slc
logo
Home   |    News
සැප්තැම්බර් 6, 2022
ශ්‍රී ලංකාව පන්දු යවයි

sinhala editor

ආසියානු කුසලාන ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර වටයේ දෙවැනි තරගය හෙවත් ඉන්දියාවට එරෙහි තරගයේදී තීරණාත්මක කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශානක පිට පිටම කාසියේ වාසිය දිනා ගත් තෙවැනි අවස්ථාව ලෙසින්ද මෙය සනිටුහන් විය.

මෙම තරගයේදී චරිත් අසලංකගේ ස්ථානය සදහා ධනංජය ද සිල්වා ආදේශ වනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වුවත් ශ්‍රී ලංකාව එකම වෙනස්කමක් හෝ නොකරමින් අවතීරණ වී සිටියි. මේ අතර ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කරන ලද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ රවී බිෂ්නෝයි වෙනුවට රවිචන්ද්‍රන් අශ්වින් කැඳවමින් අවතීර්ණව සිටියි.

ශ්‍රී ලංකාව – 1. පැතුම් නිස්සංක, 2. කුසල් මෙන්ඩිස්. 3. චරිත් අසලංක, 4. ධනුෂ්ක ගුණතිලක, 5. දසුන ශානක, 6. භානුක රාජපක්ෂ, 7. වනිඳු හසරංග, 8. චාමික කරුණාරත්න, 9. මහීෂ් තීක්ෂණ, 10. අසිත ප්‍රනාන්දු, 11. ඩිල්ෂාන් මදුශංක.

ඉන්දියාව – 1. ලෝකේෂ් රාහුල්, 2. රෝහිත් ෂර්මා, 3, විරාත් කෝලි, 4. සූර්යකුමාර් යාදව්, 5. රිෂාබ් පාන්ට්, 6. හර්දික් පාණ්ඩ්‍යා, 7. දීපාක් හූඩා, 8. රවිචන්‍ද්‍රන් අශ්වින්, 9. භුවනේස්වර් කුමාර්, 10. අර්ෂදීප් සිංහ, 11. යුස්වේන්ද්‍ර චෙහල්.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest