slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2022
ටැමිල් යූනියන් අභියෝගයට පිළිතුරු දීම සීසීසී අරඹයි

sinhala editor













අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ ඉනිමකදී වාර්තා කළ වැඩිම දෙවැනි ලකුණු ප්‍රමාණය වාර්තා කළ අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය (ටැමිල් යූනියන්) අද (18) කොළඹ ක්‍රිකට් සමාජයට (සීසීසී) එරෙහි අවසන් මහා තරගයේදී පළමු ඉනිමට ලකුණු 558ක් වාර්තා කළේය. දෙවැනි දිනයේදී එල්ල වූ එම අභියෝගයට මුහුණ දෙමින් සිටින කොළඹ ක්‍රිකට් සමාජය දිනය නිමා වෙද්දී කඩුලු 2ක් චැවී ලකුණු 149ක් ලබා සිටී.

හෙට දිනය (19) මෙම අවසන් තරගයේ අවසන් දිනය වන හෙයින් පළමු ඉනිමේ ලකුණු පරතරය පියවා ගැනීමට කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 409ක් ලබාගත යුතුව ඇත.

කොළඹ ක්‍රිකට් සමාජයට ලැබී ඇති ඉලක්කයට සාර්ථක පිළිතුරක් ලබාදෙන මිනොද් භානුක පන්දු 74කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග නොදැවී ලකුණු 72ක් ලබා සිටී. එමෙන්ම අද (18) දිනය නිමා වෙද්දී කමිදු මෙන්ඩිස් පන්දු 40කදී හතරේ පහර 7ක් සමග නොදැවී ලකුණු 31ක් ලබා සිටී.

මෙවර අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග 12කදී ඉනිම 18කට ක්‍රීඩා කොට ඇති මිනෝද් භානුක ලකුණු 853ක් රැස්කර සිටින අතර එයට ශතක 2ක් හා අර්ධ ශතක 6ක් ඇතුලත් කර ඇත. මිනෝද් මෙවර තරගවාරයේදී ඉනිමක ලබාගත් වැඩිම ලකුණු ගණන මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 118කි. එබැවින් ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට සාර්ථක පිළිතුරක් ලබාදීමේ ප්‍රමුඛ කාර්යභාරයක් මිනෝද් භානුකගෙන් අපේක්ෂා කෙරේ.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය (ටැමිල් යූනියන්) පෙරේදා (17) පළමු දිනය නිමාවෙද්දී තඩුලු 5කට ලකුණු 356ක් ලබා සිටි අතර තවදුරටත් ඉනිම ගොඩනැගීමට ඉසුරු උදානගේ ප්‍රහාරය ඉවහල් විය. උදාන පන්දු 72කදී හයේ 3ක් හා හතරේ 8ක් සමග ලකුණු 88ක් ලබා ගැනීමෙන් ඉසුරු උදාන තම කණ්ඩායමේ බලාපොරොත්තු ඉහල නැංවීය. දිලුම් සුධීර ලකුණු 32ක්, රවිදු ප්‍රනාන්දු ලකුනු 45ක් හා කවිදු පතිරණ ලකුණු 45ක් ලබා ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ ඉනිම ගොඩ නැගූහ.

ටැමිල් යූනියන් පිලේ සධීර සමරවික්‍රම පළමු දිනයේ ලබාගත් ලකුණු 188 ඉනිමට දැවැන්ත අඩිතාලමක් විය. ආරම්භක පිතිකරු සධීර පන්දු 243කදී හතරේ 18ක් හා හයේ පහරක් එල්ල කළ අතර ඔහු සමග පිටියට පිවිසි නවෝද් පරණවිතාන ලකුණු 54ක් රැස් කළේය. 

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ලකුණු 558යි (135.2) - සධීර සමරවික්‍රම 188, නවෝද් පරණවිතාන 54, රොන් චන්ද්‍රෙස්කර 48, දිලුම් සුධීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46 ( මලින්ද පුෂ්පකුමාර 133/1, විශ්ව ප්‍රනාන්දු 102/4, චමින්දු විජේසිංහ 82/1, ලකුෂාන් සඳකැන් 128/4)

කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු 2කට ලකුණු 149 (29) - නිමේස් ගුණසිංහ 33, මිනෝද් භානුක නොදැවී 72, කමිඳු මෙන්ඩිස් නොදැවී 31 ( ශිරාන් ප්‍රනාන්දු 35/1, කවිඳු පතිරත්න 36/1) 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee