slc
Home   |    News
ඔක්තෝබර් 14, 2022
අවසන් පන්දුවේ ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් සටනට

sinhala editor

අවසන් පන්දුව තෙක්ම තියුණු මුහුණුවරක් ගත් ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු කාන්තා පිලට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් මහ තරග වරම උදා කරගත්හ. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලබන 15 වැනිදා ඉන්දියානු කාන්තාවන් සමග අවසන් මහ තරගයේදී මුණ ගැසෙනු ඇත.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන ලද්දේ වසර 14 කට පසුව වීම කැපී පෙනෙයි. ආසියානු කුලාන තරගාවලිය ඇරැඹි වසරේ සිට මේ දක්වා අවසන් මහ තරග වරම් 4 කට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුවද ඒ සෑම තරගාවලියක්ම එක්දින තරගාවලි බවට පත්විය. කෙසේ වෙතත් ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලියකදී ශ්‍රී ලංකා කාන්තාවෝ අවසන් මහ තරග වරම දිනාගත් පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය සනිටුහන් වනු ඇත.

සිලෙට්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක අභියෝගයක් පාකිස්තානු කාන්තා පිලට ලබා දුන්නද ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසනදී රැස් කරගත හැකි වූයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121 ක් පමණි.

පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේදී ලකුණු 3 ක් ලබා ගත යුතු වුවත් පන්දුවට පහර දුන් නිඩා දාර් දෙවැනි ලකුණ කරා දිව යද්දී දුවද්දී දැවී යෑමකට හසු කර ගැනීමට කවීෂා දිල්හාරි සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.

හඹා යෑම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පිලට වඩා ඉදිරියෙන් සිටීමට සමත් වූ පාකිස්තානු ක්‍රීඩිකාවෝ පන්දුවාර 16 ක් අවසනදී කඩුලු 3 ක් දැවී ලකුණු 100 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. ඒ අනුව ඔවුන්ට අවසන් පන්දුවාර 4 දී ජයග්‍රාහී ඉලක්කය ලෙස අවශ්‍යව පැවැති‌යේ ලකුණු 23 ක් පමණි. එහෙත් 17 වැනි පන්දුවාර ක්‍රියාත්මක කළ ඉනෝකා රණවීර එම පන්දුවාර ලකුණු 5 කටද 19 වැනි පන්දුවාරය ලකුණු 04 කට සීමා කළේ කඩුල්ලක් ද දවා ගනිමිනි.

ඇයට අමතරව 18 වැනි පන්දුවාරය යැවූ සුගන්දිකා කුමාරි කඩුල්ලක්ද දවා ගනිමින් පන්දුවාරය ලකුණු 5 කට සීමා කරද්දී අචිනි කුලසූූරිය විසින් යැවීමට නියමිත අවසන් පන්දුවාරයේදී පාකිස්තානු පිලේ ඉලක්කය ලකුණු 09 ක් විය. එහෙත් ඉතා දක්ෂ පන්දු යැවීමක නිරත වූ අචිනි එම පන්දුවාරය ලකුණු 7 කට සීමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියාය. කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වුවත් තම පන්දුවාර 4 ලකුණු 22 කට සීමා කිරීමට අචිිනි සමත්වද්දී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ලද ඉනෝකා රණවීර විසින් එම සිහිවටනය අචිනි වෙත ලබා දීමද හැඟීම් බර සිදුවීමක් බවට පත්විය. අවශ්‍යම මොහොතේ ලද කඩුල්ලද සමඟ පන්දුවාර 4 ලකුණු 17 කට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගත් ඉනෝකා රණවීර සමස්ථ තරගාවලියේ කඩුලු 12 ක් බිඳ හෙළමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව සිටින්නීය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය. ඇය පන්දු 41 කදී ලකුණු 35 ක් රැස් කරන ලද්දේ හතරේ පහරක් ද සමඟිනි. ‌මෙම තරගයට පෙර ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කරන ලද්දේ හර්ෂිතා වුවත් අද තරගයේදී කඩුලු රැකි අනුෂ්කා සංජීවනී ආරම්භක පිතිකාරිණිය ලෙස පැමිණීම කැපී පෙනුණි. නායිකා අද දිනයේදීද ලකුණු 10 කට දැවී ගියද තෙවැනි කඩුල්ලට එක් වුනු හර්ෂිතා සහ නිලක්ෂි ද සිල්වා පන්දු 58 කට මුහුණ දෙමින්  ලකුණු 50 ක සම්බ්ධතාවක් එක් කළාහ. මෙහිදි අනුෂ්කාගේ දායකත්වය පන්දු 21 කින් ලකුණු 26 කි.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 122 යි – (අනුෂ්කා සංජීවනී 26, හර්ෂිතා සමරවිකම 35, නිලක්ෂි ද සිල්වා 14, හසිනි පෙරේරා 13, නෂ්රා සන්ධු 17/3)

පකිස්තානු කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 121 යි – (මුනිබා අලී 18, බිස්මා මරූෆ් 42, ඉනෝකා රණවීර 17/2)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest