slc
Home   |    News
සැප්තැම්බර් 22, 2022
19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ පිරිනමයි

sinhala editor

19 න් පහළ පාසල් 325 කට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ‘පන්දු’ ලබා දෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන පාසල් සදහා ‘ක්‍රිකට පන්දු’ බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා පියවර ගනු ලැබීය.

පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව සිදුකරන ලද මෙම පන්දු බෙදා දීමේදී මෙවර තරගාවලිය සඳහා ලියපදිංචිව සිටින පාසල් 325 ක් වෙනුවෙන් මෙම පන්දු ලබා ගැනීම සදහා සුදුසුකම් ලබා සිටිති. මෙම පන්දු බෙදාදීමේ වැඩසටහන යටතේ සියලුම පාසල් සදහා පන්දු 7680 ක් බෙදාදීමට නියමිතව තිබේ.

මෙම පන්දු බෙදාදීමේ වැඩ සටහන යටතේ මෙවර පාසල් තරග වාරය නියෝජනය කරනු ලබන පළමු පෙළ, දෙවැනි පෙළ සහ තෙවැනි පෙළ යන සියලුම අංශ නියෝජනය කරනු ලබන පාසල් සුදුසුකම් ලබා සිටියි. අදියර කීපයක් යටතේ පැවැත්වීමට නියමිත මෙම පන්දු බෙදා දීමේ වැඩසටහනේ එක් අදියරක් කොළඹ ලුම්බිණි විදුහල් පරිශ්‍ර‌යේදී සිදුකෙරුණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න, අධ්‍යාපන අමාත්‍යෘංශයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂක රුවන් පතිරණ, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති ඔෂාර පණ්ඩිතරන්න, පාසල් ක්‍රිකට් ලේකම් ජේ.ඒ.කේ.එස්. ඉන්ද්‍රජිත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුකරුවන්ගේ අධ්‍යාපන අංශයේ ප්‍රධානී හේෂාන් ද මෙල්, ලුම්බිණි විදුහලේ විදුහල්පති, සරත් ගුණතිලක, පාසල් ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටු ලේකම් නිශාන්ත කුමාර සහ පාසල් කිකට් සම්බන්ධීකාරක ලෙසින් කටයුතු කරන මොරිස් ඩිලා ද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙවර ක්‍රිකට් තරගාවලියේ එක්දින තරගාවලිය සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ වුනු අතර එය නොවැම්බර් මස 05 වැනිදා අවසන්වීමට නියමිතය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු දෙදින ක්‍රිකට්

තරගාවලිය දෙසැම්බර් 20 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විධි විධාන යොදා තිබේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest