slc
Home   |    News
ජූනි 3, 2022
සැරසන්ස් ප්රබල සී.සී.සී. පරාජය කරයි.

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද ( 2) පැවති මේජර් 20-20 තරගාවලියේ ප්‍රධානතම පෙරැළියක් සිදුකළ සරසන්ස් කණ්ඩායම කඩුලු පහකින් ප්‍රබල සී.සී.සී. පරාජයට පත් කිරීමට සමත්විය. පෙරවරුවේ පැවතී තරග තුනම පන්දුවාර 20 බැගින් ලැබෙන පරිද් පැවති අතර එහිදි යුද හමුදාව, වරාය අධිකාරිය සහ ගොල් කණ්ඩායමේ ජයග්‍රහණ අත්කර ගත්හ. පස්වරුවේ කණ්ඩායම් තුනකට ජය අත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට. එම ජයග්‍රහණ අත් වූයේ සරසන්ස් ,ගුවන් හමුදාව සහ කලුතර නගර කන්ඩායම් වලටය.

යුද හමුදාව කඩුලු 7කින් මුවර්ස් ජරාජය කරයි.

ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් පන්දු 45කට මුහුණදී හයේ පහර හතරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුනු 53ක් රැස් කරමින් යුද හමුදාවට කඩුලු හතක පහසු ජයග්‍රහණයක් කරා යෑමට මුල්විය.

මුවර්ස් පන්දුවර 19.3කදී  සියල්ල දැවී ලකුණු 131 යි – චතුරංග ද සිල්වා 61, මොහොමඩ් ෂමාස් 29, තිළිණ ප්‍රසාන් 14, සුමින්ද ලකුෂාන් 37/3, යශෝධ මෙන්ඩිස් 22/2, ලක්ෂාන් ගමගේ 15/2

යුද හමුදාව පන්දුවාර 16.4කදී කඩුලු 3ට ලකුණු 132 යි – දිනේෂ් චන්දිමාල් නොදැවී 53, අෂාන් රන්දික 39, තිසර පෙරේරා නොදැවී 19, හිමාෂ ලියනගේ 15, චතුරංග ද සිල්වා 26/1

වරාය අධිකාරිය ලකුණු 92කින් බදුරලිය පරාජය කරයි

වරාය අධිකාරියේ ඕෂද ප්‍රනාන්දු පන්දු 25කදී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 44ක් ද ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 33කට මුහුණදී හයේ පහර හතරක් සමග ලකුණු 43ක් ද රැස්කරමින් වරාය කණ්ඩායම ලකුණු 181ක් වැනි ඉහළ සංඛ්‍යාවක් කරායාමට අවස්ථා සලසා දුන්හ.

වරාය අධිකාරිය පන්දුවාර 20කදී කඩුලු හයකට ලකණු 181 යි – ඕෂද ප්‍රනාන්දු නොදැවී 44, ෂෙහාන් ප්‍රනාන්දු 43, ලසිත් කෘස්පුල්ලේ 34, සකුණ ලියනගේ 28, ළසිඳු අරෝෂන් 31/2, අනුක් ප්‍රනාන්දු 44/2.

බදුරලිය පන්දුවාර 20කදී කඩුලු 8කට ලකුණු 89 යි – ගිහාන් රූපසිංහ නොදැවී 51, දුනිත් ජයතුංග 11, චානක දේවින්ද 12/3, සිතුම් දිසානායක 23/2, නිමසර අතරගල්ල 12/2

ගොල් ලකුණු 37කින් නාවික හමුදාව පරාජය කරයි

ගෝල් කණ්ඩායමේ රවිශ්ක විජේසිරි ලකුණු 27ක් ලබා පසුව ලකුණු හතකට කඩුලු තුනක් දවාලීමෙන් ගෝල් පිලට ලකුණු 37ක පහසු ජයක් කරා රැගෙන යෑමට මුල්වූවේය.

ගොල් පන්දුවාර 19.3කදී සියල්ල දැවී ලකුණු 98 යි – නුවන් ප්‍රියදර්ශන 35, රවිෂ්ක විජේසිරි 27, හර්ෂජිත් රුෂාන් 14, සචිත්‍ර සේනානායක 15/3, දිලංක අවුවාඩ් 10/2

නාවික හමුදාව පන්දුවාර 14.4කදී සියල්ල දැවී ලකුණු 61 යි – සචිත්‍ර සේනානායක 20, සහන් කෝසල 10, හරින් බුද්දිල වීරසිංහ 12/4, රවිශ්ක විජේසිරි 7/3

සරසන්ස් කඩුලු 5කින් සී.සී.සී. පරාජය කරයි

සරසන්ස් කණ්ඩායමේ නවිඳු විතානගේ (නොදැවී 16) සහ ඉසිත විජේසුන්දර (නොදැවී 14) හයවන කඩුල්ලේ නොදැවුණු සබඳතාවයෙන් සරසන්ස්ට ප්‍රබල සී.සී.සී. පරාජය කිරීමට අවස්ථාව උදාවිණි. තරගය පැවත්වුනේ පන්දුවාර 7 බැගිනි.

සී.සී.සී. පන්දුවාර 7කදී කඩුලු 5ට ලකුණු 49 යි – අෂාන් ප්‍රියංජන් 23, කමිදු මෙන්ඩිස් 16, මල්ෂ තරුපතී 6/2

සරසන්ස් පන්දුවාර 6.1කදී කඩුලු 5ට ලකුණු 50 යි – නවිඳු විතානගේ නොදැවී 16, ඉසිත් විජේසුන්දර නොදැවී 14, විශ්ව ප්‍රනාන්දු 4/2, මාලින්ද පුෂ්පකුමාර 12/1

ගුවන් හමුදාව කඩුලු හයකින් ලන්කන් පරාජය කරයි

ගුවන් හමුදාවේ මුවින් සුබසිංහ කළණ විජේසූරිය මේ තරගයේදී විහේෂ දක්ෂතා පෙන්වූහ

ලන්කන් පන්දුවාර 12දී කඩුලු 7ට ලකුණු 48 යි – කසුන් අබේරත්න 12, යසිරු රුද්‍රිගෝ 10, සදීප් ජයවර්ධන 09, මුවින් සුභසිංහ 9/3

ගුවන් හමුදා පන්දුවාර 11.කදී කඩුලු 6ට 52 යි – කළණ විජේසූරි 13, උදයවංශ පරාක්‍රම 12, චාමර ප්‍රනාන්දු නොදැවී 09, රජීව් වීරසිංහ 8/2, මිරන්න වක්‍රම 9/2

කලුතර නගර ලකුණු 4කින් බ්ලුම්ෆීල්ඩ් පරාජය කරයි

කලුතර කණ්ඩායමේ විෂාර ප්‍රනාන්දු සහ තරිඳු සිරිවර්ධන මේ තරගයේදී කැපී පෙනන දක්ෂතා දැක්වූහ.

කලුතර නාගරික පන්දුවාර 9.1කදී කඩුලු 2ට ලකුණු 45 යි – විෂාන් ප්‍රනාන්දු 15, රෝමේෂ් නල්ලපෙරුම නොදැවී 11, තරිදු සිරිවර්ධන නොදැවී 09, උෂ්මාන් ඊසාක් 12/2

බ්ලුමීෆීල්ඩ් පන්දුවාර 8කදී කඩුලු 7ට ලකුණු 48 යි – හර්ෂ පෙරේරා 20, මාධව වර්ණපුර 8, තරිදු සිරිවර්ධන 7/2, ජනිඳු ඉඳුවර 15/2

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest