slc
logo
Home   |    News
සැප්තැම්බර් 28, 2022
ආණ්ඩුකාර කුසලාන යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’ (Governor’s Trophy) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අද (28 දා) පස්වරුවේ සමත්විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ලියෝ ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් ආණ්ඩුකාර කුසලාන ද සමග ශූරතාව වෙනුවෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 3 ක ජය මල්ලද තමන් සතු කර ගැනීමට යුනයිටඩ් සදර්න් ක්‍රීඩකයෝ සමත්වූහ.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලියේ අවසන් මහ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ලියෝස් පිල පන්දුවාර 46.1 කදී ලකුනු 169 කට සීමා කිරීමට යුනයිටඩ් සදර්න් පන්දු යවන්නෝ සමත්වූහ. ඉලක්කය හඹා යෑමේදී පන්දු 53 ක් සහ කඩුලු 5 ක් ඉතිරිව තබා ගෙන ඉක්කය සපුරා ගැනීමට යුනයිටඩ් සදර්න් පිතිකරුවෝ වග බලාගත්හ.

සදර්න් කණ්ඩායමේ පළමු කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 10 දී බිඳ වැටුණු නමුත් දෙවැනි කඩුල්ලට එක් වුණු වොෂිත අමරසිංහ සහ පැතුම් මෙන්ඩිස් කුණු 93 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණයට ප්‍රධාන අඩිතාලම එක් කළහ. පන්දු 90 කදී හතරේ පහර 6 ක් ද සමඟ ලකුණු 61 ක් රැස් කළ පැතුම් මෙන්ඩිස් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් වොෂිත පන්දු 69 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52 ක් ලබා ගත්තේය.  

ලියෝ පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද්දේ නායක ගිහාන් සොයිසා (31) වන අතර ඔහු හැරුණු කොට සෙසු කිසිදු පිතිකරුවකට ලකුනු 30 සීමාව ඉක්මවාලීමට අතුල සේනාරත්න සහ රුචිර සිල්වා ප්‍රමුඛ යුනයිටඩ් සදර්න් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පන්දු යැවීමේදී කැපී පෙනුණු රුචිර සිල්වා සහ අතුල සේනාරත්න කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස යුනිචෙලා ක්‍රීඩා සමාජයේ යෂාන් අවිශ්ක (තරග 10 කදී ලකුණු 384 යි – සාමාන්‍ය 42.67)ද, දක්ෂතම පන්දු යවන්නා ලෙස මැලේ ක්‍රීඩා සමාජයේ මදුශික සඳරුවන්ද (තරග 10 කදී කඩුලු 33 යි – සාමාන්‍ය 6.24) සම්මාන දිනාගත්හ.  මේ අතර තරගාවලියේ සුවිශේෂීතම සම්මානය වන දක්ෂතම ක්‍රීඩකයා සම්මානය යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ තුන් ඉරියව් ක්‍රීඩක තරිඳු නිර්මාල් විසින් දිනා ගත්තේය. මෙවර තරග වාරයේ තරග 11 කදී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 55.57 ක් රඳවා ගනිමින් ලකුණු 361 ක්ද පන්දු යවමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 16.89 ක් රඳවා ගනිමින් කඩුලු 13 ක් ද බිද හෙළමින් එම සම්මානය සදහා තේරී පත්වූවේය.

අවසන් මහ තරගයේ වීරයා – පැතුම් මෙන්ඩිස් (යුනයිටඩ් සදර්න්, මුදලින් රුපියල් 25,000)

දක්ෂතම පිතිකරු – යෂාන් අවිශ්ක (යුනිචෙලා ක්‍රීඩා සමාජය, මුදලින් රුපියල් 50,000)

දක්ෂතම පන්දු යවන්නා – මදුශික සඳරුවන් (මැලේ ක්‍රීඩා සමාජය, මුදලින් රුපියල් 50,000)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – තරිඳු නිර්මාල් (යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය, මුදලින් රුපියල් 75,000)

අනුශූරතාව – ලියෝ ක්‍රීඩා සමාජය (මුදලින් රු. ලක්ෂ 2 යි)

ශූරතාව – යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය (මුදලින් රු. ලක්ෂ 3 යි)

ලියෝ ක්‍රිකට් සමාජය පන්දුවාර 46.1 කදී ලකුනු 169 යි – (ගිහාන් සොයිසා 31, නිශාන් ජයමාල් 21, නෙත්මල් සහීර 12, ප්‍රිමාෂ් ඔබ්‍රිස් 25, හංසජ විශ්වජිත් 27, රිසිඳු ප්‍රනාන්දු 22, ෂෙහාන් ප්‍රනාන්දු 11, අතුල සේනාරත්න 30/3, රුචිර සිල්වා 17/3, රුසිර රාජපක්ෂ 24/2)

යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පන්දුවාර 41.1 කදී කඩුලු 5 කට ලකුණු 170 යි – (පැතුම් මෙන්ඩිස් 61, වොෂිත අමරසිංහ 52, තරින්ද නිර්මාල් (නොදැවී) 31, රොමේෂ් මෙන්ඩිස් 13, හංසජ විශ්වජිත් 30/2)

අවසන්තු මහ තරගයේ වීරයා වූ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ පැතුම් මෙන්ඩිස් තමන්ට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ලබා ගනිමින්.
තරගාවලියේ දක්ෂතම පිතිකරු වූ යුනිචෙලා කණ්ඩායමේ යෂාන් අවිෂ්ක, තමන්ට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ලබා ගනිමින්.
දක්ෂතම පන්දු යවන්නා වූ මැලේ ක්‍රීඩා සමාජයේ මදුෂික සඳරුවන් , තමන්ට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ලබා ගනිමින්.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ තරිඳු නිර්මාල් තමන්ට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ලබා ගනිමිනි.
අනුශූරතාවට පත් ලියෝස් ක්‍රීඩා සමාජයේ ගිහ්නා ද සිල්වා අදාළ චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා අතින් ලබා ගනිමිනි.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee