slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2022
බාලිකාවියන්ගේ අවසන් මහ තරග බලාපොරොත්තු බිඳ වැටෙයි

sinhala editor

සිව්කොන් තරගාවලියටක සහභාගිවීම සඳහා ඉන්දියාවට ගොස් සිටින වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම මූලික තරග වටය යටතේ සහභාගිවුණු තෙවැනි තරගයෙන් ඉන්දීය ‘ඒ’ පිල හමුවේ ලකුණු 77 ක පරාජයකට මුහුණ දුන්නේය. මෙම තරග පරාජයත් සමඟ ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තබා තිබූ බලාපොරොත්තුද සුනු විසුණු විය.

විසාග්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 175 ක් රැස් කිරීමට සමත්වූවේය. ඉන්දීය ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නියැළුණු ආරම්භක පිතිකාරිණියෝ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුනු 116 ක් එක් කළේ පන්දු 82 ක් පමණක් වැය කරමිනි.

ඒ වෙනුවෙන් නායිකා සෙර්වාට් පන්දු 46 ක් තුළ හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමග ලකුණු 68 ක් ලබා ගත්තාය.

ලකුණු 176 ක අභියෝගාත්මක ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දවා ගැනීමට සමත්වූවේය ලකුණු 98 ක් පමණි.

අද තරගයේදීද සාර්ථකත්වයට පත්වූයේ තුන් ඉරියව් ක්‍රීඩිකා මනුදි නානායක්කාර පන්දු 27 ක් තුළ වේගවත් ලකුණු 35 ක් ලබා ගත්තාය. ජාත්‍යන්තර අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පිලේ නායිකාව වන විශ්මි ගුණරත්න අද තරගයේදීත් ලකුණු 18 කට දැවී ගිය නමුත් නවක ක්‍රීඩිකාවක් වූ මනුදි නානායක්කාර සමස්ථ තරගාවලියේදීම කැපී පෙනෙන දස්කම් දැක්වූවාය.

ඉන්දියාව පන්දුවාර 2- කදී කඩුලු 1 ට ලකුණ් 175 යි – (ශ්වේා සෙර්වාට් 68, සෞම්‍යා තිවාරි 65, සෝනියා මෙන්දියා (නොදැවී) 34, මනුදි නානායක්කාර 43/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු9 ක් දැවී ලකුණු 98 යි – (මනුදි නානායක්කාර 35, විශ්මි ගුණරත්න 18, නෙත්මි සේනාරත්න 14. විහාරා සෙව්වනිදි 13. සෝනම් යාදව් 13/3, අර්චනා දේවි 16/3)

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar