slc
Home   |    News
ජූලි 11, 2022
මේජර් කණ්ඩායම් 11කට ජයග්‍රහණ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (10) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේදී තවත් කණ්ඩායම් 11ක් ජයග්‍රහණ අත්කර ගත්හ. මුවර්ස්, සී.සී.සී, පොලීසිය, වරාය, නිගම්බු, කැන්ඩි කස්ටම්, බී.ආර්.සී, සෙබස්ටියනයිට්ස්, එන්.සී.සී., යුද හමුදාව සහ චිලව් මේරියන්ස්ය.

මෙදින විශේෂ සිදුවීම් වූයේ සෙබස්ටියනයිට්ස් එස්.එස්.සී. පරාජය කිරීම සහ තියුණු තරගයකින් පසු එන්.සී.සී ටැමිල් යූනියන් පරාජයට පත්කිරීමය.

මුවර්ස් කඩුලු 9කින් බදුරලිය පරාජය කරයි

මුවර්ස් කණ්ඩායමේ මිලාන් රත්නායක, චානුක දිල්ෂාන් සහ දිනුක දිල්ෂාන් මේතරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.

බදුරලිය සියල්ල දැවී 88 (පන්දුවාර 24.1යි) – (මලිඳු මදුරංග 35, ගිහාන් රූපසිංහ 19, මිලාන් රත්නායක 13/3, චානුක දිල්ෂාන් 37/3, දිනුක දිල්ෂාන් 15/2)

මුවර්ස් කඩුලු 193 (පන්දුවාර 10යි) – (දිනුක දිල්ෂාන් නොදැවී 55, සොහාන් ඩිලිවේරා නොදැවී 22, අනුක් ප්‍රනාන්දු 11/1)

සී.සී.සී. කඩුලු 9කින් නුගේගොඩ පරාජය කරයි

ජයග්‍රාහී සී.සී.සී කණ්ඩායම වෙනුවෙන් පවන් වීරසිංහ, මිනෝද් භානුක සහ සුවත් මෙන්ඩිස් මෙහිදී පන්දුවට පහරදීමේදී සහ පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූහ.

නුගේගොඩ සියල්ල දැවී 151යි (පන්දුවාර 32.2යි) – (නවීන් ප්‍රනාන්දු නොදැවී 28, බිෂාන් මෙන්ඩිස් 20, කෙවින් පෙරේරා 20, සුවත් මෙන්ඩිස් 41/3, අෂාන් ප්‍රියංජන් 29/2, ලක්ෂාන් සඳකැන් 16/2)

සී.සී.සී කඩුලු 1156 යි (පන්දුවාර 19.5යි) – (පවන් වීරසිංහ නොදැවී 78, මිනෝද් භානුක නොදැවී 58, හංස ද සිල්වා 12/1)

පොලීසිය කඩුලු හතරකින් සරසන්ස් පරාජය කරයි.

පොලීසිය මේ තරගයෙන් ජයගත්තේ පන්දුවාර 30.1ක් ඉතිරිවය. නුවන් ප්‍රදීප්, චරිත් සුදාර, ගිටාන්ස් කේරා සහ අසේල බණ්ඩාර පොලීසි වෙනුවෙන් කැපීපෙනිණි.

සරසන්ස් සියල්ල දැවී 111යි (පන්දුවාර 27.4යි) – (චමල්ක ප්‍රනාන්දු 28, ගිහාන් ඊබට් 16, සිතාර ගිම්හාන් 15, නුවන් ප්‍රදීප් 41/5, චරිත් සුදාරක 30/4)

පොලීසිය කඩුලු 6113යි (පන්දුවාර 19.5යි) – (ගිටාන්ස් කේරා 49, අසේල බණ්ඩාර 44, ආකාෂ් සේනාරත්න 49/3, ප්‍රවීන් සඳමාල් 21/2)

ඒස් කැපිටල් කඩුලු හතරකින් ලන්කන් පරාජය කරයි

වරාය අධිකාරිය වෙනුවෙන් තානුක දාබරේ (89) චානක දේවින්ද සහ ෂෙහන් ප්‍රනාන්දු දක්ෂතා දැක්වූහ.

ලන්කන් සියල්ල දැවී 193 (පන්දු 49.5යි) – (යසිරු රුද්‍රිගෝ නොදැවී 54, රවිඳු රත්නායක 44, පූර්ණ වන්නිතිලක 28, චානක දේවින්ද 26/3, ෂෙහාන් ප්‍රනාන්දු 41/3, ලසිත් කෘස්පුල්ලෙ 37/2)

වරාය අධිකාරිය කඩුලු හයට 194යි (පන්දුවාර 32යි) – (තානුක දාබරේ 89, ලසිත් කෲස්පුල්ලේ 30, ප්‍රමෝද් හෙට්ටිවත්ත නොදැවී 24, යසිත් රූපසිංහ 42/2, රජීව වීරසිංහ 37/2, මිරංග වික්‍රමගේ 42/2)

නිගම්බු ලකුණු 169කින් ගුවන් හමුදාව පරාජය කරයි

නිගම්බු නායක දිල්ෂාන් මුනවීර මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවිණි.

නිගම්බු කඩුලු 8242 (පන්දුවාර 50යි) – (සඳරුවන් චින්තක 51, දිල්ෂාන් මුනවීර 48, දිල්ෂාන්  ලොකුබණ්ඩාර 47, ජටින් සක්සෙනා 44, මුවින් සුබසිංහ 31/3, ගයාන් සිරිසෝම 39/2)

ගුවන් හමුදාව සියල්ල දැවී 73යි (පන්දුවාර 21.2යි) – (චාමර ප්‍රනාන්දු 18, මුවින් සුබසිංහ 15, ධනුෂ්ක සඳරුවන් 15/5, දිල්ෂාන් මුනවීර 31/3)

කැන්ඩි කස්ටම් ලකුණු 22කින් කුරුණෑගල යූත් පරාජය කරයි

කැන්ඩි කස්ටම් වෙනුවෙන් රශ්මික මධුශංඛ අරුල් ප්‍රකාශ් සහ මෙතුෂාන් තිළිණ දක්ෂතා පෙන්වූහ.

කැන්ඩි කස්ටම් සියල්ල දැවී 151 (පන්දුවාර 42යි) – (රශ්මික මධුශංඛ 60, තරිඳු රුක්ෂාන් 15, සළිඳු පතිරණ 14, ළහිරු ජයරත්න 31/3, මධුරංග නවීන් 32/2, ගයාන් මනීෂාන් 7/2)

කුරුණෑගල යූත් සියල්ල දැවී 129 (පන්දුවාර 34) – (දිල්ෂාන් කොල්ලුරේ 32, ගයාන් මනීෂාන් 21, සංජීව ප්‍රියදර්ශන 21, අරුල් ප්‍රකාශ් 39/3, මතුෂාන් තිළිණ 26/3,නිසල ආකාෂ් 19/2)

බී.ආර්.සී කඩුලු හයකින් පානදුර පරාජය කරයි

බී.ආර්.සී නායක තිලකරත්න සම්පත් නොදැවී ලකුණු 78ක් රැස්කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට ප්‍රධාන හවුල්කරුවකු බවට පත්විය.

පානදුර සියල්ල දැවී 132 (පන්දුවාර 31.5යි) – (නිමේෂ් විමුක්ති 39, කෞසාන් ධනුෂ්ක 20, පරුන් පලවට් 18, සචින් පීරිස් 18/3, දුවිඳු තිලකරත්න 18/2)

බී.ආර්.සී.කඩුලු 4135යි (පන්දුවාර 23.1යි) – (තිලකරත්න සම්පත් 78, කෙවින් කොත්තිගොඩ නොදැවී 22, නිමේෂ් විමුක්ති 17/1)

සෙබස්ටියනයිට්ස් ලකුණු 23කින් එස්.එස්.සී.පරාජය කරයි

සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ අක්ස්දීප් නාත් ලකුණු 154ක් රැස්කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල්විය.

සෙබස්ටියනයිට්ස් සියල්ල දැවී 255 (පන්දුවාර 41යි) – (අක්ස්දීප් නාත් 154,මනෙල්ක ද සිල්වා 36, කළණ පෙරේරා 43/3, ශෂික දිල්ෂාන් 44/2)

එස්.එස්.සී සියල්ල දැවී 232 (පන්දුවාර 48.2යි) – (ෂම්මු අෂාන් 50, චමිඳු වික්‍රමසිංහ 35,කළණ පෙරේරා 32, නිසල තාරක 28, අක්තාබ් කාදර් 47/3, ලොහාන් ද සොයිසා 33/3)

එන්.සී.සී කඩුල්ලකින් ටැමිල් යූනියන් පරාජය කරයි

ඉතා තියුණු මුහුණුවරක් ඉසිලු මේ තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ අසේල් සිගේරා තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් තම කණ්ඩායමට ජයග්‍රහණ ලැබීමට මූලිකවිය.

ටැමිල් යූනියන් සියල්ල දැවී 105 (පන්දුවාර 32.1යි) – (කමේෂ් නිර්මාල් 26, නවෝද් පරණවිතාන 22, අසේල් සිගේරා 18/5, යුගීෂ දිසානායක 25/2, අෂේන් ඩැනියල් 16/2)

එන්.සී.සී කඩුලු 9109යි (පන්දුවාර 28.2යි) – (උපුල් තරංග 20, අම්සි ද සිල්වා 18, අසේල් සිගේරා 16, දිල්රුවන් පෙරේරා 21/5, රවිඳු ප්‍රනාන්දු 42/2)

යුද හමුදාව කඩුලු 8කින් රාගම පරාජය කරයි

යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සීක්කුගේ ප්‍රසන්න සහ අසංක මනෝජ් කණ්ඩායමේ ජයග්‍රහණයට වෙනුවෙන් දක්ෂතා දැක්වීමට මුල්විණි.

රාගම සියල්ල දැවී 122 (පන්දුවාර 31.2යි) – (නිශාන් මදුෂ්ක 21,ජනිත් ලියනගේ 19, කල්හාර සේනාරත්න 18, ඉෂාන් ජයරත්න 18, අසංක මනෝජ් 43/4යි, සීක්කුගේ ප්‍රසන්න 24/3)

යුද හමුදාව කඩුලු 2125යි (පන්දුවාර 24.5යි) – (ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 61, ෂෙහාන් ප්‍රනාන්දු 30, අෂාන් රන්දික 27, ඩෙලන් පීරිස් 19/1)

චිලව් මේරියන්ස් ලකුණු 68කින් නාවික හමුදාව පරාජය කරයි.

චිලව් මේරියන්ස් කණ්ඩායමේ ගවුරව් ජතාර් ලකුණු 122ක් රැස්කරමින් සහ අවිඳු තීක්ෂණ කඩුලු තුනක් දවාලමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවිය.

චිලව් මේරියන්ස් සියල්ල දැවී 225 (පන්දුවාර 49.4යි) – (ගවුරව් ජතාර් 122, අනුජ් ජොටින් 31, දිල්ෂාන් සංජීව 25, ළහිරු ජයකොඩි 32/3, රොමේෂ් සුරංග 53/4)

නාවික හමුදාව සියල්ල දැවී 157 (පන්දුවාර 45.5) – (ළහිරු ජයකොඩි 49, මාලිංග මලිගස්පෙ 47, අවිඳු තීක්ෂණ 32/3, පුලින තරංග 27/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest