slc
logo
Home   |    News
දෙසැම්බර් 27, 2022
එල්පීඑල් තරගාවලියෙන් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ලැබුණා

sinhala editor

– තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල

එල්පීඑල් තරගාවලිය තුලින් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ගලා ආ බව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පවසයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය ශක්තියක් වූ බව දොඩන්වෙල මහතා පෙන්වා දේ.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය දෙසැම්බර් 23 වැනිදා රත්‍රියේ නිමාවූ අතර, පිට පිට තෙවැනි වතාවට එහි ශූරතාව දිනාගත් ජැෆ්නා කිංග්ස් පිලට රුපියල් ලක්ෂ 360ක මුදල් ත්‍යාග පිරිනැමුණි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනුශූරයින් ලෙස කළම්බු ස්ටාර්ස් පිල රුපියල් ලක්ෂ 180 ක මුදල් ත්‍යාගයකට හිමිකම් කීය.

පසුගිය 2021 එල්පීඑල් තරගාවලියේ පිරිනැමූ තෑගි මුදලට වඩා වැඩි මුදලක් මෙවර තෑගි වශයෙන් වෙන්කොට තිබූ අතර එහි සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ 585කි.

ජැෆ්නා කිංග්ස් පිලේ සධීර සමරවික්‍රම තරගාවලියේ වීරයා සම්මානය සමග රුපියල් ලක්ෂ 18 ක මුදලක් හා අවසන් මහ තරගයේ වීරයා සම්මානය සමග රුපියල් පන්ලක්ෂ හතළිස් දාහක මුදලක් අවිශ්ක ප්‍රනාන්දු හිමිකර ගත්හ.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (තරග 10කදී අර්ධ ශතක 3ක් සමග ලකුණු 339ක්) ජැෆ්නා කිංග්ස් පිලේ අවිශ්ක ප්‍රනාන්දු ට කොළ පැහැති කැප් තොප්පිය සමග රුපියල් තුන් ලක්ෂ හැට දහසක්, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ( තරග 8කදී ලකුණු 178කට කඩුලු 18) කැන්ඩි ෆැල්කන්ස් පිලේ කාලෝස් බැරත්වෙයිට් ට තැඹිලි පාට කැප් තොප්පිය සමග රුපියල් තුන් ලක්ෂ හැට දහසක්, වැඩිම හයේ පහරවල් (15ක්) එල්ල කළ ජැෆ්නා කිංග්ස් පිලේ රහ්මනුල්ලා ගුරුබාස් ට රුපියල් තුන් ලක්ෂ හැට දහසක් පිරිනැමුණි. එමෙන්ම නැගී එන ක්‍රීඩකයාට සහ තරගාවලියේ දක්ෂතා දක්වන නවක ක්‍රීඩකයකු තෝරා රුපියල් හත් ලක්ෂ විසි දහසක මුදලක් ද පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී මෙයට වඩා සාර්ථක කර ගැනීමට හැකියාව ඇතැයි තරගාවලි අධ්‍යක්ෂවරයා පැවැසීය. මෙවර සහභාගී වූ කණ්ඩායම් 5ට අමතරව තවත් කණ්ඩායමක් තරගාවලියට එක් කිරීමට අවධානය යොමුවී ඇතැයි ද දොඩන්වෙල මහතා සදහන් කළේය.

“ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් ශ්‍රී ලංකා අර්ථිකයට සෘජු විදේශ ආයෝජන ගලා ආවා. ඒ වගේම වක්‍ර ආදායම් ද මේ තරගාවලියෙන් නිර්මාණය වුණා. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය 35ක් පමණ සිටිනවා. එක් තරග අදියරකදී අපට හෝටල් කාමර 150ක් පමණ අවශ්‍යයි. හම්බන්තොට ඒ වගේ තරු පහේ හොටල් කාමර 150ක් අප වෙන් කළා. එයින් කොළඹින් පිට පළාතක හෝටල් කර්මාන්තයට විශාල ශක්තියක් ලැබුණා. මහනුවර හා කොළඹත් ඒ වගේ ප්‍රමාණයක් අවශ්‍ය වුණා. මේ වගේ මාසයකට ආසන්න කාලයක් හෝටල් කාමර වෙන් කර ඒ අයිතිකරුවන්ට හා සේවකයන්ට ශක්තියක් වුණා. ඒ මිලියන ගණන් මුදල් යන්නේ කාටද? අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාවටයි. තරග පවතින දිනවල කෑම බීම සියල්ල ක්‍රීඩාංගණයට වෙන්කර ගත යුතුයි. ඒ අදායමත් ව්‍යාපාරික ප්‍රජාවට. කණ්ඩායම් හිමිකරුවන් ඔවුන්ගේ ඥාතීන් යහලු යෙහෙලියන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට එනවා. මේ තුලින් ඩොලර් මිලියන ගණනක ආදායමක් රටට ගලා එනවා. මේ තරගාවලියේදී වතුර බෝතලයේ සිට තැඹිලි ගෙඩිය දක්වා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් ලැබුණා. මේ වගේ තරගාවලි තුලින් විවිධ ස්ථර වෙත මුදල් ගලා යනවා. එයින් ආර්ථිකය ශක්තිමත් වෙනවා“ සමන්ත දොඩන්වෙල මහතා සදහන් කළේය.

රට තුල ගොඩනැගීමට අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකයට ශක්තියක් වන ආකාරයෙන් මහා පරිමානයෙන් රට තුලට ඩොලර් ගෙන ඒමට හැකි ලංකා T 10 ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජූනි මාසයේදී  දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සූදානම්ව සිටී.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar