slc
Home   |    News
සැප්තැම්බර් 5, 2022
අභිනව අවුරුදු 19 න් පහළ බාළිකා පළාත් තරගාවලිය හෙට ඇර‌ඹෙයි

sinhala editor

මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 06 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ජාතික සංවර්ධන ක්‍රිකට් වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලබන මෙම පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් තරග වදිති. කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ ගාල්ල පිටත යන කණ්ඩායම් 6 ට ක්‍රීඩිකාවන් 78 දෙනෙකු තරග වදිනු ලබන මෙම තරගාවලිය වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ පළාත් බාලිකා ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව වශයෙන්ද සනිටුහන් වේ. දකුණු පළාත නියෝජනය කරමින් පාසල් වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමත්, ඒ හා සමාන දක්ෂතාවයෙන් යුතු ක්‍රීඩිකාවන් පසුවීමත් නිසා දකුණු පළාත වෙනුවෙන් කණ්ඩායම් 2 ක් (ගාල්ල සහ ගාල්ල පිටත) තරග වැදීම විිශේෂත්වයක් වේ.

අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන්ට අමතරව තරගාවලිය ඉලක්ක කර ගනිමින් පවත්වන ලද ගවේෂණාත්මක තරග වලදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා වරම් ලබා සිටිති.

සැප්තැම්බර් මස 06 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ අවසන් මහ තරගය සැප්තැම්බර් මස 14 වැනිදා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 5 කට ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ ශූරතාව වෙනුවෙන් කුසලානට අමතරව රුපියල් ලක්ෂ 3 ක්ද, අනුශූරතාව සදහා ලක්ෂ 2 ක මුදලක්ද පිරිනැමීමට කටයූතු යොදා තිබේ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට  රු. 75,000 ක්, දක්ෂතම පිතිකාරිණිය සහ පන්දු යවන්නියට රු. 50,000 ක මුදලට අමතරව අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට රුපියල් 25,000 ක මුදලක්ද පිරරිනැමෙනු ඇත.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest