slc
Home   |    News
සැප්තැම්බර් 8, 2022
‘බාලිකා යූත් ලීග්’ පළමු අර්ධ ශතකය සංජනා කාවින්දිගෙන්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමේ සංජනා කාවින්දි අද (08 දා) පස්වරුවේ සමත්වූවාය.

දඹුල්ල කණ්ඩායමට එරෙහිව අද රංගිරි දඹුලු පිටියේ පැවැති තරගයේදී පන්දු 63 කට මුහුණ දුන් සංජනා තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 54 ක් ලබා ගත්තාය .

පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 1 ක් පමණක් දැවී ලකුණු 154 ක් ලබා මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු වාර්තා කරන ලද කණ්ඩායම බවට පත්වූවේය. සංජනාට අමතරව ලකුණු තඅතරට පිවිසි සුමුදු නිසංසලා පන්දු 57 කදී වේගවත් ලකුණු 70 ක් ලබා ගනු ලැබුවේ එම ඉනිමද නොබිඳිව තබා ගනිමිනි.

සංජනාගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වද්දී සුමුදු තම ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් කළාය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී දඹුල්ල කණ්ඩායමට කඩුලු 6 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 59 ක් පමණි. ඒ අනුව ලකුණු 95 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සුමුදු නිසංසලා සම්මාන දිනාගත්තාය.

මෙම තරගයේදී ගාල්ල කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථා‌ොව්දී දඹුල්ල පන්දු යවන්නියන් විසින් අතිරේක ලකුණු 30 ක් ලබා දීමද කැපී පෙනිණ. මෙහිදී වයිඩ් පන්දු 20 ක් සහ නිපන්දු 2 ක් පන්දු යැවීමේ අතිරේක ලකුණු ලෙසින්ද ලකුණු 8 ක් පන්දු රැකීමේදී අතිරේක ලකුණු ලෙසින්ද සටහන් විය.

මේ අතර උදෑසන පැවැති ගාල්ල පිටත සහ කොළඹ උතුර අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම තවදුරටත් සිය අපරාජිත භාවය රැක ගැනීමට සමත්විය. මෙම තරගයේදී ලකුණු 89 ක ඉලක්කයක් හඹා ගිය කොළම උතුරු කණ්ඩඩායම පන්දුවාර 11.5 ක් පමණක් වැය කර ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

මෙම තරගයේදී කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ උමායා රත්නායක ගාල්ල පිටත පිලේ කඩුලු 4 ක් ලකුණු 09 ක් ඇතුළතදී බිඳ දමමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

දඹුල්ල – ගාල්ල

ගාල්ල පන්දුවාර 20 කදී කඩුලු  ට ලකුණු 154 යි – (සුමුදු නිසංසලා නොදැවී 70, සංජලා කාවින්දි නොදැවී 54)

දඹුල්ල පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 59 යි – (බුද්ධිනී දිසානායක 27, විහාරා සෙව්වන්දි 09/3)

දක්ෂතම ක්‍රීඩිකාව –

ගාල්ල පිටත – කොළඹ උතුර

කොළඹ උතුරට කඩුලු 6 ක ජයක්

ගාල්ල පිටත පන්දුවාර 18.2 කදී ලකුණු 89 යි – (රශ්මිකා සෙව්වන්දි 41, හිරුෂි ලංකා 11, උමායා රත්නායක 09/4, විදුෂිකා පෙරේරා 09/2)

කොළඹ උතුර පන්දුවාර 11.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 90 යි – (හසිනි වෙදසිංහ 23, ඉමල්ෂි යසාරා 19, නිකේෂා වෙදගේ 23)

දක්ෂතම ක්‍රීඩිකාව – උමායා රත්නායක

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest