slc
Home   |    News
නොවැම්බර් 23, 2022
දක්ෂතම පිතිකරුවා වූ පසිඳු සූරියබණ්ඩාරගේ අනාගත සිහිනය

sinhala editor

ලොව හිටපු සුපිරි පිතිකරුවකු මෙන්ම ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර ආදර්ශයට ගනිමින්, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්ව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බවට පත්වීම තම අරමුණ යැයි මේජර් ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙසින් පිදුම් ලද පසිඳු සූරියබණ්ඩාර සඳහන් කර සිටියි.

පසිඳු සූරියබණ්ඩාර මුවර්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර මේජර් ලීග් තුන්දින තරගාවලියේ දී ශතක හතරක් අර්ධ ශතක හතරක් සමග ලකුණු දහස ඉක්මවූයේ ඉනිම 15ක ට මුහුණ දෙමිනි.

තමාට ලකුණු දහස ඉක්මවීමට අවස්ථාව උදාවූයේ සති 13ක් වැනි දීර්ඝ කාලයක් තුළ සංවිධානය කෙරුනු මේජර් ලීග් තරගාවලිය මත යැයි පවසන පසිඳු සූරියබණ්ඩාර මේ තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ස්තූතිය පුද කර සිටියේය.

දක්ෂ පිතිකරුවකු වීමට අවස්ථා උදා වූ හේතූන් කිහිපයක් ම පසිඳු හුවා දක්වයි.  දිනපතා නිරතුරුව පුහුණුව ලැබීම, කැපවීම ‌ජ්‍යෙෂ්ඨයනගේ උපදෙස්වලට ගරු කිරීම සහ ඉවසීම එයින් කිහිපයකි.  තිළිණ කන්දම්බි, ජෙහාන් මුබාරක් රාජකීය විදුහලේදීත් පසුව එස්. එස්. සී., මුවර්ස් සහ ජාතික සංචිතයන්හි පුහුණුකරුවන් ද තමාට දක්ෂ පිතිකරුවකුවීමට අවස්ථාව සැලසූ බව පසිඳු සූරියබණ්ඩාර කෘතවේදීව සිහිපත් කළේය.

මේජර් ලීග් තරගාවලියේ දී පසිඳු සූරියබණ්ඩාර සිව් වතාවක්ම නොදැවී සිටීමට සමත් වී ඇත.  23 හැවිරිදි පසිඳු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නිත්‍ය අංක හතර ස්ථානයේ වසර තුනක්ම ක්‍රීඩාකර දස්කම් පෙන්වීමට සමත්ව ඇත.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest