slc
logo
Home   |    News
සැප්තැම්බර් 18, 2022
නිශාන් මදුශ්කගේ නොනවතින ශතක රැල්ලට තවත් ශතකයක් – ශතක 5 යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් තුන්දින අන්තර්  සමාජ ක්‍රිකට් තරගාවලියේ සැප්තැම්බර් 16 වැනිදා  ආරම්භ වූ තරග  අතුරින් කණ්ඩායම්   හතරක  පිතිකරුවන්   හත්දෙනෙකු   ශතක  වාර්තා කිරීමට සමත්වුහ. ඒ අතර රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක සිය 5 වැනි ශතකය වාර්තා කිරීම කැපී පෙනෙයි.

පොලිස් කන්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 205 කට මුහුණ දුන් මදුශ්ක හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 125 ක් රැස් කළේ මෙවර තරග වාරයේ තරග 5 කදී සිය පෙද්ගලික ලකුණු සංඛ්‍යාව 844 ක් දක්වා ඉහළට දමා ගනිමිනි. වැඩිම ලකුණු නොදැවී ලකුනු 300 ක් ලෙසින් සටහන් වන ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 211 ක් වේ.

ඊට අමතරව එන්.සී.සී. පිලට එරෙහි තරගයේදී පන්දු 194 කට මුහුණ දුන් මීගමුව කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ ලකුණු 114 ක් ලබා ගැනීමත් සමඟ පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 සීමාව ඉක්මවාලීමට සමත්වූවේය.

යුද   හමුදාවේ  ෂෙහාන් ප්‍රනාන්දු සහ තුළින් දිල්ශාන් පිළිවෙළින් නොදැවී   116ක්ද  සහ 111ක්ද   ගුවන් හමුදාවේ   උදයවංශ පරාක්‍රම සහ මුවින් සුබසිංහ පානදුරට එරෙහිව පිළිවෙළින් ලකුණු 119 ක් සහ ලකුණු 114 ක්ද නිගම්බු   කණ්ඩායමේ ජේටින් සක්සේනා එන්.සී.සී. ට එරෙහි තරගයේ ලකුණු 111 ක්ද   වශයෙන් ශතක වාර්තා කළහ.

එස්.එස්.සී බී.ආර්.සී

එස්.එස්.සී  මුල් ඉනිම කඩුලු  9ට  354 යි (පන්දුවාර  96.3 යි) – (කවිදු නදිෂාන් නොදැවී  70 නුවනිදු ප්‍රරනාන්දු 72  නිපුන් ධනංජය 54 චරිත් අසලංක 44 රොෂේන්  සිල්වා  25 දුවිදු තිලකරත්න 69/3 දුෂාන්   හේමන්ත 97/3  උමේෂ් මොරායස් 33/2)

ඒස් කැපිටල්  චිලව්  මේරියන්ස්

ඒස්.කැපිටල්  මුල්  ඉනිම   කඩුලු 9ට 282 ( පන්දුවාර 92)-(රොෂාන්  ජයතිස්ස 73 ස්වාප්නිල් අනිල් 63 තානුක දාබරේ 62 ලසිත්  ලක්ෂාන් 65/4 රජිද  පුංචිහේවා 20/2)

ලන්කන්කෝල්ට්ස්

ලන්කන් මුල් ඉනිම කඩුලු 5ට 211 (පන්දුවාර 87යි ) – (දේශාන්   ඩයස්   61 කසුන්   අබේරත්න නොදැවී 54 ෂෙහාන් ප්‍රානාන්දු 36 දුනිත් වෙල්ලාලගේ 39/3යි)

කලුතර නගර –  ගෝල්

කලුතර නාගරික මුල්  ඉනිම   190 (පන්දුවාර 51. 2 යි ) – (කෝසල  රවිදු 75 සවන්  කංකානම්ගේ  37 යේෂිත්  රූපසිංහ 17 රගු  ෂර්මා 52 /5 )

ගෝල්  මුල්  ඉනිම   කඩුලු   3ට  154 (පන්දුවාර 38  යි) –  (සමීර  කදනආරච්චි 71 විනුර  දුල්සර   නොදැවී   45  තරිදු සිරිවර්ධන   27/2)

සී.සී.සී –  මුවර්ස්

සී.සී.සීමුල්  ඉනිම   249 ( පන්දුවාර  76.4 යි)  – (ලසිත්  අබේරත්න 73   කමිදු මෙන්ඩිස් 59   මිනෝද්   භානුක   41 වනිදු හසරංග 21 ප්‍රවීන්   ජයවික්‍රම  71/3 මිලාන්   රත්නායක   24/2 තිලංග   උදේශාන්  29/2 තිෂාන්   විතුෂාන් 52/2)

මුවර්ස් මුල්  ඉනිම    කිසිවෙකු  නොදැවී   35 (පන්දුවාර 11යි ) පබසර වඩුගේ  නොදැවී 27 යි.

නිගම්බුඑන්.සී.සී

නිගම්බු  මුල්  ඉනිම   කඩුලු 9ට 340  (පන්දුවාර   90 යි) – ( ඇන්ජ්ලෝ ජයසිංහ නොදැවී 113  ජේටින් සක්සේනා 111ලසිත්  ඇඹුල්දෙණිය 126/4  අෂේන් ඩැනියල් 62/2යි)

නාවික   හමුදාව   නුගේගොඩ

නාවික හමුදාව මුල් ඉනිම  180  (පන්දුවාර  48.5  යි  ) –  (අදීෂ  නානායක්කාර 93  මාලිංග මාලිගස්පෙ  30 සුපුන් ලීලාරත්න 28 සහන් නානායක්කාර 60/4යි  සුවත් මෙන්ඩිස්  49/5  නුගේගොඩ මුල් ඉනිම කඩුලු 2ට 112– පන්දුවාර 41 )- අභිෂෙක්  ලියනආරච්චි 60 නයනප්‍රනාන්දු  නොදැවී 46  නෙරංජන   වන්නිආරච්චි 13/1යි)

ගුවන් හමුදාව පානදුර

ගුවන්   හමුදාව කඩුලු 9ට 438 (පන්දුවාර 84.1 යි )- (උදයවංශපරාක්‍රම 119  මුවින්   සුබසිංහ 114 මධුෂාන්  රවින්ද්‍ර  නොදැවී 58  කළණ   විජේසිරි  37 සුපේසල  ජයතිලක   35 නිමේෂ් විමුක්ති  151/3  ඉවංක  සංජුල  87/3 තරිඳු  කෞෂාල්  59/2යි)

රාගම  –  පොලීසිය

රාගම   මුල්  ඉනිම    කඩුලු   4ට    307  යි  (පන්දුවාර  90 යි) නිශාන් මධුශ්ක 125  ජනිත් ලියනගේ 71 සමිද ප්‍රනාන්දු 44 සුපුන්  මධුශංඛ 49/2)

කුරුණෑගල යුත් –  සෙබස්ටියනයිට්ස්

කුරුණෑගල යුත් මුල්  ඉනිම   239 (පන්දුවාර   83.3යි )– ( අසංක බස්නායක  61, රන්දීර   රණසිංහ   48  ගයාන් මනීෂාන්   40 දිනුෂ්ක  මලන්   32 තරිදු   රත්නායක  93/5 )

සෙබස්ටියනයිට්ස් මුල්  ඉනිම   කිවෙකු  නොදැවී   13 

සරසන්ස්   – ටැමිල්  

සරසන්ස් මුල්  ඉනිම   253( පන්දුවාර 87 –  සිතාර  ගිම්හාන්  89  නවිදු විතානගේ 66  මොහමඩ් වකාස් 32 ශිරාන්  ප්‍රනාන්දු   33/4  රවීන්  ද  සිල්වා  53/4  යි)

ටැමිල්  යුමියන්  මුල් ඉනිම කිසිවෙකු   නොදැවී  10 යි

යුදහමුදාව –  බදුරලිය

යුදහමුදාව මුල් ඉනිම කඩුලු 5ට 342 (පන්දුවාර 88)- ( ෂෙහාන් ප්‍රානාන්දු නොදැවී 116  තුළින දිල්ෂාන් 111  ගිහාන් කෝරලගේ  නොදැවී 45 චලන්  ද  සිල්වා 67/2)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee