slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2022
සමාරම්භක තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

sinhala editor

බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඉන්දියානු පිල හමුවේ ලකුණු 41 ක පරාජයක් අත් විඳීමට අද (01 දා) පස්වරුවේ සිදුවූහ.

ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු 150 ක් රැස් ක නමුදු එය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 18 කුත් පන්දු 2 කදී සියලු‌ දෙනා දැවී ලකුණු 109 ක් පමණි.

ශ්‍රී ලංකා පිල යළිත් වරක් මෙම තරගයේදී පිතිකරණ ලැයිස්තුවේ සංශෝධනයක් සිදුකරමින් අවතීර්ණ වූ නමුත් එක පිට කඩුලු වැටී යෑමට විසඳුමක් ලබා දීමට ඊට නොහැකි විය. ඉනිමේ වැඩිම ලකුණු හිමිකාරිනිය වූයේ හසිනි පෙරේරා  වන අතර ඇය පන්දු 32 කදී ලකුණු 30 ක්ද ආරම්භක පිතිකාරිණිය දක්වා උසස්වීම් ලද හර්ෂිතා සමරවික්‍රම පන්දු 20 කදී ලකුණු 26 ක් වශයෙන් ඉනිමේ ලකුණු 25 සීමාව පසු කරන ලද පිතිකරුවන් දෙදෙනා බවට පත්වූහ.

මුලු කුණු සංඛ්‍යාව 25 දී චමරි අතපත්තු ලකුණු 05 කට දැවී ගිය නමුත් හර්ෂිතා සිය ආක්‍රමනකාරී පිතිකරණ රටාවේ නිරත විය. මීට දින කීපයකට ඉහතදී එංගලන්ත පිලට එරෙහිව ලෝඩ්ස් පිටියේ පැවැති තරගයේදී දක්ෂම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලද රේණුකා සිං යැවූ ආරම්භක පන්දුවාරයේදී හතරේ පහර 3 කින් සංග්‍රහකරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හර්ෂිතා සමත් වුවත්, මන්ධනාගේ දක්ෂ පන්දු යොමු කිරීම නිසා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගියාය.

අනතුරුව අංක 3 ස්ථානයෙන් පැමිණි මල්ෂා ෂෙහානිත් ලකුණු 09 ක් ලබා සිටියදී දැවී යද්දී ශ්‍රී ලංකා ආරම්භය ව්‍යාකූලත්වයකට පත්විණ. හර්ෂිතාගේ දැවී යෑමත් මැද පෙළින් බලාපොරොත්තු තබා සිටින පිතිකාරිණියක් දෙදෙනා වන නිලක්ෂිද සිල්වා සහ කවීෂා දිල්හාරි දෙදෙනාම දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 11 වැනි පන්දුවාරයේදී ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 5 කට ලකුණු 61 ක් ලෙසිනි.

ඉන්දීය කණ්ඩායමේ අංක 3 පිතිකාරිණී ජෙමීමා රොඩ්‍රිගස් පන්දු 53 කදී රැස් කරන ලද ලකුණු 76 ක ඉනිම ශ්‍රී ලංකා පරාජ‌යට හේතුවුණු ප්‍රධානම දක්ෂතාව බවට පත්විය.

ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මා මුලු ලකුණු සංඛ්‍යාව 23 කදී නැවත ක්‍රීඩාගාරය වෙත යැවීමට ඔ්ෂධී රණසිංහ සහ සුගන්දිකා කුමාරි සමත් වුවද ඉන්දීය නායිකාව වූ හර්මන්ප්‍රීට් කෝර්ට එක්වූ රොඩ්‍රිගස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ‌ගොඩනැංවමින් ආරම්භයේ ශ්‍රී ලංකා පිල සතු වූ වාසිය ක්‍රම ක්‍රමයෙන් ඉන්දියාව වෙත රැගෙන ගියහ.

හයේ පහරක් සහ හතරේ පහර 11 කින් සමන්විත වුණු රොඩ්‍රිගස්ගේ ඉනිම, විස්සයි-20 තරගයකදී එය ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම ලෙසින්ද සටහන් විය. ඉක්මනින් කඩුලු 2 ක් දැවී යෑම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළත ඉන්දියානුවන්ට රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අවස්ථාව ලබා දී තිබුණේ ලකුණු 33 ක් පමණි. එහෙත් මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව නිසා 16 වැනි පන්දුවාරය වන විට ලකුණු 115 ක් දක්වා ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට සමත්විය.

මෙහිදී කෝර්ගේ දායකත්වය පන්දු 30 කදී ලකුණු 33 ක් වුවත් එහි වටිනා කම කියා නිම කළ නොහැකි. කෝර්ගේ දැවී යන විටත් ඉන්දීය පිලට ක්‍රීඩා කිරීම සදහා පන්දු 25 ක් ඉතිරිව තිබුණු අතර ඉන් ලකුණු 35 ක් ලකුණු පුවරුවට එක් කර ගැනීමට මැද පෙළ පිතිකාරිණියෝ සමත්වූහ.

දක්ෂතම ක්‍රීඩිකාව – ජෙමීමා රෙඩ්‍රිගස්

ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 150 යි – (ජෙමීමා රොඩ්‍රිගස් 76, හර්මන්ප්‍රීට් කෝර් 33, ශෆාලි වර්මා 10, දයලාන්  හේමලතා නොදැවී 13, ඔ්ෂධී රණසිංහ 32/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී ලකුණු 109 යි – (හසිනි පෙරේරා 30, හර්ෂිතා සමරවික්‍රම 26, ඔ්ෂධී රණසිංහ 11, දයාලාන් හේමලතා 15/3, දීප්ති ෂර්මා 15/2, පූජා වස්ත්‍රකාර් 12/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]
  • ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි
    සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල […]
  • දිමුත්ට ගාලු පිටියේදී ගෞරවනීය උපහාර පිදීමක්
    පුරා වසර 13ක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් බිමේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee