slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2022
තරගාවලියේ වීරයා තෝරන නමදෙනාගේ ලැයිස්තුවට වනිඳුගේ නමත්

sinhala editor

වනිඳුව තරගාවලියේ වීරයා කරන්න ඔබටත් අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ කියාත්මක පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයා කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ පා දඟ පන්දු යවන වනිඳු හසරංගද එක්ව සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට  පත් කරන ලද 9 දෙනෙකුගෙන් යුත් එම ක්‍රීඩකයින් අතරින් දක්ෂතම ක්‍රීඩකයා තේරීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසා දීම වි‌ශේෂත්වයක් වී තිබේ.

කණ්ඩායම් 16 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරැළිකාර ජයග්‍රහණය සහ විශිෂ්ඨ දක්ෂතා අතරින් මේ වන විටත් අවසන් මහ තරගය සඳහා පාකිස්තානයත්, එංගලන්තයත් සුදුසුකම් ලබා සිටිති. එම අවසන් මහ තරගය නොවැම්බර් මස 13 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී, තරගාවලියේ සුවිශේෂී දක්ෂතා දැක්වූ 9 දෙනෙකු තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍රවීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

මේ සදහා නම් කර ඇති සියලුම ක්‍රීඩකයින් ඔවු නොවුන්ගේ කණ්ඩායම්වල ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම උරදුන් ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති. ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා බවට පත්ව සිටින වනිදු හසරංගට අමතරව අවසන් මහ තරග වරම දිනා සිටින එංගලන්ත කණ්ඩායමෙන් ක්‍රීඩකයින් තිදෙනකුත්, ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන පාකිස්තානු කණ්ඩායමෙන් ක්‍රීඩකයින් දෙදෙනකුත් එම ලැයිස්තුවට ඇතුළත්වීමට සමත් ව සිටිද්දී ඉන්දියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනකුත් සහ සිම්බාබ්වේ කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුද කෙටි ලැයිස්තුගත කරන ලද ක්‍රීඩකයින් අතරට සුදුසුකම් ලබා සිටිති.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සතරග 8 කට සහභාගිව ඇති වනිඳු හසරංග කඩුලු 15 ක් දවා ගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේය. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 13.26 ක් රඳවාගෙන සිටින 25 හැවිරිදි දකුණත් පා දඟ පන්දු යවන්නා පන්දුවාරයකට ලබාදී ඇත්තේ 6.41 ක තරම් අවම අගයක් වේ. අවසන් වරට එක්ස්ත අරාබි එමීර් රාජ්‍යයේ පැවැති පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේද වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා බවට පත් වුණු වනිඳුට මෙවර තරගාවලියේදී එම සම්මානය දිනා ගැනීම සඳහා හොද අවස්ථාවක් පවතියි.

වනිදුට අමතරව එංගලන්ත කණ්ඩායමේ නායක ජොස් බට්ලර්, අලෙක්ස් හේල්ස්, සෑම් කරන්, පාකිස්තානු පිලෙන් ශදාබ් ඛාන් සහ ශහීන් අෆ්රිඩි, ඉන්දියාවෙන් විරාත් කෝලි සහ සූර්යකුමාර් යාදව් සහ සිම්බාබ්වෙන් සිකන්දර් රාසා දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සඳහා පාත්‍රව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

ඒ අනුව පහතින් දැක්වෙන අන්තර්ජාල පිවිසුම ඔස්සේ වනිඳුව තරගාවලියේ වීරයා බවට පත් කිරීමට ඔබටත් දායකත්වය දැක්විය හැක.

https://www.icc-cricket.com/awards/player-of-the-tou%20ament

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee