slc
Home   |    News
ජූලි 21, 2022
මුල් ඉනිමේදී අපට මිට වඩා ලකුණු ලබාගත යුතුව තිබුණා – ධනංජය ද සිල්වා

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රථම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා මාධ්‍ය හමුවේදී පළකළ අදහස් පහත දැක්වේ.

ප්‍රශ්ණය – ප්‍රථම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා නොකළ පරාජයකට මුහුණදීමට සිදුවූවා. ලංකා කණ්ඩායමේ පරාජයට හේතු කුමක් ද ? වැරැදුනේ කොතැනකද?

උත්තරය – පළමු ඉනිමේදී අප ලබාගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. මෙවැනි ටෙස්ට් තරගයක ප්‍රථම ඉනිමේ ලකුණු 350-400ක් වත් අවශ්‍යයි. ප්‍රථම ඉනිමේ අප ලබාගත් ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් නෑ. දෙවන ඉනිමේදී අප හොඳින් පන්දුවට පහරදුන්නත් හතරවන සහ පස්වන දිනවල අපගේ දඟ පන්දු යවන්නන්ට තණතිල්ලෙන් වාසි අත්වූයේ නෑ.

ප්‍රශ්ණය – අපට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මීට පෙර තරගයේදී ලොව අංක එකට ශ්‍රේණිගතව සිටින ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට හැකිවූවා. ඒත් ඊට පහළින් සිටින පාකිස්තානය වෙතින් අපි අද පරාජය වූවා. ඒ පිළිබඳව කණ්ඩායමේ අදහස හා ක්‍රීඩක මානසිකත්වය කෙසේද?

උත්තරය – ශ්‍රේණිගත කිරීමේ බලපෑමක් මෙයට බලපාන්නේ නෑ. එදා අප ඕස්ට්‍රේලියාව සමඟ තරග කළ තණතිල්ලට වඩා මේ තරගයේ තණතිල්ල වෙනස්. ගාල්ල තණතිල්ල හතරවන සහ පස්වන දිනවල පිතිකරුවනට වාසිදෙන්නේ නෑ. එම දිනවල වාසිදෙන්නේ දඟපන්දු යවන්නන්ටයි. ඒත් මෙවර එය සිදුවූයේ නැහැ. ඒ සමඟම අපට දවාගැනීම් ලබාගැනීමට තිබූ අවස්ථා මගහැරී යාමද පාඩුවක් වූවා.

ප්‍රශ්ණය – ගාල්ල තණතිල්ල සාමාන්‍යෙයන් දඟපන්දු යවන්නන්ට වාසිදායකයි. ඒත් අපගේ දඟපන්දු යවන්නන්ට අවසානයේ ඉන් ප්‍රයෝජන ගැනීමට බැරිවූයේ ඇයි?

උත්තරය – මීට පෙර තරගවලදීත් ගාල්ල තණතිල්ල අවසාන දින දෙකේදී දඟපන්දු යවන්නන්ට වාසිගෙන දී තිබෙනවා. ඒත් මෙවර එය එසේ සිදුවූයේ නෑ. අපි මේ තරගයට දඟපන්දු යවන්නන් තිදෙනෙකුම සහභාගිකරවාගෙන ගියත් එම අරමුන සිදුවූයේ නෑ.

ප්‍රශ්ණය – පන්දු රැකීමේ පිටිය සැකසීමේදී මීට වඩා පිතිකරුට පීඩනය ගෙන දෙන අභියෝගාත්මක ලෙස පිටිය සකස් කළා නම් හොඳයිනේද?

උත්තරය – එක අතකින් එය ඇත්තක්. එහෙත් ප්‍රභාත් ජයසූරිය පමණක් එක් අන්තයකින් පීඩනය ගෙන දෙන අයුරින් පන්දු යවද්දී අනෙක් පැත්තෙන් ලකුණු ගියොත් එය පාඩුවක්. මෙවැනි තරග දිනවන්නේ වැඩිපුර හතරේ පහර එල්ල කිරීමෙන්. එක් අන්තයකින් එසේ සිදුවීම අපට අවාසියක් වූවා.

ප්‍රශ්ණය – මේ වගේ විශාල ජයග්‍රහණ ඉලක්කයක් දීලත් එය දෙවැනි ඉනිමේ රැකගැනීමට නොහැකිවීම පිළිබඳව ක්‍රීඩක මානසිකත්වය කෙසේද?

උත්තරය – මෙය එම දිනයේ තරග කරන එසේ නැතිනම් පන්දුවට පහරදෙන හෝ පන්දු යවන විලාශය අනුව සිදුවන සිදුවීමක්. එක් කණ්ඩායමක් අද හොඳට කළොත් හෙට අනෙක් කණ්ඩායම එය කරාවි. එම දිනයේ හොඳට කරන කණ්ඩායමට වාසි අත්වනවා.

ප්‍රශ්ණය – කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල පෙන්වන දක්ෂතා ප්‍රමාණවත් මදිනොවේද?

උත්තරය – දඟ පන්දු යවන්නන් වෙනුවෙන් අපට සිටින හොඳම කඩුලු රකින්නා නිරෝෂන් දික්වැල්ලයි. ඔහු තරග 50කට වඩා ක්‍රීඩාකර අත්දැකීම්ද රැසක් ලබාසිටිනවා. අවශ්‍ය වේලාවන්හි ලකුණු ද ඔහු රැස්කරදෙනවා ඔහු ළඟදීම විශාල ලකුණු සංඛ්‍යා කරායාවි.

ප්‍රශ්ණය – ඔබ තුන්ඉරිව්වේම දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වුවත් මෙවර එසේ කිරීමට නොහැකිවූවා. පන්දු යැවීමේදී ඔබට දස්කම් දැක්වීමට අවස්ථාව නොලැබුණේ පන්දු යැවීමට එතරම් අවස්ථාවක් නොලැබුණු නිසාද?

උත්තරය – හොඳට පන්දුවට පහරදීමට මා හට නොලැබීම මා අතින් සිදුවූ අඩුපාඩුවක්. පන්දු යවන්න මට එතරම් අවස්ථාව නොලැබුණේ තවත් දඟ පන්දු යවන්නන් තිදෙනෙකුම කණ්ඩායමේ සිටි නිසයි. එහෙත් දෙවන ඉනිමේදී මා හට වැඩිපුර පන්දු යැවීමට අවස්ථාව ලැබුණා. ස්ථීර දඟපන්දු යවන්නන් වැඩිපුර කණ්ඩායමේ සිටින විට නායකයා නිතර උත්සහ ගන්නේ ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීමටයි.

ප්‍රශ්ණය – ප්‍රථම ටෙස්ට් තරගයෙන් අප පරාජය වූවා. ඕස්ට්‍රේලියාව සමගත් අප මෙලෙසම පරාජය වී දෙවැනි තරගය ජයගත්තා. මේ තරගාවලියේත් එලෙස සිදුකිරීමට පන්දු යවන්නන්ගේත් පිතිකරුවන්ගේත් සංයුතියේ යම් වෙනස්කම් ඉදිරියේ සිදුවේද?

උත්තරය – ඉදිරි දින දෙක තුන තුළදී නායකයා පුහුණුකරු සහ තේරීම් කමිටුව සාකච්ඡා කර එය අවශ්‍ය නම් සිදුකරාවි.

මුල් ඉනිමේදී අපට මිට වඩා ලකුණු ලබාගත යුතුව තිබුණා ධනංජය ද සිල්වා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest