slc
logo
Home   |    News
අගෝස්තු 17, 2022
ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 4 ට ලකුණු 182 යි

sinhala editor

එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්දින ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් පිලට හිමි එකම තුන් දින පුහුණු තරගයේදී පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 4 කට ලකුණු 182 ක් ලබා සිටියි.

වර්ෂාවෙන් බාධා ඇති වුණු පළමු දිනයේදී තරගය පන්දුවාර 56 කට සීමා වූ අතර එහිදී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් නායක රවීන් ද සිල්වා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

යොවුන් පිල වෙනුවෙන් අසිත වන්නිනායක ලකුණු 81 ක් කඩුල්ලේ රැදී සිටියි. පන්දු 166 කට මුහුණ දුන් අසිත සිය නොබිඳුණු ඉනිම සඳහා හතරේ පහර 11 ක් ඉනිමට ඇතුළත් කර ගත්තේය.

ඉනිම ආරැඹි අසිත වන්නිනායක සහ සදීෂ රාජපක්ෂ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 53 ක සාර්ථක සම්බන්ධතාවක් එක් කිරීමට සමත්වූහ. කෙසේ වෙතත් සදීෂ රාජපක්ෂ සහ උප නායක ෂෙවෝන් ඩැනියල් ඉක්මනින් දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට වන්නිනායකට එක් වුණු පවන් පතිරාජ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 77 ක සම්බන්ධතාවක් පවත්වමින් යොවුන් කණ්ඩායම අසීරුතාවයෙන් මුදවා ගත්හ.

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 56 කදී කඩුලු 4 ට ලකුණු 182 යි – (අසිත වන්නිනායක (නොදැවී) 81, රනුද සෝමරත්න 29, සදීෂ රාජපක්ෂ 23, පවන් පතිරාජ 23, ඊ. ජැක් 22/2)

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar