slc
Home   |    News
සැප්තැම්බර් 27, 2022
කාන්තා ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු ක්‍රසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා පිල හෙට පෙරවරුවේ බංග්ලාදේශය බලා පිටත්වයනු ඇත. පන්දුවාර විස්සයි-20 තරගාලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්වෙති.

කාන්තා ආසියානු කුසලාන ඉතිහාසයේ සිව්වැනි වතාවටත් පැවැත්වෙන මෙම තරගාවලිය ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ වන අතර 15 වැනිදා දක්වා බංග්ලාදේශයේ සිලට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

සත්කාරකත්වය හොබවන බංග්ලාදේශ පිලට අමතරව රටවල් 7 ක් තරගාවලිය නියෝජනය කරනු ලබන අතර ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම රටවල් වෙති.

සමස්ථ තරගාවලිය තරග 24 කින් සමන්විත වන අතර අවසන් මහ තරගය ලබන 15 වැනිදා පැවැත්වේ. ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය යටතේ ශ්‍රී ලංකාව තරග 6 කට සහභාගිවන අතර ලබන 01 වැනිදා ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන අරඹනු ඇත.

එක්සසත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැත්වෙන දෙවැනි තරගය ඔක්තෝම්බර් මස 02 වැනිදාද, තායිලන්තයට එරෙහි තරගය ඔක්තෝබර් මස 04 වැසිදාද, මැලේසියාවට එරෙහිව පැවැත්වෙන තරගය ඔක්තෝබර් 08 වැනිදාද, බංග්ලාදේශයට එරෙහි තරගය ඔක්තෝබර් 10 වැනිදාද සහ පාකිස්තානයට එරෙහි තරගය ඔක්තෝම්බර් 11 වැනිදාද ශ්‍රී ලංකා පිල සහභාගිවනු ඇත.

මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 4 අවසන් කණ්ඩායම් 4 අතර තරගය වටය හෙවත් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට අවම වශයෙන් තරග 3 ක් හෝ ජයග්‍රහණය කිරීම අනිවාර්යය වනු ඇත.  අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස13 වැනිදා පැවැත්වෙනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest