slc
Home   |    News
ඔක්තෝබර් 1, 2022
ආසියානු කුසලානේ ශ්‍රී ලංකාව හමුවේ ඉන්දීය අපරාජිත වාර්තාව අද බිඳ වැටෙයිද…?

sinhala editor

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව සිය පළමු සටන අද (01 දා) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කාන්තා පිලට ආරාධනා කර සිටියාය.

සෙලෙට් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නියන් ලෙසින් මල්ෂා ෂෙහානි සහ අචිනි කුලසූරිය සමඟ අවතීර්ණව සිටියි. මෙවර තරගාවලියේ වැඩිම පන්දු යවන්නියක් සංඛ්‍යාවක් සිටින කන්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා පිල තුළ දඟ පන්දු යැවීමේ හැකියාවැති ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සමන්විත වීම අතිරේක වාසියකි.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම සිය අපරාජිත භාවය ආරක්ෂා කර ගැනීමට ඉන්දියාව සමත්ව සිටින බැවින් අද තරගය ජය ගතහොත් එම අපරාජිත වාර්තාව බිඳ දැමීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජෙමයිමා රොඩ්‍රිගස්ව යළි කැඳවීමට ඉන්දීය තේරීම්වල තීරණය වී තිබේ. රොඩ්‍රිගස්ට පසුගියදා නිමාවට පත් වුණු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අහිමිවූ නමුදු, ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී පිතිකාරිණියක් ලෙස දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඇයට යලි කණ්ඩායමේ ස්ථානය හිමිවීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්සිතා සමරවික්‍රම, නිලක්ෂිත ද සිල්වා, අනුස්කා සංජීවනී, කවීෂා දිල්හාරි, සුගන්ධිකා කුමාරි, මල්ෂා ෂෙහානි, ‌ඔෂධී රණසිංහ, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය.

ඉන්දියාව – ස්මිත්‍රි මන්දනා, ශෆාලි වර්මා, ජෙමයිමා රොඩ්‍රිගස්, හර්මන්ප්‍රීට් කෞර් (නායිකා), රීෂා ඝෝෂ්, හේමලතා, පූජා වස්ත්‍රකාර්, දීප්ති ෂර්මා, ස්නේහා රානා, රාධා යාදව්, රෙුණුකා සිං.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest