slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2022
කොලඹ දකුණ සහ ගාල්ල ජය වාර්තා කරති

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය යටතේ බාලිකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන සුපිරි පළාත් යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ සැප්තැම්බර් 10 වැනි දින පැවැති තරග වලදී ජය වාර්තා කිරීමට ගාල්ල සහ කොළඹ දකුණු කණ්ඩායම් සම්තවිය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලියේ මහනුවර සහ ගාල්ල අතර තරගයේදී මහනුවර කණ්ඩායම ලකුණු 39 කට සීමා කිරීමට ගාල්ල පන්දු යවන්නියන් සමත්විය. ඉලක්කය පන්දුවාර 4.5 කදී සපුරා ගන්නා අතර වාරයේදී එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට මහනුවර පන්දු යවන්නියෝ සමත්වූහ. මෙම තරගයේදී කඩුලු 3 ක් සහ නොදැවී ලකුණු 17 ක් ලබා ගත් නවෝදයා ජයසිංහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවසම්මානයෙන් පිදුම් ලැබුවාය.

මේ අතර කොළඹ සහ ගාල්ල පිටත අතර තරගයේදී කඩුලු 7 ක ජයක් වාර්තා කරගත් දකුණු කණ්ඩායම ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාව සදහා තවදුරටත් කිට්ටුවීමට සමත්විය. ලකුණු 93 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී කඩුලු 3 ක් පමණක් අහිමිකරගත් කොළඹ දකුණු කණ්ඩායම ඒ සඳහා පන්දුවාර 13.2 ක් පමණක් වැය කළේය.

මෙම තරගයේදී පන්දුවෙන් කැපී පෙනුණු  සෙව්මිනී ශෂීකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.

ගාල්ල පිටත සහ කොළඹ දකුණ

කොළඹ දකුණට කඩුලු 7 ක ජයක්

ගාල්ල පිටත පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 92 යි – (නෙතාඟි ඉසුරුරාංජලී 29, රශ්මික් සෙව්වන්දි 12, රිෂ්මි සංජනා 20, නවෝදයා ජයසිංහ 13/3, මනුදි නානායක්කාර 27/2)

කොළඹ දකණ පන්දුවාර 13.2 කදී කඩුලු 3 ට ලකුණු 93 යි – (නෙත්මි සේනාරත්න 29, නවෝද්‍යා ජයසිංහ 17, මනුදි නානායක්කාර නොදැවී 19, චුසාදි කෞෂල්‍යා නොදැවී 19)

මහනුවර – ගාල්ල

ගාල්ලට කඩුලු 9 ක ජයක්

මහනුවර පන්දුවාර 15 කදී ලකුණු 38 යි – (චලනි දසනායක 17, සෙව්මිණි ශෂිකා 08/4, රශ්මි නේත්‍රාංජලී 04/2, සප්නා මදුබාෂිනී 03/3)

ගාල්ල පන්දුවාර 4.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 39 යි – (සංජනා කාවින්දි නොදැවී 14, සස්නි ගිම්හානි නොදැවී 12)

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

USD United States (US) dollar