slc
Home   |    News
ජූලි 13, 2022
පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි – වැඩි ගෞරව ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට

sinhala editor

පාකිස්තානු පිලට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තුන්දින පුහුණු තරගය අද (13 දා) ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තෙවැනි දින තරගය නිමා වන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානු පිල කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටියේය.

ඉමාම් උල් හක් ලකුණු 30 කදීද ෆාවඩ් අලාම් ලකුණු 06 කදී  දැවී ගියද අබ්දුල්ලා ශෆික් එක්වූ අසාර් අලී (40) පාකිස්තානු දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු රැස් කළහ. ලකුණු 40 ක් ලබා සිටියදී අසාර් අලී ලකුණු 40 ක් ලබා සිටියදීද අබ්දුල්ලා ෂෆීක් ලකුණු 63 ක් ලබා සිටියදී ඉනිම හමාර කොට සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීම වෙනුවෙන් පිටියෙන් ඉවත්ව ගියහ.

තරගය නිමා වන විට සෆ්‍රාස් අහමඩ් ලකුණු 21 ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

කඩුලු 5 කට ලකුණු 278 ක් තිබියදී තෙවැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිල පළමු ඉනිම සඳහා අද දිනයේ තවත් ලකුණු 97 ක් රැස් කිරීමෙන් පසු ඉනිම අත් හිටුවා පාකිස්තානු පිලට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා ආරාධනා කර සිටියේය. දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් XI පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීමය. දෙවැනි දිනයේදී ඉනිම අරැඹි මදුශ්ක පන්දුවට පහර දෙමින් සිටියදී අසනීප තත්ත්වයක් මත පන්දුවට පහර දීම පසෙක තබා පිටියෙන් ඉවත් විය.

නුවනිඳුගේ දැවී යෑමෙන් පසු නැවතත් පිටියට පිවිසි මදුශ්ක පන්දු 94 කදී ලකුණු 57 ක් ලබා ගත්තේ හතරේ පහර 9 ක්ද සිය ඉනිමට එකතු කර ගනිමිනි. මැද පෙළින් පැමිණි චාමික කරුනාරත්න ලකුණු 27 ක් වාර්තා කර ද්දී මිනෝද් භානුක ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 100 කදී සියලු දෙනා දැවී ලකුණු 323 යි – (අබ්දුල්ලා ශෆික් 03, ඉමාම් උල් හක් 00, අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, ශාන් මසූඩ් 06, සෞද් ශකීල් 30, අඝා සල්මන් 55, මොහොමඩ් නවාස් 17, යසීර් ෂා 09, ෂශීන් ෂා අෆ්රිඩි (නොදැවී) 05, ලක්ෂිත මානසිංහ 85/4, ලසිත් ඇඹුල්දෙණිය 83/2, ඩිල්ෂාන් මදුශංක 59/2, ප්‍රමෝද් මදුශාන් 29/1, උදිත් මදුශාන් 23/1)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල පන්දුවාර 99 කදී කඩුලු 8 ට ලකුණු 375 යි – (නිශාන් මදුශ්ක 57, සදීර සමරවික්‍රම 91, නුවනිදු ප්‍රනාන්දු 78, නිපුන් ධනංජය 14, ළහිරු උදාර 04, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න 27, මිනෝද් භානුක  (නොදැවී) 32, අෂේන් බණ්ඩාර 12, ලක්ෂිත මානසිංහ (නොදැවී) 18, ශහීන් ෂා අෆ්රිඩි 34/1, හසන් අලී 35/1, අඝා සල්මන් 76/1, නසීම් ෂා 34/1, යසීර් ෂා 86/1, මොහොමඩ් නවාස් 24/2, ෆහීම් අෂ්රෆ් 10/1)

පාකිස්තානු කණ්ඩායම දෙවැනි ඉනිම පන්දුවාර 50 කදී කඩුලු 2 ට ලකුණු 178 යි – (අබ්දුල්ලා ශෆික් 63, ඉමාම් උල් හක් 30, ෆාවඩ් අලාම් 06, අසාර් අලී 40, සෆ්‍රාස් අහමඩ් නොදැවී 21, මො‌හොමඩ් නවාස් නොදැවී 13, ක්ෂිත මානසිංහ 50/1, ලසිත් ඇඹුල්දෙණිය 72/1)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest