slc
Home   |    News
අගෝස්තු 27, 2022
මතීෂ සහ ඩිල්ෂාන්ට විස්සයි-20 වරම්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය‌යේ අද (27 දා) ආරම්භ වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාර්ම්භක තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනා ගැනීමට වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක සමත්වූහ.

මෙම තරගයේ කාසියේ වාසිය තමන් සතු කරගත් ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබී පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට ආරම්භක පිතිකරුවන් තිදෙනා වුණු පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක යන තිදෙනාම කැඳවා තිබෙන අතර එහිදී කුසල් සහ පැතුම් ඉනිම ආරම්භ කරනු ඇත. ගුණතිලක අංක 4 පිතිකරණ ස්ථානයෙන් ක්‍රීඩා කරන්දී ධනංජය ද සිල්වාට අවසන් 11 දෙනා අතර ස්ථානයක් හිමිවී නොමැත.

දකුණතින් වේග පන්දු යවන මතීෂ පතිරණ ලසිත් මාලිංගගේ ඉරියව්ව සමාන ඉරිය්වකින් පන්දු යවන බැවින් බොහෝ දෙනාගේ අවධානයට දිනා ගැනීමට සමත්ව සිටින පන්දු යවන්නෙකි. ඔහු සමඟ අද දිනයේදී විස්සයි-20 වරම් දිනාගත් ඩිල්ෂාන් මදුශංක වමතින් වේග පන්දු යවන්නේය. ඒ අනුව ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 වරම් දිනාගනු ලැබූ 95 සහ 96 වැනි ක්‍රීඩකයෝ වෙති.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ඇෆ්ගනිස්තානු විස්සයි-20 තරගවල 100 වැනි අන්තර්ජාතික තරගය වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම – දනුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මදුශංක, මතීෂ පතිරණ.

ඇෆ්ගනිස්තානු කන්ඩායම – මොහොමඩ් නබී (නායක), හස්රතුල්ලා සසායි, රාමනුල්ලා ගුර්බාස්, ඊබ්‍රහීම් සද්‍රාන්, කරීම් ජනාට්, නජිබුල්ලා සද්‍රාන්, රෂීඩ් ඛාන්, හස්මතුල්ලා ඔර්මසායි, නවීන් උල්හක්, මුජිබුර් රහ්මන්, ෆසාක් හක් ෆ්රෑකි

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest