slc
Home   |    News
සැප්තැම්බර් 18, 2022
අනාගත ක්‍රිකට් තරු ගවේෂන වැඩසටහන පොළොන්නරුවෙන් ඇරඹෙයි

sinhala editor

සහජ දක්ෂතාවයෙන් යුත් ඕනෑම ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව සලසා දීම අරමුණු කරගත් ශ්‍රී  ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන “ගමන් මග ” වැඩසටහනේ  ක්‍රිකට් ගමට සංකල්පය යටතේ අනාගත ක්‍රිකට් තරු සොයා ගමින් ගමට යන කුසලතා ගවේශන වැඩසටහන සැප්තැම්බර් 18 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වේ.

ගරු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ උතුරු මැද පළාත් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණයෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් මෙම දක්ෂතා ගවේෂණය ආරම්භ වනු ඇත. මෙහි මූලික  අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේශනයයි.

සමාරම්භක වැඩසටහන යටතේ , පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිකරගනිමින් ඔවුන් අතරින් දක්ෂතමයින් තෝරාගැනීම ලබන 18 වෙනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි. අනතුරුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනු ඇත.

පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන  මධ්‍යස්ථාන 07ක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කෙරෙන  අතර දක්ෂතා ගවේශනයෙන්  තෝරා ගන්නා සිසුන් 13න්, 15න්, 17න්, 19න්, 23න් පහල පිරිමි සහ කාන්තා වශයෙන් කණ්ඩායම් ගතකෙරේ. අනාගත ක්‍රිකට් තරු සොයා දියත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ගමට වැඩසටහනේ පලමු අදියර පහත සඳහන් දින හා ස්ථානවලදී පැවැත්වීමට නියමිතයි.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest