slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2022
ප්‍රධානතම කාන්තා විස්සයි-20 තරගාවලිය ‌දෙසැම්බර් 02 දා ඇරඹෙයි

sinhala editor

මෙරට ජාතික සහ ක්‍රීඩා සමාජ තරගාවලියන්හි දක්ෂතම ක්‍රීඩිකාවන් තරග වදිනු ලබන දේශීය කාන්තා ක්‍රිකට් තරගාවලියෙහි ඉහළම මට්ටමේ විස්සයි-20 තරගාවලිය වන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර විස්සයි-20 තරගාවලිය දෙසැම්බර් මස 02 වැනිදා කොළඹදී ආරම්භ වේ.

මෙම තරගාවලිය ඇරඹීමට පෙර මෙම තරගාවලියේම එක්දින තරගාවලිය ඉකුත් නොවැම්බර් 25 වැනිදා නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් කණ්ඩායමට ශූරතාව දිනා දෙමින් නිමාවට පත් විය. එම තරගාවලියේ අනුශූරියන් බවට පත්වූවේය හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායමයි.

එම තරගාවලියම පරිදි විස්සයි-20 තරගාවලියද කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෙම තරගාවලියේ මූලික වටයේ තරග ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වෙන අතර, බ්ලූම්ෆීල්ඩ්, බී.ආර්.සී. සහ කෝල්ට්ස් යන ක්‍රීඩාංගණ එම ක්‍රීඩාංගණ වෙති. ලීග් ක්‍රමයට පවත්වනු ලබන මූලික වටයේ තරග අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 2 ලබන 09 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබනු ඇත.

ශූරියන් බවට පත්වන කණ්ඩායමට ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් ලක්ෂ 5 ක්ද අනුශූරතාවට පත් වන කණ්ඩායමට ලක්ෂ 3 ක මුදලක්ද පිරිනැමෙනු ඇත. මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් අභිෂේක ලබන්නියට කුසලාන සමග මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. දක්ෂතම පිතිකාරිණිය, දක්ෂතම පන්දු යවන්නිය සදහා කුසලාන සමග රුපියල් 75,000 බැගින්ද අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා කුසලානයට අමතරව රු. 50,000 ක මුදලක්ද ලබා දීමට පියවර ගෙන තිබේ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar