slc
logo
Home   |    News
සැප්තැම්බර් 7, 2022
වමත් දඟ පන්දු යවන්නෝ වැඩ පෙන්වති

sinhala editor

දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාව නිසා ඇත හැර දැමුණු අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග 4 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එම තරග අතරින් සැරසන්ස් සහ පානදුර අතර තරගය පළමු දිනට පමණක් සීමාවිය.

පැවැති තරග වලදී වමත් දඟ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය, මාලින්ද පුෂ්පකුමාර සහ ප්‍රභාත් ජයසූරිය කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූහ. ඒ.  සී. සී. පිල නියෝජනය කරනු ලබන ලසිත් ඇඹුල්දෙනිය බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 76 කට කඩුලු 7 ක්ද, ලන්කන් පිලට එරෙහි තරගයේදී සී. සී. සී. පිලේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 86 කට කඩුලු 12 ක්ද සහ පොලිසියට එරෙහි තරගයේදී එස්. එස්. සී. පිලේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 86 ට කඩුලු 10 ක් බිඳ හෙළූහ.

සී.සී.සී. ලන්කන් තරගය විසඳුමින් තොරයි

ලන්කන් මුල් ඉනිම 67 (පන්දුවාර 33.3) – (දේවින්ද පත්මනාදන් 16 මාලින්ද පුෂ්පකුමාර 21/8) සහ දෙවැනි ඉනිම කඩුලු 9ට 131 යි – (පන්දුවාර 62) (දේශාන්  ඩයස් 50, කසුන් අබේරත්න 21, මලින්ද පුෂ්පකුමාර 59/4, විශ්ව ප්‍රනාන්දු 30)

සී.සී.සී  මුල්  ඉනිම  කඩුලු 8 ට 196 යි (පන්දුවාර 40.4)(කමිදු මෙන්ඩිස් 72, මිනෝද් භානුක 38, චමිදු විජේසිංහ නොදැවී 24, යසිරු රුද්‍රිගෝ 33/3, රජීව  වීරසිංහ  89/3)

එන්.සී.සී –  බදුරලිය ජය පැරදුමෙන් තොරයි

එන්.සී.සී. මුල්  ඉනිම  152 (පන්දුවාර 54.2යි)

(ළහිරු උදාර 44 සහන් ආරච්චිගේ 34 ජොහාන් ද සිල්වා 29 චලන ද සිල්වා 49/5 පර්විස් රසුල් 38/3)   සහ දෙවැනි  ඉනිම  කඩුලු 9ට 151යි  (පන්දුවාර 41) – (කෙවින් බණ්ඩාර 42, ජොහාන් ද සිල්වා 34, පර්විස් රසුල් 31/5, චලන ද සිල්වා  73/4)

බදුරලිය මුල් ඉනිම 153 ( පන්දුවාර 49යි)(මළිදු මදුරංග 37, අනුක් ප්‍රනාන්දු 23, රමේෂ් සිල්වා නොදැවී 22 ලසිත් ඇඹුල්දෙණිය 76/7)

එස්.එස්.සී. – පොලිසිය ජය පැරදුමෙන් තොරයි

එස්.එස්.සී  මුල් ඉනිම   කඩුලු 6ට  319යි (පන්දුවාර 70)

නිපුන් ධනංජය 117 නුවනිදු ප්‍රනාන්දු 114 මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51 ළහිරු දියන්ත 68/3

පොලීසිය මුල් ඉනිම 140 (පන්දුවාර 46.5යි)(උඩේ කොවුල් 36,  චතුරංග කුමාර 19, නදීර  බාලසුරිය  18, ප්‍රභාත් ජයසුරිය 40/7, කවිදු නදිෂාන්  36/2) සහ දෙවැනි ඉනිම කඩුලු 7ට   66යි  –  (පන්දුවාර 21යි) – (සමන්  කුමාර 17, ප්‍රභාත් ජයසුරිය 36/4)

රසන්ස් පානදුර

සරසන්ස් මුල්ඉනිම කිසිවෙකු  නොදැවී70 (පන්දුවාර27 යි) – (නවිදු විතානගේ නොදැවී 35 සසිත පල්ලියගුරු නොදැවී 29)

Active filters

Recent Posts

  • අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ළහිරු උදාර…
    පැතුම් නිස්සංකගේ ආබාධය හේතුවෙන් කණ්ඩායමට කැඳවූ ළහිරු උදාරට ලැබුණේ අහම්බෙන් හිමි වූ අවස්ථාවකි.එහෙත් එම අවස්ථාව තම ක්‍රිකට් දිවියේ අමතක නොවන දිනයක් බවට පත් කරගැනීමට ඔහු සමත් වූයේ තුන්වැනි […]
  • උදාරගේ විශිෂ්ඨ ඉනිමෙන් ශ්‍රී ලංකාව ප්‍රභල ස්ථායකට
    කැරිබියන් බිමේදී සිය ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලහිරු උදාර, ද්විත්ව ශතකය ලකුණු 12 කින් මඟහැර ගියද ශ්‍රී ලංකාව පළමු දිනයේදී ප්‍රභල ස්ථානයකට […]
  • ශ්‍රී ලංකා–ඉන්දියා යොවුන් එක්දින සටන හෙට හම්බන්තොටින් ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ ඉන්දීය අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (04) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. […]
  • LPL හයවැන්නේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කර තිබේ. ජූලි 17 වැනිදා ආරම්භ වන LPL තරගාවලියේ සියලුම තරග […]
  • මෙත්සරාගේ උත්සාහය අපතේ යයි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම අතර පුදුචෙරිහිදී සිකුරාදා (03) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන් ලකුණු 49ක […]

Pin It on Pinterest

USD United States (US) dollar