slc
logo
Home   |    News
ජූලි 25, 2022
නිශාන් මධුෂ්කගෙන් තවත් ශතකයක්

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය වූ ජූලි 24 වැනිදා පැවැති තරග වලදී ලකුණු අතර සිටින පිතිකරුවකු වන රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක කැන්ඩි කස්ටම් සමග තරගයේ දී නැවත වතාවක් ලකුණු අතරට පිවිසෙමින් ලකුණු 108ක් රැස් කිරීමට සමත්විය. පන්දු 142ක ට මුහුණ දුන් නිශාන් මධුෂ්ක හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් ද එල්ල කළේය.

මෙදින (24) පැවැති තරග 11ක දී ටැමිල් යූනියන් කඩුලු 9කින් බ්ලූම්ෆීල්ඩ් ද, බී. ආර්. සී. කඩුලු 9කින් නුගේගොඩ ද, යුද හමුදාව කඩුලු පහකින් නිගම්බු ද, කෝල්ට්ස් කඩුලු 8කින් බදුරලිය ද, සී. සී. සී. කඩුලු 8කින් ගෝල් ද, එන්. සී. සී. ලකුණු 168කින් ලන්කන් ද, පොලිසිය ලකුණු 14කින් කලුතර ද, රාගම ලකුණු 119කින් කැන්ඩි කස්ටම් ද,  සෙබස්ටියනයිට්ස් ලකුණු 18කින් සරසන්ස් ද, නාවික හමුදාව කඩුලු පහකින් කුරුණෑගල යූත් ද, සහ ගුවන් හමුදාව කඩුලු 4කින් පානදුර ද පරාජයට පත් කළහ.

ටැමිල් යූනියන් කඩුලු 9කින් බ්ලූම්ෆීල්ඩ් පරාජය කරයි

ටැමිල් යූනියන් කණ්ඩායමේ නවෝද් පරනවිතාන ලකුණු අටකට කඩුලු හයක් දවාලමින් බ්ලූම්ෆීල්ඩ් ඉනිම ලකුණු 74ක ට සීමා කිරීමට සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් සියල්ල දැවී 74 (පන්දුවාර 21.5යි) – (තරිඳු ලංකාතිලක 29, අෂාන් ප්‍රනාන්දු 15, ප්‍රසන් වික්‍රමසිංහ 12, කවිඳු පතිරත්න 27/4, නවෝද් පරනවිතාන 08/6)

ටැමිල් යූනියන් කඩුලු 179 (පන්දුවාර 15.2යි) – (රොන් චන්ද්‍රගුප්ත 45, සිතාර හපුහින්න නොදැවී 22, මාධව වර්ණපුර 28/1)

බී. ආර්. සී. කඩුලු 9ක ජයක්

බී. ආර්. සී. කණ්ඩායමේ ඩිලාන් ජයලත් සහ තිලකරත්න සම්පත් අර්ධශතක රැස්කරමින් සහ දුමිඳු තිලකරත්න සහ දුෂාන් හේමන්ත කඩුලු දවාලමින් දක්ෂතා දැක්වූහ.

නුගේගොඩ සියල්ල දැවී 151 (පන්දුවාර 34.3) – (නයන ප්‍රනාන්දු 69, පැතුම් මධුශංඛ 25, සහන් නානායක්කාර 17, දුමිඳු තිලකරත්න 26/4, දුෂාන් හේමන්ත 35/3)

බී. ආර්. සී. කඩුලු 1155යි (පන්දුවාර 14.5යි) – (ඩිලාන් ජයලත් නොදැවී 85, තිලකරත්න සම්පත් 50, නිමන්ත පීරිස් 30/1)

යුද හමුදාවට කඩුලු 5 ක ජයක්

නිගම්බු සියල්ල දැවී 133 (පන්දුවාර 28.2යි) – (දිල්ෂාන් මුනවීර 28, මිසනුර් රහ්මන් 24, ජේටින් සක්සේනා 22, සඳරුවන් චින්තක 22, සුමිඳ ලක්ෂාන් 26/4, සීක්කුගේ ප්‍රසන්න 21/2, ගයාන් බන්ඩාර 25/2)

යුද හමුදාව කඩුලු 5135යි (පන්දුවාර 11.5යි) – (සීක්කුගේ ප්‍රසන්න 61, තිසර පෙරේරා නොදැවී 47, දිල්ෂාන් මුනවීර 41/2, පසිඳු උස්හෙට්ටිගේ 30/2)

කෝල්ට්ස් කඩුලු 8කින් බදුරලිය පරාජය කරයි

කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය කඩුලුපහක් දවාලමින් සහ ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 53ක් රැස්කරමින් දක්ෂතා දැක්වූහ.

බදුරලිය සියල්ල දැවී 115යි (පන්දුවාර 37.3යි) – (තාරක වඩුගේ 23, අනුක් ප්‍රනාන්දු 23, සෙනල් ද සිල්වා 19, අකිල ධනංජය 27/5, මුදිත ලක්ෂාන් 16/3)

කෝල්ට්ස් කඩුලු 2116යි (පන්දුවාර 21.2යි) – (ධනංජය ලක්ෂාන් නොදැවී 53, අවිශ්ක පෙරේරා 26, හෂාන් දුමිඳු නොදැවී 19, තමිඳු වික්‍රමආරච්චි 43/1)

සී. සී. සී. කඩුලු 9 ජයක්

සී. සී. සී. කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර කඩුලු 4ක් දවාලූ අතර පවන්ත වීරසිංහ සහ නිමේෂ ගුණසිංහ අර්ධශතක රැස්කළහ.

ගෝල් සියල්ල දැවී 190යි (පන්දුවාර 45.3යි) – (හිරන් බුද්දිල 47, තරිඳු අමරසිංහ 34, නුවන් ප්‍රියදර්ශන 21, මලින්ද පුෂ්පකුමාර 30/4)

සී. සී. සී. කඩුලු 1193යි (පන්දුවාර 25.1යි) – (පවන්ත වීරසිංහ 87, නිමේෂ ගුණසිංහ නොදැවී 80, රවිශ්ක විජේසිරි 45/1).

එන්. සී. සී. ලකුණු 168කින් ලන්කන් පරාජය කරයි

එන්. සී. සී. කණ්ඩායමේ අසේල සිගේරා තම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

එන්. සී. සී. කඩුලු 7243 (පන්දුවාර 50යි) – (අසේල සිගේරා නොදැවී 61, ළහිරු උදාර 92, සමිඳු කොළඹගේ නොදැවී 23, මිරංග වික්‍රමගේ 35/3, සඳුන් අබේවර්න 40/2)

ලන්කන් සියල්ල දැවී 75 (පන්දුවාර 31.2යි) – (මිරංග වික්‍රමගේ 22, සදීප් ජයවර්ධන 24, කසුන් අබේරත්න 16, අසේල් සිගේරා 22/4, නිපුන් රන්සික 9/2)

පොලිසිය ලකුණු 14කින් කලුතර නගරය පරාජය කරයි

ජයග්‍රාහී පොලිස් කණ්ඩායම වෙනුවෙන් අෂේන් බණ්ඩාර නායක චාමර සිල්වා සහ මලිත් සිල්වා දක්ෂතා දැක්වූහ.

පොලිසිය සියල්ල දැවී 163 (පන්දුවාර 49යි) – (අෂේන් බණ්ඩාර 46, චාමර සිල්වා 40, චතුරංග කුමාර 23, අභිෂේක් ආනන්දකුමාර 22/2, තරිඳු සිරිවර්ධන 20/2, කෞෂල් කුලසූරිය 50/2)

කලුතර සියල්ල දැවී 149 (පන්දුවාර 46.2යි) – (කණිෂ්ක මධුවන්ත 35, අභිෂේක් ආනන්ද කුමාර 28, ටී. වීරසිංහ 25, තරිඳු සිරිවර්ධන 23, මලිත් සිල්වා 28/4, නදීර බාලසූරිය 33/3)

රාගම ලකුණු 119කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි

රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක නැවත වතාවක් ලකුණු අතරට පිවිසෙමින් පන්දු      142ක ට මුහුණ දී හතරේ හයක් සහ හයේ තුනක් සමග ලකුණු 108ක් රැස්කර තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් විය.

රාගම සියල්ල දැවී 216 (පන්දුවාර 50යි) – (නිශාන් මධුෂ්ක 108, ජනිත් ලියනගේ 27, ඉෂාන් ජයරත්න 22, පසන් පෙතියගොඩ 42/3, අරුල් ප්‍රගාසම් 51/2, අයේෂ් හර්ෂන 48/2)

කැන්ඩි කස්ටම් සියල්ල දැවී 97යි (පන්දුවාර 30.4යි) – (අකීල් ඉන්හම් 32, සළිදු පතිරණ 22, සමිත රංග 17, ඩෙලන් පීරිස් 13/5, සසික දුල්ෂාන් 18/2)

සෙබස්ටියනයිට්ස් ලකුණු 18කින් සරසන්ස් පරාජය කරයි

කණ්ඩායම් දෙක ලකුණු 500 ඉක්මවා රැස්කළ මේ තරගයේ අවසානය තෙක්ම තියුණු මුහුණු වරක් ඉසිලීය.

සෙබස්ටියනයිට්ස් සියල්ල දැවී 272 (පන්දුවාර 50) – (සචා ද අල්විස් 58, සචිත ජයතිලක 35, ලොහාන් ද සොයිසා 57, අක්ස්ඩිස් නාත් 25, කවිෂ කහතුඩුව ආරච්චි 19/3, සඳුන් මෙන්ඩිස් 43/2)

සරසන්ස් සියල්ල දැවී 254 (පන්දුවාර 50) – (ෆසාන් සුබාන් 50, මොහමඩ් වකස් 35, සඳුන් මෙන්ඩිස් 34, නවීන් විතානගේ 29, චමල්ක ද සිල්වා 48/4, තරිඳු රත්නායක 25/2).

නාවික හමුදාව කඩුලු පහකින් කුරුණෑගල පරාජය කරයි.

නාවික හමුදාවේ මධුර මධුශංඛ සහ සචිත්‍ර සේනානායක නාවික හමුදා ජයග්‍රහණය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලිණි.

කුරුණෑගල යූත් කඩුලු 5218යි (පන්දුවාර 50යි) ­­ – (ගයාන් මනීෂාන් 94, දිල්ෂාන් කොල්ලුරේ 56, ළහිරු ජයරත්න 44, දිලංක අටුවාඩ් 53/2)

නාවික හමුදාව කඩුලු 5221 (පන්දුවාර 44.4යි) – (මධුර මධුශංඛ නොදැවී 74, සචිත්‍ර සේනානායක 45, සුපුන් ලීලාරත්න 29, සුහංග විජේවර්ධන 26, ළහිරු ජයරත්න 56/2, මධුරංග නවීන් 29/2)

ගුවන් හමුදාව කඩුලු 4කින් පානදුර පරාජයට පත් කරයි.

ජයග්‍රාහී නාවික හමුදාව වෙනුවෙන් දේශාන් ප්‍රනාන්දු, රාජිත රත්නායක සහ ආදිත්‍ය සිරිවර්ධන දක්ෂතා දැක්වූහ.

පානදුර සියල්ල දැවී 139 (පන්දුවාර 44යි) ­­– (නිමේෂ් විමුක්ති 34, රොෂාන් විජේනායක 18, පවන් ද සිල්වා 16, මුවින් සුබසිංහ 20/2, දේශාන් ප්‍රනාන්දු 35/4, දුලාංජන මෙන්ඩිස් 25/2)

නාවික හමුදාව කඩුලු 6ට 140 (පන්දුවාර 45.4යි) – (රාජිත රත්නායක 36, ආදිත්‍ය සිරිවර්ධන නොදැවී 33, සාහිල් ඩයස් 18, කොසාන් ධනුෂ්ක 16/2, නිමේෂ් විමුක්ති 32/2)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest