slc
logo
Home   |    News
ජූලි 30, 2022
ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය බාබර් අසාම් දවාලීමයි ප්‍රභාත් ජයසූරිය

sinhala editor

පාකිස්තාන නායක බාබර් අසාම් දවාගැනීම දෙවන ටෙස්ට් තරගයේ හැරවුම් ලක්ෂය වූ බව තරගාවලියේ වීරයා ප්‍රභාත් ජයසූරිය පවසයි.  තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දී ප්‍රභාත් ජයසූරිය පළ කළ අදහස් පහත දැක්වේ.

  • ප්‍රශ්ණය    –           ප්‍රභාත්, දෙවන ටෙස්ට් තරගයේ ආරම්භයේ සිට ම අයහපත් කාලගුණය තරගයට බලපෑවා.  අවසාන දිනයේත් වර්ෂාවෙන් බාධා ඇතිවේ යැයි සිතුවා.  මේ තරගයෙන් ජයගන්න හැකි වේ යැයි සිතුවේ මොන අවස්ථාවේ ද?
  • පිළිතුර   –     ඔවුන්ගේ ඇන්කර් රෝල් (ප්‍රධාන භූමිකාව) ක්‍රීඩා කළේ නායක බාබර් අසාම්.  එයා දැවීගිය පසුව අපි දැනගත්තා වර්ෂාවට පෙර මේ තරගය අපට ජයග්‍රහණය කර අවසන් කිරීමට හැකි බවට.  ඒ එක්කම අපි ක්‍රීඩා කළේ අයහපත් කාලගුණය ගැනත් අවබෝධයකින් යුතුවයි.
  • ප්‍රශ්ණය    –           රිස්වාන් දවාලීමට ඔබ යැවූ පන්දුව පිළිබඳව කැමක්ද කියන්නට ඇත්තේ?
  • පිළිතුර   –     මම නිතරම පන්දු යැව්වේ පන්දු යැවීමේ සීමාවේ (ක්‍රීස්) අයිනට වෙන්නයි.  ඒත් මේ පන්දුව මම යැව්වේ කඩුල්ල අසළ සිටයි.  ඔහු හිතුවේ එය පිටතට දඟකැවෙයි කියලයි.  ඔහු පන්දුව අත හැරියත් කෙළින්ම කඩුල්ල වෙත ගියා.
  • ප්‍රශ්ණය    –           මේ ටෙස්ට් තරග දෙකේ දී ඔබ කඩුලු අටක් සහ නවයක් දවා කඩුලු 17ක් බිඳ දැමුවා.  ප්‍රථම සහ දෙවන ටෙස්ට් තරග දෙකෙහි තණතිලිවල තත්ත්වයන් කෙබඳු ද?
  • පිළිතුර   –     දෙවන තරගයේ තණතිල්ල පිතිකරුවන්ට වැඩි වාසි ගෙන දුන්නා.  අපි හැකි තරම් උත්සාහ කළේ පිතිකරුවනට දැඩි පීඩනයක් එල්ල කිරීමටයි.  රමේෂ් මෙන්ඩිස් සමග මා මේ කාර්යය හොඳින් ම ඉටුකළා.  ඒ වගේම අප දැන සිටියා මේ තණතිල්ලේ පන්දුව පසුව හොඳින් දඟ කැවෙන බවට.  එක් අංශයකින් හෝ දුර්වල පන්දු යැවුවොත් ඔවුන් ලකුණු ලබාගන්නවා.  ඒ නිසා අප දෙපැත්තෙන්ම පීඩනය හොඳින් එල්ල කළා.
  • ප්‍රශ්ණය    –           ඔබ මාතලේ සිට ක්‍රිස්තුදේව විදුහලෙන් පසුව කොළඹට පැමිණ අසීරු ගමනකින් පසුව ඉක්මනින් ටෙස්ට් වරම් පවා ලබා දැන් තරගාවලියේ වීරයා බවටත් පත්වූවා.  මේ දීර්ඝ සහ සාර්ථක ගමන පිළිබඳව ඔබ පවසන්නේ කුමක්ද?
  • පිළිතුර   –     මාතලේ සිට පැමිණීමෙන් පසු ලුම්බිණි විදුහලේ දී මා හට දිනේෂ් වීරසිංහ ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කළා.  පසුව කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් නියෝජනය කළා.  මා කොළඹට පැමිණි කාලයේ අසීරුතාවයන්ට මුහුණදීමට සිදුවූවා.  හැමදේම කළ ගත යුතුව තිබුණේ තනියමයි.  ආර්ථික ප්‍රශ්ණත් බලපෑවා.  මා ක්‍රීඩාව වෙනුවෙන් සියයට සියයක් කැප කළා.  අපහසු ගමනකින් පසුව මේ වන විට සාර්ථක වීම ගැන සතුටුයි.  මා හට වෙනත් රටක තරගාවලියකට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවූවත් මා තීරණය කළේ මවුබිමේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටයි.
  • ප්‍රශ්ණය    –           පසුගිය ටෙස්ට් තරග තුනේ දී ඔබ පන්දු වාර 216ක් යවා කඩුලු 29ක් ලබා සිටිනවා.  ඔබගේ එම දක්ෂතා සහ අනාගත දක්ෂතා කෙසේද?
  • පිළිතුර   –     කණ්ඩායමේ නායකයා මා හට පන්දුව දෙන්නේ මා කෙරෙහි විශාල විශ්වාසයක් තබලයි.  මා හිතනවා මා එම රාජකාරිය හරියට ඉටුකළා යැයි කියා.  මේ තරගාවලියෙන් පසුව අපට ඊළඟ ටෙස්ට් තරගාවලියක් සඳහා දීර්ඝ කාලයක් තිබෙනවා.  ඒ අතරතුර දේශීය තරගාවලියන්ට සහභාගී වීමෙනුත් ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ තරග කිහිපයකටම ක්‍රීඩා කිරීමෙනුත් දක්ෂතා ප්‍රගුණ කරගෙන නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලියේ දස්කම් පෙන්වීමට අපේක්ෂා කරනවා.
  • ප්‍රශ්ණය    –           ඔබ වැඩිපුර කඩුලු ලබාගන්න කෙළින් පන්දුව (ආම් බෝල්) යොදාගන්නවා.  කුමන කාලයක සිට ද ඔබ මෙලෙස පන්දු යවන්නේ?
  • පිළිතුර   –     දීර්ඝ කාලයක සිට ම මා මෙලෙස පන්දු යවනවා.  පිතිකරුවන් බොහෝ දෙනෙකු අපේක්ෂාවෙන් ඉන්නේ දඟකැවී එන (කැපෙන) පන්දුවට මුහුණදීමටයි.  ඒ අතරතුර කෙළින් පන්දුවක් යැවීමෙන් කඩුල්ලක් දවාගැනීම පහසුයි.  මා පාසලේ ගිය අවසාන වසරේ මෙලෙස කඩුලු සියය ඉක්මවා ලැබුවා.
  • ප්‍රශ්ණය    –           පන්දු යැවීමේ දී ඔබත් රමේෂ් මෙන්ඩිස් අතරත් තිබුනේ කෙබඳු සබඳතාවයක් ද? ඔබ දෙදෙනාගෙ සැලසුම කුමක් ද?
  • පිළිතුර   –     නායකයා සහ පුහුණුකරු සමග සාකච්ඡා කර අප දෙදෙනා සැමවිටම උත්සාහ කළේ පිතිකරුට දැඩි පීඩනයක් එල්ල කිරීමටයි.  රමේෂ් කඩුලු ගන්නා හැමවිටම මා අනෙක් අන්තයෙන් පීඩනය එල්ලකරමින් ඔහුට සහය ලබාදුන්නා.
  • ප්‍රශ්ණය    –           ඔබ දේශීය තරගවලත් මෙරට පැවැති ජාත්‍යන්තර තරගවලත් දස්කම් පෙන්වා තිබෙනවා.  එතෙර තරගාවලියන්ට සහභාගිවීම පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?
  • පිළිතුර   –     මම එංගලන්තයේත් බංග්ලාදේශයේත් ක්‍රීඩාකර තිබෙනවා එතෙර දී දස්කම් පෑමටත් මා හට බොහෝ වෙහෙසක් ගන්න සිදුවනවා.  පුහුණුකරුගේ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහය ඇතිව එම අභියෝගය ජයගන්නත් මා උත්සහ ගන්නවා.
  • ප්‍රශ්ණය    –           පාකිස්තානය සමග දෙවන ඉනිමේ දී අපගේ පන්දුවට පහරදීමේ වාරය නතර කරන්න ගත් කාලය ප්‍රමාද වැඩි ද? ලකුනු 450 – 500 ක් වැනි විශාල සංඛ්‍යාවක අභියෝගයක් දිය යුතුද?
  • පිළිතුර   –     ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගත් තීරණය නිවැරදියි.  එවැනි ලකුණු සංඛ්‍යාවක් කරායාමට අපහසු බව දැනගත් ඔවුන් (පකිස්තානය) අවසානයේ තීරණය කළේ ඉනිම ආරක්ෂා කරගැනීමටයි.  එයත් සාර්ථක වූයේ නෑ.
  • ප්‍රශ්ණය    –           පළමු ටෙස්ට් තරග තුනේ දී ලොව වැඩිම කඩුලු ලාභියන් අතර තෙවන පන්දු යවන්නා බවට ඔබ පත්ව සිටිනවා.  දේශීය තරගාවලියන්හි ලත් අත්දැකීම් ඊට උදව් වූවාද?
  • පිළිතුර   –     දේශීය තරගාවලියන්හි මට අත්දැකීම් රාශියක්ම ලැබුණා.  විශේෂයෙන්ම දිල්රුවන් පෙරේරා මා හට පන්දු යැවීම පිළිබඳව උපදෙස් රාශියක්ම ලබාදී තිබෙනවා.
  • ප්‍රශ්ණය    –           බාබර් අසාම් තෙවරක්ම දවාලීමට ඔබ සමත්වීම පිළිබඳව දරන්නේ කුමන ආකල්පයක් ද?
  • පිළිතුර   –     ඔහුට මම හැමවිටම එකම ආකාරයට පන්දු යැව්වේ නැහැ.  මම ඔහුට හොඳින් පන්දු යැව්වා.  ඒ එක්කම එකම ආකාරයට ඔහු දවාලීමට උත්සාහ කළෙත් නැහැ.  ඔහු උත්සාහ කළේ මගේ පන්දුවලට පහර දී මා පැත්තකට කිරීමටයි.  මා එයට ඉඩ තැබුවේ නැහැ.     

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee