slc
Home   |    News
නොවැම්බර් 3, 2022
ලීග් තරගාවලියේ අවසන් සති දෙකේ උණුසුම් මුහුණුවරක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය නිමාවීමට තවත් සති දෙකක පමණ කාලයක් තිබියදී පෙරමුණේ පසුවන සීසීසී හා ටැමිල් යූනියන් කණ්ඩායම් වලට දෙවැනි ස්ථානවල සිටින මුවර්ස් හා යුද හමුදා කණ්ඩායම්වලින් එල්ලවන තර්ජනය කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමු වෙමින් පවතී.

පසුගිය තරග කිහිපයකට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි බාධා එල්ල වූ පසුබිමක තරගාවලියේ අවසන් තරග කිහිපයට පිවිසීම කාගේත් අවධානය වැඩිවීමට තවත් හේතුවකි. මෙම අවසන් තරග කිහිපයේදී සෑම කණ්ඩායමක්ම තම උපරිම දක්ෂතා ප්‍රදර්ශනය කොට ඉහළට ඒමට දරණ උත්සහය නිසාම තරගාවලියට නව ජීවයක් ලැබෙනු ඇත.

කෙසේ වුවද ‘ඒ‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින කොළඹ ක්‍රිකට් සමාජය තරග 10කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 137. 300ක් ලබා ඇති හෙයින් දෙවැනි ස්ථානයේ සිටින මුවර්ස් ක්‍රීඩා සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීම අසිරුවී තිබේ.

මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 10කදී ජයග්‍රහණ 4ක් වාර්තා කොට තරග දෙකක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 105. 005ක් ලබා ඇති හෙයින් ඉතිරි තරග දෙකේම සම්පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුවද පෙරමුණ ගැනීම අපහසුය. මුවර්ස් සමග ආසන්නයේ තෙවැනි ස්ථානයේ සිටින සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 103. 235ක් ලබා ඇත්තේ තරග 10කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කිරීම හේතුවෙනි.

හෙට (4) ආරම්භ වන තරග වටයේදී පෙරමුණේ සිටින සීසීසී පිලට ඔවුන්ට සුපුරුදු සීසීසී පිටියේදී පොලිස් ක්‍රීඩා සමාජය හමුවන අතර, මුවර්ස් පිලට ඔවුන්ගේම බ්‍රේබෘක් ක්‍රීඩා පිටියේදී සෙබස්තියනයිට්ස් හමුවේ. සිංහල ක්‍රීඩා සමාජයට ගාල්ලේදී ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජය අද මුණ ගැසේ.

‘බී‘ කාණ්ඩයේ කණ්ඩායම් 13ක් අතුරින් පෙරමුණට පත්ව සිටින ද්‍රවිඩ සංගම් ක්‍රිකට් සමාජය තරග 10කදී ජයග්‍රහණ 5ක් වාර්තා කොට තරගයක් පරාජය වී ලකුණු 132. 480ක් ලබා සිටින හෙයින් දෙවැනි ස්ථානයට පත්ව සිටින යුද හමුදා ක්‍රීඩා සමාජයට ප්‍රබල බලපෑමක් එල්ල කිරීම අසීරුවන බව පෙනේ. යුද හමුදාව තරග 11කදී ජයග්‍රහණ 2ක් වාර්තා කොට තරගයක් විසදුමකින් තොරව නිමා කොට ලකුණු 104. 675ක් ලබා ඇත. තෙවැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ලකුණු 94. 380ක් ලබා ඇත්තේ තරග 11කදී ජයග්‍රහණයක් වාර්තා කොට තරග 3ක් විසදුමකින් තොරව කිමා කරමිනි.

එබැවින් යුද හමුදාව හා මේරියන්ස් අතර ප්‍රසාද ලකුණු සටහනේ පරතරයද සැලකිය යුතු තරම් විශාල පරතරයකි. අද (4) ආරම්භ වන තරග වටයේදී පෙරමුණේ සිටින ද්‍රවිඩ සංගම් පිලට පානදුර පිටියේදී පානදුර ක්‍රීඩා සමාජය හමුවන අතර,යුද හමුදා ක්‍රීඩා සමාජයට කටුනායකදී ගුවන් හමුදා පිල හමුවේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest