ස්කොට් බොලන්ඩ් 38/4, මාර්ක් ස්ටෙකෙටි 69/4)