slc
logo
Home   |    News
ජූලි 19, 2022
කොමන්වෙල්ත් යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

sinhala editor

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන අතර චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගිවනු ඇත.

ජූලි මස 28 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කාන්කා පිල ‘බී’ කාණ්ඩය යටතේ සිය පළමු තරගයට සත්කාරක එංගලන්තයට එරෙහිව ලබන 30 වැනිදා සහභාගිවීමට නියමීතය. පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සෙසු ප්‍රතිවාදී වන්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වේ. එම තරග පිළීවෙළින් අගෝස්තු 02 සහ 04 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 සහ එක්දින තරගාවලි සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 19 ක් අයත් වූ නමුත් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු පමණක් ඇතුළත්ව සිටිති. ‌ ඒ අනුව ඉන්දීය තරග සංචාරයට ඇතුළත් වුණු තාරිකා සෙව්වනිද්, සත්‍යා සංදීපනී, කෞෂානි නුත්‍යාංගණා හා හංසිමා කරුනාරත්නට පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය අහිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා,

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee