slc
Home   |    News
සැප්තැම්බර් 13, 2022
කොළඹ දකුණ – ගාල්ල ගැටෙන පළාත් බාළිකා අවසන් හෙට

sinhala editor

අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ‘දිදුලන තරු’ සොයා යන ගවේෂණාත්මක චාරිකාවේ දක්ෂයින් සෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ හෙට (14 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් සමත්ව සිටිති.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම අවසන් මහ තරගයේදී කොළඹ දකුණු පිල නෙත්මි පූර්ණා විසින්ද ගාල්ල පිල සුමුදු නිසංසලා විසින්ද මෙහෙයනු ලබති.

ජාතික ක්‍රිකට් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පවත්වනු ලැබ මෙම පන්දුවාර විස්සයි-20 තරගාවලිය සදහා කණ්ඩායම් 6 ක් තරග වැදුණ. බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවේ පළමුවරට පවත්වනු ලබන මෙම පළාත් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය තරග 15 කින් සමන්විත විය. එම තරග වලදී මුහුණ දුන් තරග 5 න් 5 ම ජය ගනිමින් කොළඹ දකුණු කණ්ඩායම අපරාජිතව එම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත්වීම කැපී පෙනෙයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටින ගාල්ල කණ්ඩායම මුහුණ දුන් තරග 5 න් 4 ක් ජය ගෙන හෙට තරගයේදී කොළඹ දකුණු පිලට කරට කර සටනක් දීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

බාළිකා අංශයේ පළාත් තරගාවලියක් හෙවත් ජාතික මට්ටමේ තරගාවලියක් පවත්වනු ලබන පළමු අවස්ථාව බවට මෙම තරාවලිය සටහන්වීමද කැපී පෙනෙයි. අවසන් මහ තරග වරම් දිනා සිටින කණ්ඩායම් අතරින් මෙවර තරගාවලියේදී වැඩිම ලකුණු රැස් කර ඇති පිතිකාරිණියන් අතර ලකුණු 100 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් දෙදෙනකු ගාලු කණ්ඩායම සමතුවේ. සංජනා කාවින්දි (112) සහ සුමුදු නිසංසලා (110) එම ක්‍රීඩිකාවන්වෙති.

තරග 5 ම ජය ගැනීමට සමත් වුවත් කොළඹ දකුණු කණ්ඩායමේ එකම ක්‍රීඩිකාවක හෝ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 100 ඉක්මවා රැස් කර ගැනීමට අපොහොසත්ව තිබෙන අතර නෙත්මි සේනාරත්න පමණක් ලකුණු 99 ක් ලබා සිටින්නීය.

පන්දු යැවීමේදී වැඩිම කඩුලු ලාභිණිය බවට පත්ව සිටින්නේ කොළඹ දකුණු කණ්ඩා‌යමේ නවෝද්‍යා ජයසිංහ වන අතර ඇය කඩුලු 12 ක් බිඳ හෙළා තිබේ. ගාල්ල කණ්ඩායමේ පන්දු යැවීමේ දක්ෂතා ගෙන බැලීමේදී වැඩිම කඩුලු ලාභිනිය බවට පත්ව සිටින්නේ රශ්මි නෙත්‍රාංජලී වන අතර ඇය කඩුලු 9 ක් බිඳ හෙළා සිටින්නීය.

කොළඹ දකුණ – නෙත්මි පූර්ණා (නායිකාව), හරිනි පෙරේරා (උප නායිකාව), රෂිනි පෙරේරා, නිපුනි නවෝද්‍යා, මලිති අවිශ්කා, විශ්මි සොයිසා, සනාලි සත්සරණි, මිහිදි සනුදිනි, චුෂාදී කෞශල්‍යා, මිනුෂි අතුකෝරළ, තරුෂි නිලූෂා, මනුදි නානායක්කාර, චමින්ද පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), නිශාද් ලියනගේ (සහාය පුහුණකරු), ටී.ජී.එස්. ද සිල්වා (කණ්ඩායම් භාර නිලධාරිණී)

ගාල්ල – සුමුදු නිසංසලා (නායිකාව), විහාරා සෙව්වන්දි (උප නායිකාව), හිරුණි හංසිකා, ශෂිනි ගිම්හානි, මහින්සා නෙත්මිණි, සංජනා කාවින්දි, මල්ෂි නිශාරා, සප්නා මධුභාෂිනී, පමෝදා ෂයිනි, රශ්මි තාරුකා, සෙව්මිනි සසිකලා, රශ්මි නේත්‍රාංජලී, නෙත්මි සංසලා, ජයතු නීලවීර (ප්‍රධාන පුහුණුකරු), නිලංග හඳුන්ගේ (සහාය පුහුණුකරු), අයි.එච්.එච්. ප්‍රියන්ති (කණ්ඩායම් භාර නිලධාරිණී)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest