slc
Home   |    News
ඔක්තෝබර් 12, 2022
ශ්‍ර්‍රී ලංකා කාන්තාවෝ අවසන් පූර්ව ගැටමේදී යළි පාකිස්තානය මුණ ගැසෙති

sinhala editor

ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පවත්වනු ලබන අවසන් පූර්ව තරග දෙක (හෙට 13 දා) බංග්ලාදේශයේදී සිලෙට්හි පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකා පිල නැවතත් පාකිස්තානුට පිල එරෙහිව ප.ව. 1.30 ට තරග වැදීමට නියමිතව සිටිති.

මූලික වටය යටතේ දෙපිළ මුණ ගැසුණු තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජයට පත් කිරීමට පාකිස්තානු කාන්තා කණ්ඩායම සමත් වුවත් එය අවසන් පූර්ව තරගයෙහි ප්‍රතිවාදීන් තීරණය කිරීම වෙනුවෙන් කිසිදු බලපෑමක් සිදු නොවීය. හෙට දිනයේ පළමු තරගය ලෙස ඉන්දීය කාන්තා පිලත් තායිවානු කාන්තා පිලත් පෙ.ව. 9.00 ට තරග වදින අතර මොවුන්ගෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ජය ගනු ලබන කණ්ඩායම සමඟ ආසියානු අවසන් මහ සටනේදී උරෙනුර ගැටෙනු ඇත.

මෙම අවසන් පූර්ව තරගයට පෙර ඊයේ (11 දා) පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකාරිණී හසිනි පෙරේරා සඳහන් කර සිටියේ හොද ආරම්භයක් ලබා ගැනීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණත් ලකුනු 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් රැස් කර ගැනීමේ අවස්ථාව අහිමිවූ බවයි. කෙසේ වෙතත් එම තරගෙය්දී සිදුවූ අඩුපාඩු මොනවාද යන්න සොයා බලා නිවැරදි කර ගනිමින් අවසන් පූර්ව තරගයට හොදින් අවතීර්ණවීමට බලාපොරොත්තු වන බවද හසිනි වැඩිදුරටත් සදහන් කර සිටියාය.

“පවර් ප්ලේ එකේදි අපි හොද ආරම්භයක් ලබා ගත්තා. නමුත් අපිට එය දිගින් දිගටම රඳවා ගැනීමට නොහැකි වුණා. අපිට මීට වඩා හොද ලකුණු සංඛ්‍යාවක්, විශේෂයෙන්ම ලකුනු 20 ක් 30 ක් විතර ලබා ගැනීමට නොහැකි වුවා. නමුත් අපිට හොඳ දඟ පන්දු බල ඇණියක් සිටින නිසා ලබාගත් ලකුණු සංඛ්‍යාව පිළිබඳව විශ්වාසයක් තිබුණා. අපි අපේ උපරිමය උත්සාහ කළා. නමුත් හිතුවට වඩා ලකුණු 20 ක් 25 ක් මදි වුණා” යැයි පවසන හසිනි, “අපි මේ තරගයේදී සිදුවුණු අඩුපාඩු මොනව දියලා බලාගෙන ඉදිරි තරගයේදී ඒ සියල්ල නිවැරදි කරගෙන අවසන් මහ තරගයේදී හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා” යිද වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

මූලික වටය යටතේදී පාකිස්තානු පිලට එරෙහි තරගය හැරුණු විට කණ්ඩායමේ සිටින ප්‍රබලම පිතිකාරිණිය වන චමරි අතපත්තු ලකුණු අතරට පිවිසීමට සමත්වීම ශ්‍රී ලංකා කඳවුරට සැනසිල්ලක් ගෙන දෙන්නක් වී තිබේ. එක් අයෙකුට නොදෙවැනි දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා කාන්තා පිල සතු වුවත් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව වන්නේ පීඩන අවස්ථාවන්හිදී කඩුලු පිට කඩුලු දැවී යෑම වළකා ගැනීමට නොහැකිවීම වේ. එබැවින් හෙට දිනයේදී එම අඩුපාඩුව මඟ හරවාගනිමින් තරග වැදීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුවහොත් අවසන් මහ තරග වරම දිනා ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවනු ඇත.

එසේ වුවහොත් 2012 වසරෙන් පසු පළවා වතාවට අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. වසර 18 කට ඉතිහාසයකට උරුමකම් කියන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එකම වතාවක් හෝ ශූරතා කුසලාන දිනා නොමැති නමුත් සිව් වතාවක් අනුශූරතාව හිමිකරගෙන සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරෙන් පසු මේ වන තෙක් අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා නොමැත. මෙතෙක් වත්වා ඇති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි 7 න් 6 කම ශූරතාව ඉන්දියාව දිනා ගැනීමට සමත්වද්දී බංග්ලාදේශ කාන්තාවෝ එක් වතාවක් ශූරතා කුසලාන දිනාගෙන තිබේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest