slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2022
වනිඳු හසරංග යළිත් අංක 1 පන්දු යවන්නා වෙයි

sinhala editor

ලොව විස්සයි-20 පන්දු යවන්නන් අතර යළිත් අංක එකේ පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ පා දඟ පන්දු යවන වනිඳු හසරංග සමත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් එතෙක් කලක් අංක 1 පන්දු යවන්නා බවට පත්ව සිටි ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන් දෙවැනි තැනට ඇද දැමීමට වනිඳු සමත්ව සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 15 ක් දවා ගැනීමට හසරංග සමත්වූවේය. 2021 වසරේදීද ලොව අංක 1 විස්සයි-20 පන්දු යවන්නා බවට පත් වූ හසරංග යළිත් පළමු ස්ථානයට පැමිණි දෙවැනි අවස්ථාව ලෙස මෙය සනිටුහන් වේ.

අන්තර්ජාතික ක්‍රීකට් සභාව විසින් සිදුකරන ලද නවතම යාවත්කාලීනයට අනුව හසරංග ප්‍රසාද ලකුණු 704 ක් ලබා සිටින අතර ඔහුට පසුසින් සිටින රශීඩ් ඛාන් ප්‍රසාද ලකුණු 698 ක් ලබා සිටියි. වනිදු අමතරව මහීෂ් තීක්ෂණ 10 වැනි ස්ථානයේ පසුවන්නේය.

ගෙවී ගිය වසර 3 ක කාලය ඇතුළත විස්සයි-20 තරග 52 කට සහභාගිව ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 86 කි. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 14.48 ක් ලෙස සටහන් වද්දී පන්දුවාරයකට ලබා දී ඇත්තේ 6.67 ක තරම් අවම අගයක පවතියි.

25 වැනි වියේ පසුවන වනිඳු හසරංග ලොව තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 8 වැනි ස්ථානයේ පසුවන්නේය. මේ අතර ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක දක්ෂතම පිතිකරුවන් අතර 10 වැනි ස්ථානයේ පසුවන්නේය.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee