slc
Home   |    News
ජූනි 17, 2022
යුද හමුදාව දෙවැනි වරටත් විස්සයි – 20 ශූරයෝ වෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වූ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 2022 වසරේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව යුද හමුදාව අද (17) සමත් විය. යුද හමුදාව මේ අදාළ ශූරතාව මෙවර දිනා ගත්තේ දෙවැනි වතාවටය. ඔවුන් මීට පෙර 2016 දී ශූරතාව දිනා ගැනීමට සමත් විය.
කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව වනාතමුල්ල පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති සමග මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස කෝල්ට්ස් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවූයේ ලකුණු 94ක් පමණි.
ඒ අනුව ලකුණු 45කින් එම තරගය ජයගත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 2022 අන්තර් සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවය දිනාගත් අතර යුද කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සීක්කුගේ ප්‍රසන්න සමත් වූ අතර ඔහු පිත්තෙන් ලකුණු 29ක් සහ පන්දු යැවීමෙන් කඩුලු 3ක් දවා ගත්තේය.
ඊට අමතරව යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් අශාන් රන්දික ලකුණු 24ක්ද, යශෝධ මෙන්ඩිස් ලකුණු 21ක්ද ලබාගත් අතර කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ධනංජය ලක්ෂාන් කඩුලු 3ක් ද මුදිත ලක්ෂාන් සහ චමෝද් කඩුලු දෙක බැගින් ලබා ගත්හ.
ලකුණු 140ක ඉලක්කයක් හඹා ගිය කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් සංගීත් කුරේ වැඩිම ලකුණු ලකුණු ලාභියා වූ අතර ඔහු ලකුණු 35 ක් ලබා ගත්තේය. සීක්කුගේ ප්‍රසන්න ට අමතරව ලක්ෂාන් එදිරිසිංහ කඩුලු 3ක් ද, යශෝධ මෙන්ඩිස්,ගයාන් බණ්ඩාර සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත් හ.
යුද හමුදාවේ තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න පන්දුවට පහර දෙන අවස්ථාවේ ලකුණු 29ක් රැස් කර පසුව ලකුණු 20කට කොල්ට්ස් පිතිකරුවන් තිදෙනෙකුම දවාලමින් තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වමින් යුද හමුදා ජයග්‍රහණයට මාවත විවර කරදුන්නේය. එම දක්ෂතා ඔහුට අවසන් මහ තරගයේ වීරයා සම්මානය ගෙන දුන්නේය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ යුද හමුදාවේ අෂාන් රන්දික ය. තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස කොල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ ද තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස කොල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ද තේරිණි.
යුද හමුදා කන්ඩායමේ මෙදින හොඳම සබඳතාවය වූයේ දෙවන කඩුල්ලට තුලින දිල්ෂාන් සහ සීක්කුගේ ප්‍රසන්න රැස් කළ ලකුණු 30 සහ පස්වන කඩුල්ලට යශෝධ මෙන්ඩිස් සහ අසේල ගුණරත්න එක් කළ ලකුණු 34 වේ.
මේ කණ්ඩායමේ වැඩිම ලකුනු ලාභීය වූ සීක්කුගේ ප්‍රසන්න පන්දු 20කදී හතරේ තුනක් හයේ පහරක් සමග සමග ලකුණු 29 ක් ද අෂාන් රන්දික පන්දු 14කදී හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 22ක් ද යශෝධ මෙන්ඩිස් පන්දු 16කදී ලකුණු 21ක් ද රැස් කළහ
කොල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් සංගීත්කුරේ පන්දු 38කදී හතරේ දෙකක් හයේ පහරක් සමග ලකුණු 38ක් ද අවිශ්ක පෙරේරා පන්දු 21කදී හතරේ පහරක් සමග ලකුණු 16ක් ද රැස් කළහ.
ශ්‍රී ලංකා යුද හමුදාව පන්දුවාර 20කදී කඩුලු 9ට ලකුණු 139 යි
– සීක්කුගේ ප්‍රසන්න 29, අෂාන් රන්දික 22, යශෝධ මෙන්ඩිස් 21, මහේෂ් කුමාර 19, අසේල ගුණරත්න 15, ධනංජය ලක්ෂාන් 25/3, මුදිත ලක්ෂාන් 18/2.


කොල්ට්ස් පන්දුවාර 18.3කදී සියල්ල දැවී ලකුණු 94 යි – සංගීත් කුරේ 38, අවිශ්ක පෙරේරා 16, මුදිත ලක්ෂාන් 11, ලක්ෂාන් එදිරිසිංහ 19/3, සීක්කුගේ ප්‍රසන්න. 20/3

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest