slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2022
කලම්බු පැරදවූ ජැෆ්නා කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට

sinhala editor

Chamila Karawita

‌ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය බවට පත් වුණු දෙසැම්බර් 19 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරයෙන් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. මෙම තරග ජය මෙවර තරග වාරයේ ජැෆ්නා පිල ලැබූ 6 වැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

ඒ අනුව ලබන 21 වැනිදා පැවැත්වෙන පලමු අවසන් පූර්ව තරගයේදී ජැෆ්නා කිංග්ස් සහ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග වදිනු ඇත. එම තරග‌යෙන් ජය ගනු ලබන කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නයමිත අවසන් මහ තරගය සදහා සෘජුවම සුදුසුකම ලබන අතර අනෙක් කණ්ඩායම දෙවැනි සහ තෙවැනි කණ්ඩායම් අතර තරගයේ ජය ගනු ලබන කණ්ඩායම සමඟ පැවැත්වෙන ‘එලිමිනේටර්’ තරගය සඳහා සුුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ රටාව අනුව අවසන් මහ තරගයට සුදුසුකම් ලබනුයේ එලිමිනේටර් තරගයේ ජයග්‍රාහකයින්ය.

මූලික වටයේ තරග වැදි තරග 8 න් 3 ක් ජය ගෙන සිටින කලම්බු කිංග්ස් කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින අතර තරගය පවතින්නේ දඹුල්ල අවුරා සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරය. මේ කණ්ඩායම් දෙකෙනුත් අද තරගය ලකුනු 74 කට වඩා වැඩි බරතරයකින් ජය ගතහොත් පමණක් දඹුල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව උදාවනවා විනා සාමාන්‍ය ජයක් ලැබුවහොත් ශුද්ද දල වේගය අනුව ගෝල් ග්ලැඩියේටර්ස් පිල අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

කලම්බු පිතිකරුවන් දක්වනු ලබන දුර්වලතාව මෙම තරගයටද පොදු වූයෙන් ජැෆ්නා ඉලක්කය පන්දුවාර 20 දී ලකුණු 129 ක් ලෙසින් සටහන් විය. එය හඹා යෑමේදී පන්දුවාර 15 කුත් පන්දු 5 ක් පමණක් වැය කළ ජැෆ්නා පිතිකරුවෝ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනැමීය.

මෙම ජයග්‍රහණයේදී වේගවත් පිතිහරඹයක නියැළුණු රාමනුල්ලා ගුර්බාස් පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරෙ පහර 8 ක සමග  ලකුණු 69 ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

කැන්ඩි ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 38 කදී ලකුණු 40 ක් ලබා ගත්තේ තම ඉනිමට හතරේ පහර 3 ක් පමණක් ඇතුළත් කර ගනිමිනි.  වැන්ඩර්සිගේ පන්දුවකට ගුර්බාස් හසුව දැවී යන විටත් අවිශ්ක සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 105 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. ‌මෙය ශතක සම්බන්ධතාවයක් සදහා අවිශ්ක ප්‍රනාන්දු දායකත්වය ලබා දුන් 6 වැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. එමෙන්ම අයි.පී.එල්. තරග ඉතිහාසයේ පිතිකරුවන් යුගයක් වැඩිම වතාවක් (3 වරක්) ලකුණු 100 ඉක්මවා ලබාගෙන ඇත්තේද මොවුන් දෙදෙනා පමණි.

අවිශ්ක අද රැස් කරන ලද ලකුණු 40 ත් සමඟ‌ මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට පැමිණියේය. ඒ සමඟම ඔහුට වැඩිම ලකුනු ලාභියාට පිදෙන ‘කොළ  පැහැති කැප් තොප්පිය’ පැළදීමේ අවස්ථාවද උදාවූවේය. තරග 8 කට ක්‍රීඩා කර ඇති අවිශ්ක මේ දක්වා රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 268 කි. ඉනිමක සාමාන්‍යයෙ 38.28 ක් සටහන් වන අවිශ්ක මෙවර තරග වාරයේදී අර්ධ ශතක 2 ක්ද වාර්තා කිරීමට සමත්ව සිටියි. එම සටහනේ දෙවැනි තැන ඇන්ඩ්‍රෙ ‌ෆ්ලෙචර් (264) සහ තෙවැනි තැන කුසල් මෙන්ඩිස් (235) රැදී සිටිති.

අද තරගය සදහා ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකළ බැවින් කණ්ඩායම මෙහෙයවන ලද්දේ නිරෝෂන් දික්වැල්ල විසිනි. තාවකාලික නායකයා බවට පත් වුවද අද දිනයේදීත් දික්වැල්ල ලකුණු ලබා ගැනීමට පෙරම දැවී ගියේ අවසන් ඉනිම 4 දී දැවී ගිය ආකාරයටම. චන්දිමාල්ද ලකුණු නොලබා දැවී යද්දී අසලංකද ලකුණු 6 කට දැවී ගියේ කලම්බු ලකුණු පුවරුව ලකඩුනු 13 කට කඩුලු 3 ක් ලෙසින් අසරණ තත්ත්වයට පත් කරමින්. කඩා වැටීම නවතාලීම වෙනුවෙන් නිශාන් මදුශ්ක අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණ ලකුණු 35 ක්ද පසු පෙළින් පැමිණි ඩොමිනිකි ඩ්‍රේක්ස් පන්දු 20 කදී රැස් කරන ලද ලකුණු 28 ත් සමඟ ලකුණු 120 ක සීමාව ඔබ්බට කලම්බු ලකුණු පුවරුව ඇදී ගියේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee