slc
Home   |    News
දෙසැම්බර් 18, 2022
අපි හැමෝම ජයග්‍රහණය උදෙසා  සියල්ල   කැප කරනවා –  චාමික

sinhala editor

කැන්ඩි  ෆැල්කන්ස් කණ්ඩායමේ  සාර්ථකත්වයේ  රහස  වනුයේ   ජයග්‍රහණය  උදෙසා  සියලු   ක්‍රීඩකයන්  දැඩි   කැපවීමකින්  එක අරමුණකින් ක්‍රීඩා කිරීම  යැයි   කැන්ඩි  ෆැල්කන්ස්  – කළම්බු   ස්ටාර්ස්   තරගයේ  දක්ෂතම ක්‍රීඩකයා  ලෙස තේරුණු  ජයග්‍රාහී  ෆැල්කන්ස්  කණ්ඩායමේ   වේගපන්දු යවන ක්‍රීඩක  චාමික   කරුණාරත්න තරගයෙන්  පසුව  ප්‍රකාශ  කළේය .

සමබර  දක්ෂ කණ්ඩායමක් ලෙස  හැදින්විය  හැකි  කැන්ඩි   ෆැල්කන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් තුළ    සෑම   තරගයකින්ම  ජය  ගැනීම ට ආසාවක්  ඇතැයි කී  චාමික  කරුණාරත්න එම  අරමුණ කරායාමට තරගයක  ආරම්භයේ සිට  අවසානය   තෙක්    ඔවුන්   සටන්  කරන  බවද  කිය .

ප්‍රබල   කළම්බු  ස්ටාර්ස් කණ්ඩායම   ලකුණු 106 කට  සීමා කිරීමට ලකුණු  11කට කඩුලු හතරක් දවා තමා  දැක්වු  දක්ෂතා යම්    අයුරකින්   දායකවුවත්  සෙසු පන්දු  යවන්නන්වන ඔෂේන්  තෝමස් (20/3) ඉසුරු උදාන  (37/2) සහයත් පන්දු  රකින්නන්ගේ   දක්ෂ  පන්දු රැකීමත්   ජයග්‍රහණයට දායක වු බවද  චාමික  පැවසීය.

ආබාධ මත ටික   දිනකට  තමාට ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදු වුවත් එම  ආබාධ නොතකමින්  වේදනාව  පසෙකලා  කැප විමෙන්    පුහුණුව  ලැබීමෙන්     නැවත ක්‍රීඩාවට   පිවීසීමට   තමාට    අවස්ථාව  උදාවූ  බව   පවසන චාමික  කරුනාරත්න   ඒ වෙනුවෙන්   තමා  තමාටම නීති  රීති පනවාගෙන    ඉලක්ක නම්   කර  ඒවා   ඉටු කරගත්  බවද කීවේය.

“මදක්  සුවය   ලබනවිට  මට   පෙනී  ගියා   සම්පුර්ණ සිරුරේ ශක්තිය   යොදා  බවුන්සර්    පන්දු  යැවීමෙන් සාර්ථක විය හැකි  බව.  ඊටත් පසුව   පන්දුව විවිධාකාරයෙන් වෙනස්  කර  යැවීමටත්  මා   උනන්දු වුවා ඒ සියල්ල  සාර්ථක වීම  තමාලත්  ජයග්‍රහණයක්”  යැයි  චාමික වැඩිදුරටත් පවසයි.

තමා  අනෙක්    ක්‍රීඩකයනට ලබා දෙන     උපදෙසවන්නේ ආබාධ පමණක් නොව  බාධාවන්ද  නොතකා   තම   ජයග්‍රහණය  සදහා  උනන්දුවීමෙන්   සාර්ථකත්වය කරායාමට    උනන්දු වන     ලෙස     යැයිද ඔහු  පැවසීය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest