slc
logo
Home   |    News
ජූලි 30, 2022
මේජර් ආවසාන පුර්ව  වටයේ හමුවන ප්‍රබල  ක්‍රීඩකයෝ

sinhala editor

මේජර්  එක්දින ක්‍රිකට්  තරගාවලියේ දී සෙනසුරාදා (30) අවසාන  පුර්ව තරග දෙකකදී ප්‍රබලම  ක්‍රීඩකයන් රැසක්ම තරග වැදීමට නියමිතය. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටැමිල් යුනියන් – සී.සී.සී. ප්‍රථම අවසාන  පුර්ව තරගය මෙම  අවසාන  පුර්ව තරග දෙකෙන් වඩාත්  තියුණු මුහුණුවරක් ගනිතැයි අපේක්ෂිතය. ටැමිල්  යුනියන් මුලික වටයේ තරග 12න්  10ක්  ජයගත් අතර  සී.සී.සී. මුලික්  වටයේ තර  12න්  තරග 11ක්ම ජය ලැබීය .ප්‍රථම වටය් නිමවන විට ටැමිල් යුනියන් ‘ඒ ‘  කොටසේ ප්‍රථම ස්ථානයත්  සී.සී.සී. ‘බී’ කොටසේ දෙවන  ස්ථානයටත් පත්ව  සිටී.

සධීර  සමරවික්‍රම නායකත්වය දරන ටැමිල් යුනියන් කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් ලෙස  මුලික වටයේ දස්කම් දැක්වුයේ නායක  සධීර සමරවික්‍රම , සිතාර ගිම්හාන්,නවෝද්‍ය පරනවිතාන  රොන්  චන්ද්‍රගුප්ත්, ඉසුරු උදාන, දිල්රුවන් පෙරේරා සහ සංතූෂ් ගුනතිලකය. පන්දු යවන්නන්  අතරින් දස්කම් දැක්වුයේ දිලුම් සුධීර, කවිදු පතිරත්න, ඉසුරු උදාන සහ රවිදු ප්‍රනාන්දි

අෂාන්  ප්‍රියංජන  නායකත්වය උසුලන  සී.සී.සී. කණ්ඩායමට නිමේෂ  ගුණසිංහ , පවන්  වීරසිංහ , මිනෝද් භානුක සහ  ලසිත් අබේරත්න , ප්‍රබලම පිතිකරුවන් ඇතුළත් වෙති. ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුන්  ඉරියව්  ක්‍රීඩකයා වන  වනිදු හසරංග  ද සිල්වා  සී.සී.සී. නියෝජනය  කිරීම විශේෂත්වයකි සී.සී.සී. දක්ෂ පන්දු යවන්නන් වන්නේ  වනිදු හසරංග  මලින්ද පුෂ්පකුමාර ,චමිදු වීරසිංහ ,සහ නායක අෂාන්  ප්‍රියංජනය.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන අවසාන පුර්ව තරගයට තරගවදින්නේ යුද හමුදාව සහ  ඒස් කැපිටල්ය (වරයඅධිකාරිය)  යුදහමුදාව ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයන් රැස්කින් සමන්විතය . ශ්‍රි ලංකාව නියෝජනය  කර  ඇති තිසර පෙරේරා , අසේල ගුනරත්න , සීක්කුගේ  ප්‍රසන්න තුන් ඉරියව්වේම දක්ෂතා දක්වති. පිතිකරුවන් අතුරින් සීක්කුගේ ප්‍රසන්න ,ලක්ෂාන් එදිරිසිංහ, හිමාෂ ලියනගේ , ෂෙහාන් ප්‍රානාන්දු  අසේල ගුනරත්න  සහ නායක තිසර පෙරේරා  කැපි පෙනෙති. කණ්ඩායමේ දක්ෂ පන්දු  යවන්නන් වන්නේ සුමිදු  ලක්ෂන් , අසංක  මනෝජ් , ගයාන්  බණ්ඩාර , අසේල ගුනරත්න සහ සීක්කුගේ ප්‍රසන්නය.

ඒස්  කැපිටල් කණ්ඩායමේ නායකත්වය දෙන්නේ ලසිත් කෘස්පුල්ලේය ෂෙහාන් ප්‍රානාන්දු ,තානුක  දාබරේ , ලසිත් කෘස්පුල්ලේ, දුලික  තිස්ස්කුට්ටිගේ පිතිකරුවන් ලෙසත ලසිත් කෘස්පුල්ලේය ,චානක දේවින්ද සහ නිමසර අතරගල්ල දක්ෂ  පන්දු  යවන්නන්  ලෙසත්  මේ කණ්ඩායමේ කැපී  පෙනෙති.

ප්‍රථම අවසන්   පුර්ව තරගය  – කෝල්ට්ස් පිටිය

ටැමිල් යුනියන් කණ්ඩායම   සිතාර ප්‍රනාන්දු , රොන්  චන්ද්‍රගුප්ත් ,රවිදු ප්‍රනාන්දු  නවෝද්‍ය පරනවිතාන ,ඉසුරු උදාන ,දිල්රුවන් පෙරේරා ,සංතූෂ් ගුනතිලක, සධීර  සමරවික්‍රම (නායක)  කවිදු පතිරත්න පෙරේරා  දිලුම් සුධීර  සහ කමේෂ් නිර්මාල් 

සී.සී.සී  කණ්ඩායම  – නිමේෂ ගුණසිංහ , පවන්ත  වීරසිංහ ,අෂාන් ප්‍රියංජන (නායක)  මිනෝද්  භානුක  , ලසිත් අබේරත්න වනිදු හසරංග ද සිල්වා පවන්  රත්නායක  චමිදු  විජේසිංහ මලින්ද  පුෂ්පකුමාර සහ  යසරුවන් හේරත් 

දෙවන  අවසන පුර්ව  තරගය – එන්.සී.සී  පිටිය

යුදහමුදා කණ්ඩායම –  ෂෙහාන් ප්‍රානාන්දු සීක්කුගේ ප්‍රසන්න ලක්ෂාන් එදිරිසිංහ , හිමාෂ ලියනගේ  අසේල ගුනරත්න  තිසර පෙරේරා  නායක  මහේෂ් කුමාර සුමිද ලක්ෂාන්  අසංක මිනෝජ් ගයාන් බණ්ඩාර සහ රශ්මික   සිරිවර්ධන  

ඒස් කැපිටල් කණ්ඩායම  – තානුක දාබරේ ලසිත් කෘස්පුල්ලේ නායක ෂෙහාන් ප්‍රානාන්දු දුලික තිස්සකුට්ටිගේ ප්‍රමුද් හෙට්ටිවත්ත, සකුන ලියනගේ ටී බාස්කරන්   අෂාන් දිල්හාර  අමිත්  දගාබරේ  චානක  දේවින්ද  නිමසර අතරගල්ල

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee