slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2022
අපරාජිත බව බිද වැටුණු ජැෆ්නා කිංග්ස්ට අද දඹුල්ල අවුරා හමුවෙයි

sinhala editor

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවතාවක් ශූරතාව දිනා මෙවර තරගාවලියේ අපරාජිතව සිටි ජැෆ්නා කිංග්ස් පිල ඊයේ (10) පැවැති තරගයේදී කැන්ඩි ‌ෆැල්කන්ස් කණ්ඩායම වෙතින් ලද පරාජයෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා පිලට එරෙහිව අද (11) පල්ලේකැලේ පිටියට පිවිසේ.

දඹුල්ල අවුරා පිල තවමත් කිසිදු තරගයක් ජයගෙන නොමැති හෙයින් ජයග්‍රහණ පිපාසයකින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයට පිවිසෙන අතර, මෙම තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි විචාරක මතයවී තිබේ. දඹුල්ල අවුරා හා ජැෆ්නා කිංග්ස් අතර තරගය අද පස්වරු 7. 30ට පැවැත්වීමට නියමිත අතර, තවමත් කිසිදු තරගයක් ජයගෙන නොමැති කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් හා එක් තරගයක් පමණක් ජයගෙන සිටින ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ කලම්බු ස්ටාර්ස් අද (11) පස්වරු 3ට තරග වදිති.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා දඔුල්ල අවුරා අතර මෙතෙක් පැවැති එල්පීඑල් තරග 5කදීම ජයග්‍රහණයක් ලබා ගැනීමට දඔුල්ල අවුරා පිලට නොහැකිවීම විශේෂත්වයකි. එබැවින් අද දිනයේ හෝ එම සිහිනය සැබෑ තර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ පිරිවර ප්‍රබල උත්සහයක නිරත වනු ඇත. ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා දඔුල්ල අවුරා අතර මෙතෙක් පැවැති එල්පීඑල් තරග 5කදී 2020 තරග අදියරේදී එක් තරගයක් විසදුමකින් අවසන්වී ඇති අතර අනෙක් තරග 4ම ජැෆ්නා කිංග්ස් පිල ජයග්‍රහණ වාර්තා කළේය. අවසන් වරට මෙයට දින 4කට පෙර ජැෆ්නා – දඹුල්ල හමුවී කඩුලු 9ක ජයක් ජැෆ්නා කිංග්ස් වාර්තා කළේය.

ගෝල් ග්ලැඩියේටර්ස් හා කලම්බු ස්ටාර්ස් මෙතෙක් එල්පීඑල් ඉතිහාසයේ සිවුවතාවක් හමුවී ඇති අතර එහිදී අවස්ථා 3කදී කලම්බු ස්ටාර්ස් ජයගෙන ඇති අතර ගෝල් ග්ලැඩියේටර්ස් එල්පීඑල් පළමු අදියරේ තරගයකදී කඩුලු 8ක ජයක් වාර්තා කළේය. ගෝල් ග්ලැඩියේටර්ස් ද මෙවර පැවැත්වෙන එල්පීඑල් තරගාවලියේ තවමත් ජයග්‍රහණයක් ලබා නොමැති හෙයින් අද යහපත් ප්‍රථිපලයක් අපේක්ෂාවෙන් තරග බිමට පිවිසේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු කැන්ඩි ෆැල්කන්ස් පිලට ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් ජාතික ඇන්ඩි ෆ්ලෙචර් (133) හිමිකරගෙන සිටින අතර, එම කණ්ඩායමේම පැතුම් නිශ්ශංක (122) දෙවැනි තැන සිටී. මෙතෙක් තෙවැනි තැන සිටි ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ කුසල් මෙන්ඩිස් (65) 7 වැනි තැනට ඇද දමා ඉදිරියට පැමිණි ජැෆ්නා කිංග්ස් පිලේ පැමිණි අවිශ්ක ප්‍රනාන්දු ( 91), එම පිලේම සධීර සමරවික්‍රම (76), දඔුල්ල අවුරා පිලේ එංගලන්ත ජාතික ජෝඩාන් මැතිව්ස් කොක්ස් (72) හා කලම්බු ස්ටාර්ස් පිලේ නිරෝෂන් දික්වැල්ල ( 67) පිළිවෙලින් තෙවැනි ස්ථානය සිට හයවැනි ස්ථානය දක්වා රැදී සිටිති.

සිය පළමු තරගයේදීම කඩුලු 4ක් බිදහෙලූ කැන්ඩි ෆැල්කන්ස් පිලේ වනිදු හසරංග පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසුවන අතර, ඔහු තරග 3කදී කඩුලු 7ක් දවා ගත්තේය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විජේකාන්ත් වියස්කාන්ත් කඩුලු 6ක්, කැන්ඩි ෆැල්කන්ස් පිලේ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ෆේබියන් බැරත්වෙයිට් කඩුලු 5ක් හා ජැෆ්නා කිංග්ස් පිලේ මහීෂ් තීක්ෂණ කඩුලු 5ක් බිදහෙලා සිටිති.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar