slc
logo
Home   |    News
දෙසැම්බර් 10, 2022
අපරාජිතයෝ තීරණය කෙරෙන තරගයේ වනිඳුලා පන්දු යවයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

හම්බන්තොට පැවැති තරග වලින් අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග ආරම්භ කරමින් අද (10 දා) පැවැත්වෙන අපරාජිතයින්ගේ සටහන හෙවත් කැන්ඩි ෆැල්කන්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි ෆැල්කන්ස් නායක වනිඳු හසරංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු රූපවාහිනිය හමුවේ අදහස් දක්වා සිටි ෆැල්කන්ස් නායකයා, වැසි සහිත කාල ගුණික තත්ත්වයක් යටතේ ලකුණු හඹා යෑමේදී තම කණ්ඩායමට පහසුවක් ගෙන දෙන බැවින් පන්දු යැවීමට තීරණ්‍ය කළ බවයි. මෙහිදී ප්‍රතිවාදී ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා පවා සදහන් කර සිටියේ කාසියේ වාසිය තමන්ට හිමිවූයේ නම් තමන්ද පළමුව පන්දු යැවීම තෝරා ගනු ලබන බවයි.

මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම ඔවුන් තරග වැදි තරග 2 ම ජය ගනිමින් අපරාජිතව පසුවන අතර  අද තරගයේ ප්‍රතිඵලය අනුව අපරාජිතව ඉදිරියට යනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වනු ඇත.

මෙම තරගය සඳහා කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කරන ලද 11 දෙනාම සමඟ අත තරගයට අවතීර්ණ වද්දී ජැෆ්නා කිංග්ස් පිල එක් වෙනස්කමක් කරමින් අවතීර්ණව සිටියි. දඹුල්ල අවුරා සමග තරගයේදී ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවතට ගිය කඩුලු රකින රාමනුල්ලා ගුර්බාස් අද තරගයේදී යළිත් කණ්ඩායමට එකතුව සිටියි. ගුර්බාස් පැමිණීම නිසා කළින් තරගයට ක්‍රීඩා කළ අශාන් රන්දිකට ස්ථානය අහිමිව තිබේ.

කැන්ඩි ෆැල්කන්ස් – 1. පැතුම් නිස්සංක, 2. ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර්, 3. කමිඳු මෙන්ඩිස්, 4. අෂේන් බණ්ඩාර, 5. ෆේබියන් ඇලන්, 6. කාලෝස් බ්‍රැත්වයිට්, 7. වනිදු හසරංග (නායක), 8. චාමිදු විජේසිංහ, 9. ඉසුරු උදාන, 10. සහූර් ඛාන්, 11. අෂේන් ඩැනියෙල්.

ජැෆ්නා කිංග්ස් – 1. සධීර සමිවික්‍රම, 2. අවිශ්ක ප්‍රනාන්දු, 3. රාමනුල්ලා ගුර්බාස්, 4. ධනංජය ද සිල්වා, 5. තිසර පෙරේරා (නායක), 6. ජේම්ස් ෆුලර්, 7. ෂොයෙබ් මලික්, 8. මහීෂ් තීක්ෂණ, 9. වියකාන්ත් වියස්කාන්ත්, 10. දුනිත් වෙල්ලාලගේ, 11. සමන් ඛාන්.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee