slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2022
නිශාන් මදුශ්ක ලකුණු 1000 සීමාව ඉක්මවා යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ ප්‍රදානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය පළමු පිතිකරුවා බවට රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුශ්ක පත්විය. කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 70 ක් රැස් කරගැනීමට සමත්වීමත් සමඟ 6 වැනි සති අන්තය අවසන් වන විට තරග 6 කදී ඉනිම 9 කට ක්‍රීඩා කරමින් ලකුණු 1025 ක් රැස් කර ගැනීමට මදුශ්ක සමත් වන්නේය.

මොරටු විදුහල නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබන මදුශ්ක මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන්නේය. ඉනිමක වැඩිම ලකුණු ලෙස නොදැවී ලබාගත් ලකුනු 300 සටහන් වන විට ඔහුගේ නම ඉදිරියෙන් ශතක 5 ක් සහ අර්ධ ශතක 3 ක් සටහන්ව තිබෙන්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 146.42 ක් සටහන් කර ගනිමිනි.

මේ අතර පැවැති තරග වලදී එන්.සී.සී. පිල කඩුලු 10 කින් නාවික හමුදා කණ්ඩායමද, ලන්කන් පිල ඉනිමකින් සහ ලකුණු 86 කින් බී.ආර්.සී. පිලද කැන්ඩි කස්ටම්ස් විසින් රාගම පිල ලකුණු 67 කින්ද සහ පොලිසිය කඩුලු 6 කින් කෝල්ට්ස් පිලද පරාජයට පත් කිරීමට සමත්වූහ.

එන්. සී. සී. කඩුලු 10කින් නාවික හමුදාව පරාජය කරයි

නාවික හමුදාව මුල් ඉනිම 129 (සුපුන් ලීලාරත්න 45, ලසිත් ඇඹුල්දෙනිය 45/3)

එන්. සී. සී. මුල් ඉනිම 296 (විනුක රූබසිංහ 70, සනත් ආරච්චිගේ 67, අසේල සිගේරා 47, මධුර මධුශංඛ 57/3, අසන්ත සිංගප්පුලි 49/3)

නාවික හමුදාව දෙවන ඉනිම 272 (පන්දුවාර 78) (අදීෂ නානායක්කාර 53, රශ්මික මෙවන් 56, කවිඳු රණසිංහ 41, අෂේන් ඩැනියල් 87/3, ලසිත් ඇඹුල්දෙනිය 93/2යි)

එන්. සී. සී. දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 108 (පන්දුවාර 15.2) (ළහිරු උදාර නොදැවී 53, කවින් බණ්ඩාර නොදැවී 53)

ලන්කන් ඉනිමකින් සහ ලකුණු 86කින් බී. ආර්. සී. පරාජය කරයි

ලන්කන් මුල් ඉනිම 457 (ප්‍රසංසන ජයමාන්න 167, දේශාන් ඩයස් 130, දුවිඳු තිලකරත්න 113/5, තිලකරත්න සම්පත් 70/3)

බී. ආර්. සී. මුල් ඉනිම 81 (උමේෂ් මොරායස් 22, රජීව වීරසිංහ 41/6යි)

බී. ආර්. සී. දෙවන ඉනිම 290යි (පන්දුවාර 61.1යි) (තිලකරත්න සම්පත් 63, දිලාන් ජයලත් 35, ළහිරු සමරකෝන් 54, දුෂාන් හේමන්ත 39, සුලේක්සන ශ්‍රීසාන් 38, ගීත් කුමාර 61/4, දමිත සිල්වා 62/3, රජීව වීරසිංහ 115/3)

සරසන්ස් – බදුරලිය තරගය ජයපරාජය නෑ.

සරසන්ස් මුල් ඉනිම 340 (මළිඳු සිරිවර්ධන 107, සිතාරා ගිම්හාන් 82, අනුක් ප්‍රනාන්දු 41/3, ළහිරු ගමගේ 67/3යි)

බදුරලිය මුල් ඉනිම කඩුලු 9372 (පන්දුවාර 118) (ෂහිඩ් මන්සූර් 100, අනුක් ප්‍රනාන්දු 86, අලංකාර අසංක 73, ගිහාන් රූපසිංහ නොදැවී 53, සඳුන් මෙන්ඩිස් 124/6, සී. විමුක්ති 126/2)

සරසන්ස් දෙවන ඉනිම කඩුලු 280 (පන්දුවාර 19යි) (නිපුන් කරුණානායක නොදැවී 35, සිතාරා ගිම්හාන් 23, අනුක් ප්‍රනාන්දු 19/1)

මුවර්ස් – එස්. එස්. සී. තරගයේ විසඳුමක් නෑ.

මුවර්ස් මුල් ඉනිම 355 (පසිඳු සූරියබණ්ඩාර 123, සොහාන් ඩි ලිවේරා 70, ප්‍රභාත් ජයසූරිය 93/5, නිසල තාරක 76/4)

එස්. එස්. සී. මුල් ඉනිම 273 (පන්දුවාර 100.2යි) (රොෂේන් සිල්වා 103, නිපුන් ධනංජය 37, තීෂාන් විතුෂාන් 109/6, තිලංග උදේශන 36/2යි)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 7301 (පන්දුවාර 67.5යි) (රමේෂ් මෙන්ඩිස් 119, පසිඳු සූරියබණ්ඩාර 79, පබසර වඩුගේ 56, ප්‍රභාත් ජයසූරිය 110/3, හිමේෂ් රාමනායක 57/2යි)

චිලව් මේරියන්ස් – බ්ලූම්ෆීල්ඩ් තරගයේ විසඳුමක් නෑ.

චිලව් මේරියන්ස් මුල් ඉනිම 552 (විශ්ව චතුරංග 172, කසුන් විදුර 113, රවීන් යසස් 117, ගව්රවු ජතාර් 75, මධුක ලියනපතිරණගෙ 177/5, දිලීප ජයලත් 70/2යි)

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම කඩුලු 4374 (පන්දුවාර 126යි) (ළහිරු මධුශංඛ නොදැවී 132, මාධව වර්නපුර නොදැවී 123, චරිත කුමාර 35, පුලිත තරංග 75/2යි)

ටැමිල් යූනියන් කඩුලු පහකින් නිගම්බු පරාජයට පත් කළේය.

ටැමිල් යූනියන් මුල් ඉනිම 375 (රවිඳු ප්‍රනාන්දු 105, රොන් චන්‍ද්‍රගුප්ත 70, දිලුම් සුධීර 55, උපුල් ඉනද්‍රසිරි 109/5, චානුර ප්‍රනාන්දු 62/2)

නිගම්බු මුල් ඉනිම 147 (කෙවින් අල්මේද්‍ර 51, දිලුම් සුධීර 36/3, රවිඳු ප්‍රනාන්දු 28/3)

නිගම්බු දෙවන ඉනිම 361 (පන්දුවාර 105) (ජීවක සෂීන් 130, දිමුත් සඳරුවන් 76, පසිඳු ලක්ශංඛ 35, දිලුම් සුධීර 123/5, රවින් ද සිල්වා 43/2)

ටැමිල් යූනියන් දෙවන ඉනිම කඩුලු 5136 (පන්දුවාර 21.1යි) (නවෝද් පරනවිතාන 36, රොන් චනද්‍රගුප්ත 25, කවිඳු පතිරත්න නොදැවී 25, පසිඳු මධුෂාන් 46/2යි)

සී. සී. සී. – කුරුණෑගල යූත් ජයපරාජ නෑ.

සී. සී. සී. මුල් ඉනිම 404 (මිනෝද් භානුක 105, කමිඳු මෙන්ඩිස් 82, ලසිත් අබේරත්න 68, සකිඳු විජේරත්න 115/3, අසිත වන්නිනායක 71/3)

කුරුණෑගල යූත් මුල් ඉනිම 244 (පන්දුවාර 77.5යි) (දිනුෂ්ක මලන් 49, දමිත් පෙරේරා 49, ගයාන් මනීෂාන් 46, ලක්ෂාන් සඳකැන් 51/4, අසිත ප්‍රනාන්දු 38/3)

කුරුණෑගල යූත් දෙවන ඉනිම කඩුලු 6318 (පන්දුවාර 86යි) (ගයාන් මනීෂාන් 117, සනෝජ් දර්ශික නොදැවී 54, අසිත ප්‍රනාන්දු 15/2යි)

කැන්ඩි කස්ටම් ලකුනු 67කින් රාගම පරාජය කරයි.

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 321 (පන්දුවාර 87.3) (විශ්ව විජේරත්න නොදැවී 102, උමේශ් උදයංග 67, ජනිත් ලියනගේ 54/3යි)

රාගම මුල් ඉනිම 92 (පන්දුවාර 35යි) (නිශාන් මධුෂ්ක 30, උමේශ් උදයංග 36/4, මෙතුෂාන් තීෂාන් 10/3යි)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම 131 (පන්දුවාර 47යි) (රශ්මික මධුශංඛ 40, ශෂික දිල්ෂාන් 59/3, ඉෂාන් මාලිංග 19/3යි)

රාගම දෙවන ඉනිම 293 (පන්දුවාර 92යි) (දිනෙත් තිමෝද්‍ය 80, නිෂාන් මධුෂ්ක 70, දුලාජ් බණ්ඩාර 31, සහන් අදීෂ 50/3, උමේශ් උදයංග 89/3යි)

ගුවන් හමුදාව – නුගේගොඩ තර‍ගයේ විසඳුමක් නෑ.

ගුවන් හමුදාව මුල් ඉනිම 356 (මිෂේන් සිල්වා 102, රොස්කො කටිල් 71, සුපේසල ජයතිලත 57, රන්මිත් ලියනආරච්චි 33/3යි)

නුගේගොඩ මුල් ඉනිම 229 (පන්දුවාර 102.4යි) (කයිසර් අස්රෆ් 70, සුවත් මෙන්ඩිස් 78, අභිෂේක් ලියනආරච්චිගේ 29, ගයාස් සිරිසෝම 45/5)

ගුවන් හමුදා දෙවන ඉනිම කඩුලු 4173 (පන්දුවාර 33) (උදයවංශ පරාක්‍රම නොදැවී 103, රොස්කො කටිල් නොදැවී 63,

නුගේගොඩ දෙවන ඉනිම කඩුලු 9101 (නයන ප්‍රනාන්දු 20, ගයාන් සිරිසෝම 37/4)

පොලිසිය කඩුලු හයකින් කෝල්ට්ස් පරාජය කරයි.

කෝල්ට්ස් මුල් ඉනිම 342 (ධනංජය ලක්ෂාන් 78, හෂාන් දුමිඳු 75, අවිශ්ක පෙරේරා 53, නලින් ප්‍රියදර්ශන 125/5යි.

පොලිසිය මුල් ඉනිම 224 (මංජුල ජයවර්ධන 44, දුලාෂ් උදයංග 35, රන්දුනු ගංගානාත් 32, දුනිත් වෙල්ලාලගේ 86/6යි)

කෝල්ට්ස් දෙවන ඉනිම කඩුලු 7145 (පන්දුවාර 43) (හෂාන් දුමිඳු 72, අවිශ්ක පෙරේරා 21, නලින් ප්‍රියදර්ශන 66/5යි)

පොලිසිය දෙවන ඉනිම කඩුලු 4265 (පන්දුවාර 49.2යි) (හෙෂාන් ධනුෂ්ක නොදැවී 101, මදුරංග සොයිසා 55, සංගීත් කුරේ 31/1යි)

කලුතර නගර සෙබස්ටියනයිට්ස් තරගයේ විසඳුමක් නෑ.

කලුතර නගර මුල් ඉනිම 210 (සුකිත මනෝජ් 49, තරිඳු රත්නායක 78/6යි)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 173 (විමුද් සප්නක 33, ලොහාන් සි සොයිසා 28, තරිඳු සිරිවර්ධන 23/4, ඉෂාන් අබේසේකර 36/4යි)

කලුතර නගර දෙවන ඉනිම කඩුලු 7400යි (පන්දුවාර 96.4යි) (සමන් කංකානමගේ 139, නිපුන් ගමගේ 62, චාමිකර එදිරිසිංහ 109/3යි)

සෙබස්ටියනයිට්ස් දෙවන ඉනිම කඩුලු 8271 (පන්දුවාර 63) (ලොහාන් ද සොයිසා 129, සචිත ජයතිලක නොදැවී 53, ඉෂාන් අබේසේකර 111/3, තරිඳු සිරිවර්ධන 26/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar