slc
Home   |    News
ජූලි 9, 2022
ශතක දෙකක් සමඟ ජයග්‍රහණ දහයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැති තරග දහයකදී එස්.එස්.සී, කෝල්ට්ස්, යුද හමුදාව, පොලීසිය, එන්.සී.සී, සී.සී.සී, රාගම, චිලව් මේරියන්ස්, ගෝල් සහ නාවික හමුදාව යන කණ්ඩායම් දහය ජයග්‍රහණ අත්කර ගත්හ.

ශ්‍රී ලංකා පොලීසියේ ගිටාන්ස් කේරා සෙබස්ටියනයිට්ස් සමඟ නොදැවී ලකුණු 107ක්ද රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක නුගේගොඩ සමඟ ලකුණු 165ක්ද රැස්කරමින් මෙදින් ශතක වාර්තා කිරීමට සමත්විණි.

එස්.එස්.සී. ලකුණු 19කින් මුවර්ස් පරාජය කරයි

එස්.එස්.සී.නායක දසුන් ශානක ලකුණු 43ක් රැස්කිරීම සහ එම කණ්ඩායමේ සසික දිල්ෂාන් ලකුණු 21කට කඩුලු 7ක් දවාලීම මත ඔවුනට ලකුණු 19ක ජයක් අත්විය.

එස්.එස්.සී. සියල්ල දැවී 120 (පන්දුවාර31.2යි) – (දසුන් ශානක 43, කවිශ්ක සේනාධීර නොදැවී 27, නිපුන් ධනංජය 19, දිනුක දිල්ෂාන් 41/6, චානුක දිල්ෂාන් 21/2)

මුවර්ස් සියල්ලදැවී 101 යි (පන්දුවාර 24යි) – (ෂොහාන් ඩිලිවේරා 59, පබසර වඩුගේ 13, සසික දිල්ෂාන් 21/7, නිපුන් ධනංජය 33/3)

කෝල්ට්ස් කඩුලු හයක ජයක්

ජයග්‍රාහි කෝල්ට්ස් කණ්ඩායමේ සංගීත් කුරේ නොදැවී ලකුණූ 69ක් රැස්කළ අතර කලුතර නගර කණ්ඩායමේ නායක ඉන්සක සිරිවර්ධන තුන් ඉරියව්වේම දක්ෂතා දැක්විය.

කලුතර නගර කණ්ඩායම සියල්ල දැවී 149යි (පන්දුවාර 42.4 යි) – (ඉන්සක සිරිවර්ධන 38, විෂාඩ් ප්‍රනාන්දු 26, ටී.වීරසිංහ 25, රොහාන් සංජය 35/4, අකිල ධනංජය 31/2)

කෝල්ට්ස්  කඩුලු 4 150 (පන්දුවාර 32.4 යි) – (සංගීත් කුරේ නොදැවී 69, විෂාඩ් රන්දික 44, රවිඳු රසන්ත 19, ඉන්සක  සිරිවර්ධන 37/3)

යුද හමුදාව ලකුණු 103 කින් කැන්ඩි කස්ටම් පරාජය කරයි

පනාගොඩ පැවැති මේ තරගයේදී යුද හමුදාවේ ෂෙහාන් ප්‍රනාන්දු ලකුණූ 87ක් රැස්කළ අතර එස් ද සොයිසා ලකුණූ 27 කට කඩුලු හතරක් දවා ජයග්‍රහණයට මුල්විය.

යුද හමුදාව කඩුලු හයකට 270 (පන්දුවාර 50යි) – (ෂෙහාන් ප්‍රනාන්දු 87, අසේල ගුනරත්න 63, සීක්කුගෙ ප්‍රසන්න නොදැවී 33, තරිදු රුක්ෂාන් 34/2, අරුල් ප්‍රකාෂ් 80/2)

කැන්ඩි කස්ටම් සියල්ලදැවී 167 (පන්දුවාර 39.2) – (සජිත් ප්‍රියල් 39, මිතුම් ජයවික්‍රම 25, විරාජ් දීපාල් 22, එස් ද සොයිසා 27/4, සුමිඳ ලක්ෂාන් 36/3)

පොලීසිය කඩුලු 4කින් සෙබස්තියනයිට්ස් පරාජය කරයි

බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේ පැවැති මේ තරගයේදී පොලිස් ක්‍රිඩා සමාජයේ ගිටාන්ෂ් කේරා පන්දු 90කදී හතරේ අටක් සහ හයේ තුනක් සමග නොදැවී ලකුණු 107ක් රැස්කිරිමට සමත්විය. එම කණ්ඩායමේ නුවන් ප්‍රදීප් සහ නදීර බාලසුරිය කඩුලු දෙක බැගින් දවාලුහ.

සෙබස්ටියනයිට්ස් කඩුලු 8 215යි (පන්දුවාර 50 යි) –( තරිදු රත්නායක 47, ශෂික පුස්සෙගොල්ල 34, සචිත්‍ර ජයතිලක 26, නුවන් ප්‍රදීප් 37/2, නදීර බාලසුරිය 47/2)

පොලිසිය කඩුලු හයට 218 යි (පන්දුවාර 35.5 යි) – (ගිටාන්ස් කේරා නොදැවි 107, චතුරංග ජයතිලක 45, චාමර සිල්වා 23, නදීර බාලසුරිය 22, ශෂික පුස්සෙගොල්ල 50/2, සචිත ජයතිලක 35/2)

එන්.සී.සී. කඩුලු  තුනකින් බ්ලුම්ෆීල්ඩ් පරාජය කරයි

එන්.සී.සී.කණ්ඩායමේ සහන් ආරච්චිගේ සවිඳු කොළඹගේ සහ අසේල සිනේරා දක්ෂතා දැක්වුහ.

බ්ලුම්ෆීල්ඩ් කඩුලු7214යි (පන්දුවාර50 යි) – (යස්පාල් සිං 84, මාධව වර්ණපුර 45, රන්මිත් ජයසේන නොදැවී 37, සචිඳු කොළඹගේ 43/3, අසේල සිගේරා 36/2යි)

එන්.සී.සී.කඩුලු 7ට 217යි (පන්දුවාර 49යි) – (සහන් ආරච්චිගේ නොදැවී 53, උපුල් තරංග 37, කාවින් බණ්ඩාර 34, අහන් වික්‍රමසිංහ 21, චානක කොමසාරු 25/2, මාධව වර්ණපුර 42/1යි)

සී.සී.සී. ලකුණු 17කින් බී.ආර්.සී.පරාජය කරයි

සී.සී.සී.කණ්ඩායමේ චමිඳු විජේසිංහ මේ තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට සමත්විණි.

සී.සී.සී සියල්ල දැවී 192 (පන්දුවාර 37.5යි) – (චමිඳු විජේසිංහ 44, පවන් රත්නායක 44, පවන්ත වීරසිංහ 35, දුවිඳු තිලකරත්න 42/3, සචින්ත පීරිස් 29/3, රසංජව සිල්වා 30/2)

බී.ආර්.සී සියල්ල දැවී 175යි (පන්දුවාර 43යි) – (ළහිරු සමරකෝන් 84, දුෂාන් හේමන්ත 28, චමිඳු විජේසිංහ 25/3, අෂාන් ප්‍රියංජන් 36/3)

රාගම ලකුණු 156කින් නුගේගොඩ පරාජය කරයි

රාගම කණ්ඩායමේ නිශාන් මධුෂ්ක සහ ඉෂාන් ජයරත්න මේ තරගයේදී දැක්වූ විශිෂ්ට දක්ෂතා මත රාගමට ලකුණු 156ක පහසු ජයක් අත්විය.

රාගම කඩුලු හයට 339යි පන්දුවාර 50යි) – (නිශාන් මධුෂ්ක 165, අවිශ්ක තරිඳු 45, තෙවිඳු දික්වැල්ල 38, ජනිත් ලියනගේ 35, ඉෂාන් ජයරත්න නොදැවී 31, අරවින්ද ප්‍රේමරත්න 55/2)

නුගේගොඩ සියල්ල දැවී 183යි (පන්දුවාර 42.2යි) – (නයන ප්‍රනාන්දු 54, කෙවින් පෙරේරා 48, රනිත ලියනආරච්චි 34, ඉෂාන් ජයරත්න 37/5, කල්හාර සේනාරත්න 31/3)

චිලව් මේරියන්ස් කඩුලු හතරකින් පානදුර පරාජය කරයි

චිලව් මේරියන්ස් කණ්ඩායමේ ගවුරව් ජතාර් මේ තරගයේදී තුන් ඉරියව්වේම විශිෂ්ට දස්කම් දැක්වීය.

පානදුර කඩුලු 7243 (පන්දුවාර 50යි) – (රොෂාන් විජේනායක 61,ලක්ෂාන් රුද්‍රිගෝ 53, කොෂාන් ධනුෂ්ක 36, සංජය චතුරංග 30, පුලින තරංග 46/5, ගවුරව් ජතාර් 23/2)

චිලව් මේරියන්ස් කඩුලු හයට 244යි (පන්දුවාර 48.3යි) – (කසුන් විදුර 73, ගවුරව් ජතාර් 48, අනුජ් ජොටින් 40, රවින් යසස් නොදැවී 29, කොෂාන් ධනුෂ්ක 39/3)

ගෝල් කඩුලු 8කින් කුරුණෑගල යූත් පරාජය කරයි

ගෝල් කණ්ඩායමේ දිල්ෂාන් කාංචන සහ චතුර ලක්ෂාන් තරගයේදී විශේෂ දක්ෂතා පෙන්වූහ.

කුරුණෑගල යූත් සියල්ල දැවී 121 යි (පන්දුවාර 39) – (ගයාන් මනීෂාන් 40, දුලාජ් රණතුංග 23, චතුර ලක්ෂාන් 23/3, රවිඳු සෙම්බුකුට්ටිගේ 15/2, හරීන් බුද්දිල 14/2)

ගෝල් කඩුලු 2122 (පන්දුවාර 28.3යි) – (දිල්ෂාන් කාංචන 63 (නොදැවී) තරිඳු අමරසිංහ 45, ගයාන් මනීෂාන් 13/1)

නාවික හමුදාව ලකුණු 28කින් ගුවන් හමුදාව පරාජය කරයි

නාවික හමුදාවේ සුපුන් ලීලාරත්න සහ සචිත්‍ර සේනානායක මේ තරගයේදී කැපීපෙනුණු දක්ෂතා දැක්වූහ.

නාවික හමුදාව කඩුලු 9204 යි (පන්දුවාර 50යි) – (සුපුන් ලීලාරත්න 94, මධුර මධුශංඛ 27, ගයාන් සිරිසෝම 30/3, මුවින් සුබසිංහ 30/2)

ගුවන් හමුදාව සියල්ල දැවී 176 යි (පන්දුවාර 43.3යි) – (මුවින් සුබසිංහ 62, රාජිත රත්නායක 26, සිතිජ චමෝද් 26, සචිත්‍ර සේනානායක 40/4,කසුන් ඒකනායක 39/3)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest